header logo
SLIC
විශේෂාංග
ලෝක රූ රැජින කිරුළ දිනු තායිලන්තයේ ඔපල් සුචාතා
May 31, 202511:00 PM
ලෝක රූ රැජින කිරුළ දිනු තායිලන්තයේ ඔපල් සුචාතා
EDEX

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුවාංස්රි නම් තරගකාරිණිය විසින් දිනාගනු ලැබීය.

21 හැවිරිදි තරුණියක් වූ ඇය කාන්තාවන්ගේ සෞඛ්‍ය දැනුවත්භාවය කෙරෙහි ඇති විශ්වාසය, කරුණාව සහ කැපවීම හේතුවෙන් මෙවර තරගයේ කැපී පෙනුණාය.

2003 මාර්තු 20 වැනි දින තායිලන්තයේ උපත ලැබූ ඔපල් සුචාටා ප්‍රසිද්ධ නිරූපිකාවක් සහ බහු රූපලාවන්‍ය තරග ජයග්‍රාහිකාවකද වූවාය.

තනෙට් ඩොන්කම්නර්ඩ් සහ සුපතා චුවාංස්රිගේ දියණිය වූ ඇය ෆුකෙට් හි ව්‍යාපාරික නැඹුරු පවුලකින් පැවත එන තරුණියකි.

2024 වසරේදී තායිලන්තේ රූ රැජින කිරුළ දිනාගනු ලැබූ ඇය 2024 විශ්ව රූ රැජින තරගාවලියේදී තෙවන ස්ථානයද දිනා ගනු ලැබුවාය.

ඇය දැනට ජාත්‍යන්තර වැඩසටහනක කොටසක් වන තම්මාසාට් විශ්ව විද්‍යාලයේ දේශපාලනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් හදාරමින් සිටින තරුණියක් බවද වාර්තා වේ.

එමෙන්ම ඇය ත්‍රිභාෂා දක්ෂතාවයකින් යුක්ත තරුණියක්ද විය.

තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇති පරිදි ඇය වසර අවුරුදු 16දී ඇගේ පියයුරුවල ඇති ගැටිත්තක් හඳුනා ගෙන ඇති අතර එය පිළිකා නොවන ගැටිත්තක් වූ බැවින් එය ඉවත් කිරීම සඳහා ඇය සත්කමකටද භාජනය වී තිබේ.

පසුව මෙම අත්දැකීම පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා ඇය සිය ආභාසය ලබා ගෙන ඇති අතර ඒ අනුව ඇය පියරු පිළිකා ඇති කාන්තාවන්ට සහාය වන තායිලන්තයේ "Opal For HER" මුලපිරීමේ නිර්මාතෘවරියද වූවාය.

ඇගේ මෙම සෞඛ්‍ය අභියෝගය හැරවුම් ලක්ෂයක් කර ගනිමින් ලොව පුරා කාන්තා සෞඛ්‍යට ඇති ප්‍රමුඛතම තර්ජනය වන පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම සඳහා රූපලාවන්‍ය තරගාවලිවලට සහභාගී වූවාය.

ඇයගේ පළමු තරගය වී ඇත්තේ 2021 වසරේදී වන අතර 2022 වසරේදී ඇය මිස් යුනිවර්ස් තායිලන්ත තරගයේ ලාබාලතම තරගකාරියද වූවාය.

එහිදී ඇය විශේෂ සම්මානයක් වන මිස් නැචුරල් බියුටි සමග එම තරගයේ තෙවැනි ස්ථානයද දිනා ගැනීමට සමත් විය.

ඇය මෙම ලෝක රූ රැජින තරගාවලියේදී ඇගේ අත්දැකීම සමගින් පියයුරු පිළිකා සහ පියයුරු පිළිකා වින්දිතයින් පිළිබඳව වැඩි දැනුවත්භාවයක් සහ ප්‍රමුඛත්වයක් ලබා දීම සඳහා පෙනී සිටි අතර මේ තුළින් ගෝලිය වශයෙන් මෙහි බලපෑම පුළුල් කිරීමද ඇගේ අරමුණ වූවාය.

https://youtu.be/XNF3c-Lm2cY
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට