header logo
SLIC
සයුරෙන් එතෙර
ගුවන් අනතුරේ ජෝෂි පවුලේ අවසන් මොහොත
Jun 13, 202507:37 AM
ගුවන් අනතුරේ ජෝෂි පවුලේ අවසන් මොහොත
EDEX

ඉන්දියාවේ අහමදාබාද් හිදී සිදු වූ ගුවන් අනතුර ලොව සිදු වූ තවත් බිහිසුණුම ගුවන් අනතුරක් ලෙස කදුළු මතකයක් ලෝක ඉතිහාසයට එක්විය.

ඊයේ (12) සිදු වූ මෙම ඛේදවාචකයෙන් පසු එහි ගමන්ගත් ඇතැම් මගීන්ගේ අවසන් මතක සටහන් මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.

එලෙස අනාවරණය වූ තොරතුරු අතර රතික් ජෝෂිගේ පවුලට අත්වූ ඉරණම මේ වනවිට ලොව වඩාත් කම්පාවන කරුණක් වී ඇත.

මෘදුකාංග ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන ආචාර්ය ජෝෂි, වසර 6ක් පුරා ජීවත් වූයේ ලන්ඩනයේය.

ඔහු තම දරු තිදෙනා ඇතුළු සිය පවුලට ලන්ඩනයේ සැපවත් ජීවිතයක් ගතකිරීමට වෙහෙස වූ උත්සාහවන්ත පියෙකු විය.

වසර 6ක කැපවීම මුදුන්පමුණුවා ගත් ඔහු අවසානයේ සිය සෙනෙහෙබර පවුල ලන්ඩනයට රැගෙන යාමට අවශ්‍ය මගවිවරගෙන ඊයේ මෙම ගුවන් යානයට ගොඩ වී ඇත.

ඉන්දියාවේ ගෞරවාන්විත වෛද්‍යවරියක වූ ඔහුගේ බිරිඳ මෙම ගමන වෙනුවෙන් ඇගේ රැකියාවටද සමුදුන්නාය.

ඇය උදයිපූර් හි පැසිෆික් රෝහලේ වෛද්‍යවරියක ලෙස කටයුතු කර තිබූ අතර, දින දෙකකට පෙර සිය රැකියාවෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔවුන්ගේ දරු තිදෙනාගෙන් පිරිමි දරුවන් වයස අවුරුදු පහක නිවුන් දරුවන් වන අතර, දියණිය 8 හැවිරිදි වියේ පසු වූවාය.

නව ජීවිතය වෙනුවෙන් සියලු බලාපොරොත්තු පොදිබැඳන් ගුවන් යානයට ගොඩ වූ ජෝෂි යුවළ, දරු තිදෙනා සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමටද අමතක නොකළාය.

කෙසේ නමුත් එය ඔවුන් ගන්නා අවසන් සෙල්ෆිය වනු ඇතැයි සිහිනෙකින් හෝ හිතන්න නැතුව ඇත.

විනාශකාරී ඛේදවාචකය සිදුවීමට මිනිත්තු කිහිපයකට පෙර, සිනහවෙන් පිරුණු ඒ සෙල්ෆිය අද ලොවම සංවේදී කළ ඡායාරූපයක් වී ඇත.

එක් පුද්ගලයෙකු හැරෙන්න යානයේ සිටි මගීන් 241කට මෙම ගුවන් අනතුරෙන් මරු කැඳවූ අතර, එහි ජෝෂි පවුලේ සාමාජිකයන් පස් දෙනාද වෙයි.

අවාසනාවන්ත අනතුරට ලක්වීමට පෙර ජෝෂි පවුල ලොව පුරා රටවල් රැසක සංචාරය කර තිබෙන අතර, ඒ අතර ශ්‍රී ලංකාවටද වරක් පැමිණ තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට