උණුසුම් පුවත්
ප්‍රකාශයක් දෙන්න නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස පොලීසියට
නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සහ ඔහුගේ පුත්‍රයා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (18) ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත පැමිණ තිබේ.
දිස්ත්‍රික්ක 11කට නිකුත්කළ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 11කට නිකුත්කර තිබූ නායයෑම් අනතුර ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබේ.
ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී
2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් අදියර අද (18) කොළඹ තුරග තරග පිටියේදී ආරම්භ වේ.
සංචාරක පැමිණීම ලක්ෂ 18 ඉක්මවයි
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
පාකිස්තාන ප්‍රහාරයකින් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයින් 3ක් මරුට
පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ක්‍රිකට් ආයතනය පසවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සැකකරු සල්ලි මල්ලක් සමග කොටු
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් 30,24,900ක මුදලක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බන්ධනාගාර ජේලර්වරයෙකු අත්අඩංගුවට
කළුතර බන්ධනාගාර තුළ රඳවා සිටින රැඳවියෙකුට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන ලබාදීම සඳහා කාන්තාවකට ආධාර අනුබල දුන්බව කියන බන්ධනාගාර ජේලර්වරයෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අද ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
අද (18) උදෑසන කාලයේ බස්නාහිර සහ දකුණු පළාත් වෙරළබඩ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
රුපියල් කෝටි 30කට අලෙවි කිරීමට සූදානම් වූ ගජමුතු තොගය
රුපියල් කෝටි 30කට අධික වටිනාකමකින් යුත් ගජමුතු තොගයක් සමග සැකකරුවෙකු මහියංගනය ආදි වාසී ගම්මානයේදී වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රත්මලානේ කඩ සාප්පු සංකීර්ණයක ගින්නක්
රත්මලාන බෙලෙක්කඩේ මංසන්ධියේ කඩ සාප්පු සංකීර්ණයක ගින්නක් හට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ දුෂ්කර කාලය අවසන් බව IMF කියයි
ශ්‍රී ලංකාව ගත කළ දුෂ්කර කාලය අවසන් බැවින් ඉදිරි ප්‍රතිලාභ ලැබීම සඳහා වත්මන් ප්‍රතිසංස්කරණ මාවතේම රැඳී සිටින්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට උපදෙස් ලබා දී තිබේ.
''දෙරටේ නිදහස් වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන විය යුතුයි''
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය සහ ඉන්දියාවේ සාර්ථක වෙළෙඳ ආර්ථිකය මුසු වීමෙන් වඩාත් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිවන පරිදි දෙරටේ නිදහස් වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසීය.
ලොකු පැටීගේ සමීපතමයෙක් ආයුධත් එක්ක අත්අඩංගුවට
ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් මේවන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ලොකු පැටීගේ සමීපතමයෙක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
දිලිත්ගෙන් ජනපතිට කෘතඥතාවය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජාතික ගුරු සමුළුව අමතමින් අධ්‍යාපන ප්‍රතිංස්කරණ පිළිබඳව සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සිය x ගිණුමෙහි සටහනක් තබා තිබේ.
ඉෂාරාගෙන් තවත් ආන්දෝලනාත්මක තොරතුරු එළියට
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිගෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ මේවන විට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.
රාජාංගන සහ අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ
පවතින අධික වර්ෂාපතනය හමුවේ රාජාංගනය ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
'රටම එකට' ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන්
වර්තමානයේ මෙරට මුහුණ දී සිටින ජාතික ව්‍යසනයක් වන විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම ඉලක්ක කරගත් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා 'රටම එකට ' ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු වරට රැස් විය.
ඉෂාරාට නවාතැන් දුන් නැන්දම්මා සහ පොලිස් බෑණා CCD අත්අඩංගුවට
ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් පොලිස් කොස්තාපල්වරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැස්ස නිසා කොළඹ හිරවෙයි
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට කොළඹ පාරවල් කිහිපයක දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ගොස් යළි මෙරටට නොපැමිණි ක්‍රීඩකයින් දස දෙනෙකුට විදෙස් ගමන් තහනම්
2022 වසරේ එංගලන්තයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට සහභාගී වීමට ගොස් මෙරටට යළි නොපැමිණ රජයට රුපියල් කෝටියකට ආසන්න පාඩු කළ බව කියන සිද්ධියට සම්බන්ධ ක්‍රීඩකයින් දස දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
ආරුක්කු 9 පාලම නැරඹීමට ආ විදෙස් කත දුම්රියේ ගැටෙයි
ඇල්ල ආරුක්ක 9 පාලම නැරඹීමට පැමිණි ඉන්දීය ජාතික කාන්තාවක් දුම්රියේ ගැටෙන සංවේදී දර්ශන පෙළක් 'අද දෙරණ'ට ලැබී තිබේ.
නායයාම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ
පවතින අධික වර්ෂාපතනය හමුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යළි දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
අගමැති හරිනි ඉන්දීය අගමැති මෝදි හමුවෙයි
ඉන්දීය නිල සංචාරයේ නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුව තිබේ.
කොටස් වෙළෙඳපොළ ඒකක 22,500 සීමාව ඉක්මවයි
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඉතිහාසයේ මුල්වරට අද (17) ඒකක 22,500 සීමාව ඉක්මවා ගොස් තිබේ.
දකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන බව අධිකරණයට දන්වයි
ඉකුත්දා දකුණු මුහුදු තීරයේ පාවෙමින් තිබීයදී නාවික හමුදා භාරයට ගත් අයිස්, හෙරොයින් සහ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839.254ක් මෙරටට ගෙන්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.