header logo
Vallibel FD
විශේෂාංග
අර්ථසාධක අරමුදලේ වටිනාකම රුපියල් ට්‍රිලියන 4.3 පනී
Apr 16, 202502:43 PM
අර්ථසාධක අරමුදලේ වටිනාකම රුපියල් ට්‍රිලියන 4.3 පනී
Mobitel 1278

සේවක අර්ථසාධක අරමුදල 2024 වසර අවසානයේ දී විශ්‍රාම අරමුදල් අංශයේ සමස්ත වත්කම්වලින් 81.0%කට හිමිකම් කියමින් සේවක අර්ථසාධක අරමුදල තවදුරටත් එම අංශයෙහි ප්‍රධානත්වය දැරුවේය.

සේවක අර්ථසාධක අරමුදලෙහි ශුද්ධ වටිනාකම 2023 වසර අවසානයේ දී වාර්තා කළ රුපියල් බිලියන 3,886.7ට සාපේක්ෂව 2024 වසර අවසානය වන විට රුපියල් බිලියන 4,375.7 දක්වා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 12.6%කින් සැලකිය යුතු ලෙස වැඩි විය.

2024 වසර තුළ දී, අරමුදල ආයෝජන කිරීම තුළින් උපයන ලද ආදායම සහ ශුද්ධ දායක මුදල් ලැබීම් මෙම වර්ධනය සඳහා හේතු විය.

ඊට සමගාමීව, මෙම කාලය තුළ සාමාජිකයන් වෙත වූ මුළු වගකීම ද 12.4%කින් වැඩි විය.

මේ අතර, 2024 වසර සඳහා මුළු දායක මුදල් ලැබීම් රුපියල් බිලියන 234.4ක් දක්වා 11.3%කින් ඉහළ ගිය අතර, සාමාජිකයින්ට සහ ඔවුන්ගේ නෛතික උරුමක්කරුවන් හට ගෙවන ලද සමස්ත ප්‍රතිලාභ ප්‍රමාණය රුපියල් බිලියන 188.1 දක්වා 12.9% කින් අඩු විය.

2023 වසරේ දී රුපියල් බිලියන 5.3ක සෘණ අගයක් ලෙස වාර්තා වූ අරමුදලෙහි ශුද්ධ දායක මුදල් ලැබීමට සාපේක්ෂව එම අගය 2024 වසරේ දී රුපියල් බිලියන 46.3ක ධන අගයක් ලෙස වාර්තා විය.

2024 වසර තුළ අරමුදලේ සමස්ත ආයෝජන ආදායම රුපියල් බිලියන 513.8ක් ලෙස වාර්තා වූ අතර, එය පෙර වසරේ වාර්තා කළ රුපියල් බිලියන 481.1 හා සැසඳීමේ දී 6.8%ක කැපී පෙනෙන වර්ධනයකි.

පොලී ආදායම, අරමුදලෙහි ප්‍රධාන ආදායම් ප්‍රභවය ලෙස අඛණ්ඩව පැවති අතර, එය 2023 වසරේ දී උපයන ලද රුපියල් බිලියන 442.4ට සාපේක්ෂව 2024 වසරේ දී රුපියල් බිලියන 455.1 දක්වා 2.9%කින් වර්ධනය විය.

2023 වසරේ දී රුපියල් බිලියන 3.0ක් වූ ලාභාංශ ආදායම 2024 වසරේ දී රුපියල් බිලියන 5.5ක් දක්වා 82.9%කින් ඉහළ ගියේය.

2023 වසරේ දී රුපියල් බිලියන 23.8ක් ලෙස වාර්තා වූ සාධාරණ අගයට (fair value) ඇති ලැයිස්තුගත කොටස් ආයෝජනවල ශුද්ධ ලාභයට සාපේක්ෂව, 2024 වසර සඳහා එම ලාභය රුපියල් බිලියන 49.2ක් ලෙස වාර්තා විය.

2024 වසර තුළ දී අරමුදලෙහි දළ ආදායමට සාපේක්ෂව මෙහෙයුම් වියදම් අනුපාතය 0.6%ක මට්ටමක පවත්වා ගෙන යන ලදී.

එසේ වුව ද, ආයෝජන ආදායම වැඩි වීම හේතුවෙන් 2024 වසරේ දී අරමුදලේ බදු වියදම ද රුපියල් බිලියන 64.1ක් දක්වා ඉහළ ගියේය.

මුදල් හා කම්කරු විෂයන් භාර අමාත්‍යවරුන්ගේ එකඟත්වය ලැබීමට යටත්ව, 2024 වසර සඳහා සාමාජික ශේෂයන් මත 11.00%ක පොලී අනුපාතයක් මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2024 වාර්ෂික ආර්ථික විවරණයෙහි මේ බව සඳහන් වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana