header logo
Vallibel FD
Selan Bank
විශේෂාංග
රථ වාහන අලංකරණයේ සීමා ගැන ඔබ දැනුම්වත්ද ?
Jan 08, 202508:08 PM
රථ වාහන අලංකරණයේ සීමා ගැන ඔබ දැනුම්වත්ද ?
Mobitel 1278

විවිධ අංග උපාංග අමතරව එක්කරමින් ධාවනය කරන බස් රථ සහ ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහක් රටේ මතුව තිබේ.

ඒ එම අලංකරණ හා විනෝදාස්වාදය වෙනුවෙන් නවීකරණය කර ඇති උපාංග මගින්, අනතුරකදී ජනතාවට සිදුවන හානිය වැළැක්වීම සඳහා ඒවා ඉවත් කිරීමේ පොලිස් මෙහෙයුම් හේතුවෙන්.

මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ සහ ත්‍රිරෝද රථ සඳහා කිසිදු ආකාරයේ නවීකරණයක් සිදුකළ නොහැකිද?

අද දෙරණ ඒ සම්බන්ධයෙන් විමසා බැලීය.

'CLEAN SRI LANKA' වැඩසටහන ක්‍රියාත්මකවන පසුබිමක, විවිධ අලංකරණ හා අමතර උපාංග සවිකොට ධාවනය කෙරෙන බස් සහ ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන පරික්ෂාකිරීම් ඇතැම් පාර්ශ්වවල විවේචනයට ලක්කරයි.

ඇතැම් පිරිස් පවසන්නේ නීතියෙන් අවසර ඇති අලංකරණ කොටස් පවා පොලිසීයෙන් ඉවත් කරන බවයි.

මේ පිළිබඳ අපකළ සොයාබැලීමේදී දක්නට ලැබුණේ, මෝටර් වාහන පනතට සබැඳිව හා විවිධ අවස්ථාවලදී චක්‍රලේඛ මගින් ලබා දී ඇති අවසර මත බස් සහ ත්‍රිරෝද රථවල ඇතැම් අලංකරණ සිදු කිරීමට හැකියාව ඇති බවය.

නමුත් එසේ කළ හැකිවන්නේ නිර්ණායක රැසක් යටතේය.

ඇතැම් අලංකරණ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගාස්තුවක් ද ගෙවිය යුතු වේ.

ඒ අනුව පොදු ප්‍රවාහන බස් රථ හා විනෝද චාරිකා සඳහා යොදා ගන්නා බස් රථ නවීකරණය සඳහා නිර්ණායක 22කට අවසර හිමිව ඇත.

ඒ යටතේ,

* බස් රථයේ පැති කණ්ණාඩි සවිකිරීමේදී අනුමත සීමාවෙන් ඉවතට නොයන ලෙස රවුම් බට පමණක් භාවිත කළ හැකි අතර තියුණු උල් සහිත කොටස්, බෝල, අමතර පහන් ආදිය සවි නොකළ යුතුය.

* බස් රථයේ නළාව සවිකිරීමේදී මෝටර් වාහන පනතට අදාළ විය යුතුය.

* රෝදවලට රිම් කප් සවිකිරීමේදී පිටතට නෙරා සිටින සේ හෝ බාහිරට අනතුරුදායක වන ලෙස සැකසීම නොකළ යුතුය.

* බඳෙහි ආලෝක රටා සහිත විදුලි පහන් සවිකිරීමට රුපියල් 20,000ක ගාස්තුවක් ගෙවිය යුතු අතර එම අවසරය හිමිවන්නේ විනෝද චාරිකා සඳහා යොදාගන්නා විනෝදාස්වාදය වෙනුවෙන් නවීකරණය කරන ලද බස් රථ සඳහා පමණයි.

* එවැනි බස් රථවල පමණක් ඇතුළත ආලෝක රටා පද්ධති සවිකිරීමට හැකි අතර ඊට අයකෙරෙන ගාස්තුව රුපියල් 10,000ක්.

* එම බස්වල ඉදිරි බෆරය නවීකරණය කිරීම, තියුණු දාර සහ හැඩතල රහිතව ෆයිබර් හෝ ප්ලාස්ටික් වැනි සැහැල්ලු ද්‍රව්‍යයකින් සැකසිය යුතු අතර එය ඉදිරි මුහුණතේ සිට අඟල් 10 නොඉක්මවිය යුතුයි.

* තියුණු දාර හා අන්තරාදායක හැඩතල රහිත ඉනිමඟක් බස් රථයේ පිටුපසින් සවිකළ හැකි අතර ඉන් මාර්ගයේ ගමන් කරන්නන් හට අනතුරක් හෝ අවහිරයක් නොවිය යුතුයි.

* බස් රථයේ ප්‍රධාන මානවලට වෙනසක් සිදුනොවන අයුරින් තියුණු දාර හා අන්තරාදායක හැඩතල රහිත ස්පොයිලර්යක් සවිකිරීමටත් හැකියාව පවතියි.

කෙසේ වෙතත් මෙවැනි නවීකරණය කරන ලද වාහනයක් විශේෂයෙන් මෝටර් රථ ආඥාපනතේ 145 වැනි වගන්තිය ප්‍රකාරව භාවිත කළ යුතු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දන්වා තිබේ.

එම වගන්තියේ සඳහන් වන්නේ වාහන තැනීමේ දී භාවිත කිරීමේදී මාර්ගයේ හෝ මාර්ගයේ යාබද යම් තැනැත්තෙකුට දේපොළකට හෝ වාහනයකට අනතුරක් හෝ හානියක් ඇති කිරීමට ඉඩක් ඇති නොවිය යුතු බවයි.

එමෙන්ම බස් රථයේ සවිකළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී තත් කාලයේ බලපවත්නා නීතියට අනුව අදාළ අනුමැතිය ගෙන අනුමැතිය ලද ස්ථානයක එය භාවිත කළ හැකි බව සඳහන් වේ.

මේ අතර ත්‍රිරෝද රථවල අමතර උපාංග සවිකිරීම සහ අලංකරණය කිරීම නිර්ණායක 15 යටතේ සිදුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදී ඇත.

ඒ යටතේ,

* මාර්ග භාවිත කරන්නන් හට අනතුරක් හෝ අවහිරයක් නොවන පරිදි අලංකරණය සඳහා පමණක් තියුණු දාර රහිත ඉනිමගක් රුපියල් 1,000ක ගාස්තුවක් යටතේ ත්‍රිරෝද රථයේ පිටුපසින් සවිකළ හැකිය.

* ප්‍රධාන පහන් වෙනුවට LED පහන් සවිකිරීම ද රුපියල් 1,000ක ගාස්තුවක් යටතේ සිදුකළ හැකි අතර ප්‍රධාන පහන්වලට දෙපසින් සංඥා පහන් සහ නවතා තැබීමේ පහන් ද සවිකළ හැක.

නමුත් එහිදී වාහනයේ පළල සීමාව ඉක්මවා නොයා යුතු වේ.

* ත්‍රිරෝද රථයේ WINDSCREEN හෙවත් ඉදිරි වාමුවාවට ඉහළින් සන් වයිසරයක් සවිකිරීම ද ගාස්තු ගෙවීමකින් තොරව සිදුකරගත හැකිය.

* ඉදිරිපස රෝදයට සම්බන්ධ ප්ලාස්ටික් මඩ්ගාඩ් වෙනුවට ලෝහ තහඩුමය මඩ්ගාඩයක් සවිකළ හැකි වේ.

* පැති කණ්ණාඩි සවිකළ යුතු වන්නේ ගැටීමකදී පසුපසට යන ආකාරයටය.

එමෙන්ම සුළං අවක්‍රමක දෙකක් වමින් හා දකුණින් සවිකළ හැකි වුව ද ඒවා පැති කණ්ණාඩි සීමාවලින් ඉවතට නොයා යුතු වන අතර එය තියුණු දාර රහිත සහ ලෝහමය ද්‍රව්‍යකින් සෑදු ඒවා නොවිය යුතුය.

* ඉදිරි බඳෙහි පහළින් සවිකර ඇති අමතර කොටස් සියල්ල ප්ලාස්ටික් හෝ ෆයිබර් වැනි සැහැල්ලු ද්‍රව්‍යයකින් නිර්මාණය කළ ඒවා පමණක් විය යුතු වේ.

* මැද පිහිටි ආරක්ෂක වැට සුදු යකඩ ලෝහයෙන් නිර්මාණය කළ හැකි වුවත් එය ඉදිරියට නෙරා ඇති හැඩතල හා අනතුරුදායක හැඩතලවලින් තොර වියයුතු බව සඳහන්ය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලොවම වසඟයට ගත් රාවණා ඇල්ලේ සුන්දර දර්ශන පථය වැසූ පොලිස් බෝඩ් එක

ලොවම වසඟයට ගත් රාවණා ඇල්ලේ සුන්දර දර්ශන පථය වැසූ පොලිස් බෝඩ් එක

 ''22 ජනබලයෙන් පැරදිය යුතුයි'' සජිත්ගෙන් ප්‍රකාශයක්

''22 ජනබලයෙන් පැරදිය යුතුයි'' සජිත්ගෙන් ප්‍රකාශයක්

හතර වටේටම කියපු නිපුණ ආරච්චි....අර්ච්චුනාවත් මතක් කරයි"අපි කලින්ම කිව්වා කෙඳිරිගාන්න එපා කියලා"

හතර වටේටම කියපු නිපුණ ආරච්චි....අර්ච්චුනාවත් මතක් කරයි"අපි කලින්ම කිව්වා කෙඳිරිගාන්න එපා කියලා"

බලෙන් ඉඩම් ඇල්ලු අයට‍ පොලිස් ඇමති සැරවෙයි "කිසිදු ඉඩමක් අවභාවිතා කරන්න දෙන්නෑ"

බලෙන් ඉඩම් ඇල්ලු අයට‍ පොලිස් ඇමති සැරවෙයි "කිසිදු ඉඩමක් අවභාවිතා කරන්න දෙන්නෑ"

 දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි කියපු නි.ඇමති.."දෛනික ගමන්වාර 256න් 187ක් ධාවනය කළා"

දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි කියපු නි.ඇමති.."දෛනික ගමන්වාර 256න් 187ක් ධාවනය කළා"

 මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

අදත් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය - පිරිසක් වැඩ, පිරිසක් ගෙදර | Ada Derana

අදත් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය - පිරිසක් වැඩ, පිරිසක් ගෙදර | Ada Derana

යළි රිමාන්ඩ් භාරයට පත් වූ නාමල් අධිකරණයෙන් වැලිකඩට රැගෙන ගිය හැටි

යළි රිමාන්ඩ් භාරයට පත් වූ නාමල් අධිකරණයෙන් වැලිකඩට රැගෙන ගිය හැටි

''ළමයාව පන්තියෙන් ගන්න ගිය ඔයාට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැනේ'' | Ada Derana

''ළමයාව පන්තියෙන් ගන්න ගිය ඔයාට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැනේ'' | Ada Derana

එක මිටට එකතු වුණ විපක්ෂය"අරගලයට හොඳම පාට කළු..පොල්පොට්වාදී පාලනයකට තමයි යන්නේ"| Ada Derana

එක මිටට එකතු වුණ විපක්ෂය"අරගලයට හොඳම පාට කළු..පොල්පොට්වාදී පාලනයකට තමයි යන්නේ"| Ada Derana

ගල්කිස්ස හැඩ කරන්න ගත්ත දැඩි තීරණය "ඉදිකිරීම් 27ක් ඉවත් කරනවා"| Ada Derana

ගල්කිස්ස හැඩ කරන්න ගත්ත දැඩි තීරණය "ඉදිකිරීම් 27ක් ඉවත් කරනවා"| Ada Derana

 වැරදුණු අලි මන්තරේ

වැරදුණු අලි මන්තරේ

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ  දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කැබිනට් තීන්දු 107ක්  මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ  PAFFREL වාර්තාවෙන් කියයි

කැබිනට් තීන්දු 107ක් මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ PAFFREL වාර්තාවෙන් කියයි

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි