header logo
Vallibel FD
Valible Le
විශේෂාංග
ට්‍රම්ප්ගෙන් තවත් තර්ජනයක්
ට්‍රම්ප්ගෙන් තවත් තර්ජනයක්
Mobitel 1278

අමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැලකෙන්නේ දැඩි මත සහිත නායකයෙක් ලෙසයි.

දේශපාලනඥයෙක් ට වඩා ව්‍යාපාර මනසින් කරුණු දකින ට්‍රම්ප්, මේ වනවිට ලෝකයේ ප්‍රබල රටවල් රැසක් සමඟ සෘජුව වෙළෙඳ යුද්ධයකට මුල පුරා සිටී.

ඒ එරට ප්‍රධාන සැපයුම්කරුවන් වන රටවල් රැසකට බදු පිට බදු පනවමින්.

ඒ අනුව අසල්වැසි කැනඩාව, මෙක්සිකෝව යන රටවල ආනයන මත දැවැන්ත තීරුබදු පැනවීමට ඔහු දැනටමත් කටයුතු කර තිබේ.

මේ අතරතුර විවිධ රටවලට විවිධ බදු පනවන බවට ඔහු කළ තර්ජන ද එමටයි.

එවන් පසුබිමක දැන් ට්‍රම්ප්ගේ අවධානය යොමුව ඇත්තේ වසර ගණනාවක් පුරා ඔවුන්ගේ සමීපතම මිතුරන්ව සිටි යුරෝපා කලාපයයි.

ඒ අනුව යුරෝපානු කලාපීය මත්පැන් මත සියයට 200ක දැවැන්ත තීරුබදු පනවන බවට ට්‍රම්ප් දැන් තර්ජනය කරයි.

මෙම අර්බුදය මෙතරම් තීව්‍ර වූයේ ලෝක ඕනෑම රටක සිට අමෙරිකාවට ආනයනය කරන ලෝහ සහ ඇලුමිනියම් මත සියයට 25ක ස්ථිර තීරුබදු පැනවීමට අමෙරිකාව පසුගියදා නිල වශයෙන් පියවර ගැනීමත් සමගිනි.

ඊට ප්‍රතිචාර ලෙස අමෙරිකාවේ නිෂ්පාදිත විස්කි ආනයන මත සියයට 50ක බද්දක් පනවන බවට යුරෝපා සංගමය පසුගියදා තර්ජනය කර තිබේ.

ට්‍රම්ප් මෙතරම් කුපිත වී ඇත්තේ එය ඇසීමෙනි.

ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කරන්නේ මේ කෘර බදු ඉවත්කිරීමට යුරෝපා සංගමය වහාම කටයුතු කළ යුතු බවය.

එම කලාපීය රටවල් ඉතා සතුරු සහ දූෂිත ලෙස මෙතෙක් අමෙරිකාවෙන් ප්‍රයෝජන ගත් බවත්, මෙහිදී ට්‍රම්ප් චෝදනා කර සිටියේය.

නිල වාර්තාවලට අනුව අමෙරිකාව වාර්ෂිකව ඩොලර් බිලියන 4.89ක වටිනාකමකින් යුතු වයින් යුරෝපයෙන් ආනයනය කරයි.

එහිදී වැඩි වශයෙන්ම ආනයනය කරන්නේ ප්‍රංශ වයින්.

මේ අනුව අමෙරිකාවේ යුරෝපානු මත්පැන්වල ප්‍රධානතම වෙළෙඳපොළක් කීම නිවැරැදිය.

මේ හේතුවෙන් මෙවන් තීරුබදු පැනවුවහොත් එය දෙරටටම ගෙන එනු ඇත්තේ හානියක්.

ඒ අනුව ගැටලුව සමග අමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට යුරෝපා සංගමය මේ වනවිට සැලසුම් කර තිබේ.

ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළත් දෙපාර්ශ්වය අතර මෙවැනිම ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වුණි.

එහිදී යුරෝපය අමෙරිකානු විස්කි ආනයන මත සියයට 25ක තීරු බදු පැනවීමට යුරෝපය පියවර ගත් අතර, එහිදී යුරෝපා කලාපයේ විස්කි පරිභෝජනය සියයට 20කින් පහත වැටුණි.

එහිදී විස්කි අලෙවියෙන් උපයාගත් මුදල මිලියන 552 සිට 440 දක්වා පහත වැටීම ද විශේෂත්වයකි.

කෙසේ නමුත් ට්‍රම්ප් ධූරයෙන් ඉවත්වීමෙන් පසුව එම තීරුබදු ඉවත්කිරීමට යුරෝපා කලාපය පියවර ගත්තේය.

දෙවැනි ධුරකාලයට පත්වීමෙන් පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණාත්මක තීන්දු රැසක් ගත් අතර එහිදී ඔහු හා විරසක වූ රටවල් අතරට, කැනඩාව, මෙක්සිකෝව, චීනය ඇතුළු රටවල් රැසක් අයත්ය.

එම රටවල් ද ට්‍රම්ප් පැනවූ බදුවලට ප්‍රතිචාර ලෙස ප්‍රති බදු පනවා ඇති අතර, එහිදී රටවල් රැසක්ම අමෙරිකානු නිෂ්පාදන ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත්වෙතැයි බියක් ද නිර්මාණය වී තිබේ.

විවිධ රටවල් සමඟ වෙළෙඳ යුද්ධයේ සිටින පසුබිමක අමෙරිකාව මේ වසර තුළ ආර්ථික අවපාතයකට මුහුණපෑමේ අවදානමක් පවතින බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා පැවසුවේය.

ඒ සමග අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ ද කඩා වැටී තිබුණේ අමෙරිකාවේ අනාගතය ගැන සැක මතුකරමින්.

ඒ අනුව දිනකදී අමෙරිකානු කොටස් වෙළඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.7 කින් පහත වැටී තිබුණි.

එහි වැඩිම බලපෑම එල්ල වුණේ ට්‍රම්ප්ගේ මිතුරා වන බිලියනපති ඊලෝන් මස්ක්ගේ ටෙස්ලා සමාගම, එන්වීඩියා සමාගම ඇතුළු සමාගම්වලට.

එමෙන්ම අනෙකුත් තාක්ෂණ දැවැන්තයින් වන මෙටා සහ ඇමසන් සමාගම්වල ද කොටස් පහත වැටී තිබුණි.

ට්‍රම්ප් විදෙස් ආනයන මත පැනවූ බදු භාණ්ඩ මිල ඉහළ යාමට සහ ආර්ථික අවපාතයකට මග පාදනු ඇතැයි ආයෝජකයින් කනස්සල්ල පළ කරයි.

එම තත්ත්වය මග හරවා ගැනීමට ට්‍රම්ප් පරිපාලනය සතුව නිසි සැලැස්මක් නොමැති වීම ආයෝජකයින්ගේ කනස්සල්ල ඉහළ යාමට හේතු වී ඇති බව විශේෂඥයින් පෙන්වා දෙයි.

එමෙන්ම ට්‍රම්ප් පරිපාලනය අනුගමනය කරන දැඩි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ඉදිරි වසර තුළ අමෙරිකානු ආර්ථිකය සියයට 30කින් කඩාවැටීමේ සම්භාවිතාවක් පවතින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

 විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්