
මන්නාරම - තලෙයිමන්නාරම ප්රධාන මාර්ගයේ කිළියන්කුඩියිරුප්පු ප්රදේශයේ අද (24) පස්වරුවේ යුද හමුදා රථයක් අනතුරට ලක්වීමෙන් සෙබළෙකු මියගොස් තිබේ.
ඉන් තවත් 11 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර ඔවුන් පේසාලෛ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා මන්නාරම දිස්ත්රික් මහ රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇත.
තලෙයිමන්නාරමේ සිට මන්නාරම දෙසට ගමන් කරමින් තිබූ යුද හමුදා ඩිෆෙන්ඩර් රථයක් පාලනයෙන් මිදී මාර්ගය අසල තිබූ තල් ගසක ගැටීමෙන් මෙම අනතුරව සිදුව ඇති බව සඳහන්ය.
අනතුරින් ඩිෆෙන්ඩර් රථයට දැඩි හානි සිදුව ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.
මේ අතර මන්නාරම ප්රදේශයේ සංචාරයක නිරත වූ සෞඛ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා, අනතුර සැලවීමත් සමඟම වහාම අදාළ රෝහල් වෙත ගොස් තුවාල ලැබූ සෙබළුන්ගේ තත්ත්වය පිළිබඳව සොයා බැලීමට කටයුතු කළේය.



















































