header logo
SLIC
විශේෂාංග
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයට දින නියම කෙරේ
Jun 19, 202505:46 PM
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයට දින නියම කෙරේ
EDEX

2025 කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කර තිබේ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ, සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ජුලි මස 25 වනදා ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කෙරෙන බවය.

මහනුවර ඇසළ පෙරහැර වීදී සංචාරය කරන දින වකවානු දැනුම්දීම සහ ඊට අදාළ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් අද (19) ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ පැවැති සාකච්ඡාවේදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ බව සඳහන් කළේය.

දේවාල අභ්‍යන්තර පෙරහැර දින 05ක් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රථම කුඹල් පෙරහැර ජුලි 30 වනදා වීදී සංචාරය කෙරෙයි.

කුඹල් පෙරහැර ජුලි 30 සිට අගෝස්තු 03 දක්වා වීදී සංචාරය කිරීමෙන් පසු අගෝස්තු 04 වනාද ප්‍රථම රන්දෝලි පෙරහැර වීදී සංචාරය කරන බව දියවඩන නිලමේවරයා පැවසීය.

අවසන් රන්දෝලි මහ පෙරහැර නිකිණි පුන් පොහොය දින (08) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.

මෙහිදී දියවඩන නිලමේ සහ සිව් මහා දේවාල බස්නායක නිලමේවරුන් සඳහන් කළේ, හීලෑ අලි ඇතුන් අවමවීම පෙරහැර පැවැත්වීමට විශාල වශයෙන් බලපාන ගැටලුවක් බවය.

මීට වසර කිහිපයකට පෙර 200ක්ව සිටි මෙරට හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව මේ වනවිට 90ක් දක්වා පහත වැටී ඇති බවද අනාවරණය කෙරුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට