header logo
Vallibel FD
විශේෂාංග
ඉන්දීය ගුවන් අනතුරින් දිවි බේරාගත් එකම මගියා සිය බිහිසුණු අත්දැකීම ගැන කී දේ
Jun 13, 202504:12 PM
ඉන්දීය ගුවන් අනතුරින් දිවි බේරාගත් එකම මගියා සිය බිහිසුණු අත්දැකීම ගැන කී දේ
Mobitel 1278

දශකයකින් ලෝකයේ වාර්තා වූ දරුණුතම ගුවන් අනතුර පිළිබඳව අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වූ අතර, ඉන් දිවි බේරාගත් එකම ගුවන් මගියා තමා මුහුණදුන් බිහිසුණු අත්දැකීම පළමු වරට මාධ්‍යයට හෙළි කර තිබේ.

මෙලෙස දිවි බේරාගෙන ඇත්තේ, රමේෂ් විශ්වකුමාර් නැමති බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත 40 හැවිරිදි ඉන්දියානුවෙකි.

යානය නික්මි විනාඩියකට අඩු කාලයකදී එහි විශාල පිපිරුම් ශබ්දයක් ද ඇසුණු බවත් තමා යානයෙන් පිටතට විසිවූ ආකාරය පවා නොදන්නා බවත් ඔහු සඳහන් කර තිබේ.

ගුවන් යානයේ 11A දරණ අසුනේ සිටි ඇති ඔහු ආරක්ෂිත පටි ගලවා දමා යානයේ හදිසි දොරටුවෙන් පැන්න බව මුලින් වාර්තා වුණි.

කෙසේ වෙතත් අනතුරින් පස්සේ ඔහු තුවාල සහිතව ඇවිද යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වුණි.

කොහොම නමුත් තමා කිසිවෙකු විසින් ගිලන් රථයකට නංවාගත් අයුරු මතක බවත් සඳහන් කර ඇති රමේෂ් යානයේ සිටි බොහෝ දෙනෙකුගේ මළ සිරුරු දුටු බවත් පවසා තිබේ.

පසුව රමේෂ්ව රෝහල්ගත කර තිබුණු අතර, ඔහුගේ සුවදුක් විමසීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද රෝහල වෙත පැමිණ තිබුණි.

තම අත්දැකීම පිළිබඳ අදහස් පළ කළ රමේෂ්,

"හැමදේම වුණේ මගේ ඇස් ඉදිරිපිට. මට විස්තර කරන්න අමාරුයි. හදිසි පිටවීමේ දොරටුව භාවිත කළේ නෑ. ඒක කැඩිලා තිබුණේ. මගේ ආසනෙත් කැඩිලා තිබුණේ. දොර කැඩුන තැනින් එළියක් දැක්කා. මම එතනින් එළියට ආවා. පිටත් වුණ ගමන්ම වගේ තමා මේක සිද්ධවුණේ. ඒ එක්කම ගිනි ගන්න පටන් ගත්තා. අගමැතිතුමා ඇහුවා හැමදේම හොඳින් ද කියලා. මම මගේ සහෝදරයත් එක්ක මාස 9ක් විතර ඉන්දියාවේ ඉඳලා ලන්ඩන් යන්න තමා ගියේ. ඇත්තටම ඒ අවස්ථාව විස්තර කරන්න බෑ. ඒක ආශ්චර්යයක්."

ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නුවර සිට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ගැට්වික් ගුවන්තොටුපොළ බලා නික්මුණු එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් ගුවන් යානය ඊයේ (12) මෙලෙස අනතුරට ලක්වුණි.

මගීන් 230ක් සහ නියමුවන් දෙදෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු රැගත් මෙම ගුවන් යානය අහමදාබාද් සර්දාර් පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළොන් නික්මී මොහොතකින් අනතුරට ලක්වුණි.

මෙම ගුවන් තොටුපොළේ මෙහෙයුම් සිදුකරනු ලබන්නේ, අගමැති මෝදිගේ ප්‍රබල ආධාරකරුවෙකු වන ගෞතම් අදානිගේ අදානි සමූහය විසිනි.

අනතුරට මුහුණදෙනු ලැබුවේ, එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් බෝයිං 787-8 වර්ගයේ ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයකි.

අමෙරිකානු බෝයිං සමාගමේ බෝයිං 737 යානා අනතුරු කිහිපයකට මුහුණ දුන්නත් 787-8 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ යානයක් මුහුණදුන් පළමු මාරක අනතුර ලෙස සැලකේ.

ෆ්ලයිට් රේඩාර් 24 FLIGHTRADAR 24 ගුවන් ගමන් තොරතුරු දැක්වෙන වෙබ් අඩවියට අනුව එයාර් ඉන්දියා ඩ්‍රීම්ලයිනර් යානය අඩි 625ක පමණ උසකට පමණක් යොමුව තිබුණි.

ඒ අනුව යානය නිමිත ලෙස ඉහළ නැංවීමට නොහැකිව තිබී ඇති අතර, යානය නිකුත් වී විනාඩියක් තුළ එහි නියමුවන් අනතුරු ඇඟවීමේ නැත්නම් ආධාර ඉල්ලීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ.

අනතුර සිදුව ඇත්තේ ඊට ප්‍රතිචාර ලැබීමට පෙරය.

යානය කඩා වැටුණු වෛද්‍ය විද්‍යාල නේවාසිකාගාරයේ ඒ මොහොතේ දිවා ආහාරය ගනිමින් සිටි වෛද්‍ය සිසුන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබුණි.

තවත් 40කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

මේ අනුව ගුවන් අනතුරින් මිය ගිය මුළු සංඛ්‍යාව 246ක් වේ.

ගුවන් යානයේ සිටි මිය ගිය බවට සැලකෙන අය අතර, ගුජරාට් ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිවරයෙකු වූ විජේ රූපානි ද සිටී.

අනතුරට හේතුව මෙතෙක් නිගමනය කර නොමැති අතර, යානයේ කළුපෙට්ටිවල දත්ත පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ දැනගැනීමට හැකිවෙනු ඇත.

යානයේ කළු පෙට්ටි දෙකෙන් එකක් මේ වනවිට සොයාගෙන තිබේ.

කෙසේ වෙතත් යානයේ ලෑන්ඩින් ගියර් (LANDING GEAR) නැත්නම් රෝද අනතුර සිදුවන විටත් එළියට විවෘත වී තිබූ අතර, සාමාන්‍යයෙන් යානය ඉහළට නංවන කොට ඒවා අකුලා ගත යුතුව තිබුණි.

යානයට නියමිත වේගය හෝ ආනතිය ලබාගැනීමට නොහැකිවන හේතූන් කිහිපයක් ගුවන්යානා විශේෂඥයින් පසුව ඉදිරිපත් කර තිබුණි.

කුරුල්ලන් යානයේ ගැටීම, යානයේ කාර්මික දෝෂයක් හෝ නියමුවාගේ අත්වැරැද්දක් නිසාවෙන් ද අනතුර සිදුවන්නට හැකි බව ගුවන්යානා විශේෂඥයින් පවසයි.

නමුත් ගුවන් යානයේ ඉංජින් පද්ධතියේ ඇති වූ කාර්මික දෝෂයක් මෙයට හේතුව බවට ඉන්දීය මාධ්‍ය ඊයේ දින වාර්තා කර තිබුණි.

එහෙත් වසර 11ක් පැරණි මෙම ඩ්‍රීම්ලයිනර් යානයේ නියමුවන් ලෙස කටයුතු කර ඇත්තේ, පැය 8200ක පියාසර පලපුරුද්දක් සහිත කැප්ටන් සුමීට් සබර්වාල් සහ පැය 1,100ක පියාසර පළපුරුද්දක් සහිත සහායක නියමු ක්ලයිව් කුන්දාර් විසිනි.

තවත් ගුවන්යානා විශේෂඥයෙකු පෙන්වා දෙන්නේ, යානයේ අත්තටු සමබරව නොපැවතීම නිසා එය එසවීමට නොහැකිවීම අනතුරට හේතුවිය හැකි බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්