උණුසුම් පුවත්

අයියාගේ පොලු පහරින් මල්ලී අවසන්ගමන් යයි

ඉඩම් ආරවුලක් දුරදිග යෑමෙන් ඇතිවූ බහින්බස් වීමකින් වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට කුරුඳු පොල්ලකින් සිදුකළ පහරදීමකින් එම සහෝදරයා මරණයට පත්ව තිබේ.

(0)Comments | February 26, 2026  4:31 pm

හිටපු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාරට එරෙහි නඩුවක් කල් යයි

හිටපු අමාත්‍ය චන්ද්‍රාණී බණ්ඩාර මහත්මියට එරෙහිව දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මාර්තු මස 05 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

(0)Comments | February 26, 2026  4:02 pm

ප්‍රේක්ෂකයන් වෙනුවෙන් දසුන්ගෙන් සංවේදී සටහනක්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තු වූ දක්ෂතා ඉදිරිපත් කිරීමට තම කණ්ඩායමට නොහැකිවීම සම්බන්ධයෙන් කනගාටු වන බව නායක දසුන් ශානක පවසයි.

(0)Comments | February 26, 2026  3:10 pm

ජනපති හෙට අනුරාධපුරයට

අවසර පත්‍ර හා දීමනා පත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට එම ඉඩම්වල පරම අයිතිය ප්‍රදානය කෙරෙන ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (27) ප.ව 2.00ට අනුරාධපුර කොරකහවැව උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත් වේ.

(0)Comments | February 26, 2026  3:06 pm

ධීවර කටයුතු ආශ්‍රිත කිමිදුම්කරුවන්ට හදිසි අනතුරු ජීවිත රක්ෂණ යෝජනා ක්‍රමයක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් ධීවර කිමිදුම් කටයුතුවල නිරත ධීවර කාර්මිකයන් උදෙසා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත.

(0)Comments | February 26, 2026  3:00 pm

ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට අලුතින් වචන 11ක්

ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට යොදාගන්නා ඇතැම් ව්‍යවහාරික වදන් හේතුවෙන් ඔවුන් සමාජය ඉදිරියේ දැඩි අපහසුතාවලට මුහුණ දෙයි. 

(0)Comments | February 26, 2026  2:53 pm

හදිසි නීති රෙගුලාසිවලට එරෙහි පෙත්සම් 2ක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි 

දිට්වා සුළි කුණුටුවෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පනවන ලද හදිසි නීති රෙගුලාසිවලින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සඳහන් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 2ක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

(0)Comments | February 26, 2026  1:59 pm

එකම දේ කරමින් වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැකියි - සංගක්කාර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දී ඇති පසුබෑම හමුවේ ක්‍රීඩකයින් මෙන්ම ප්‍රේක්ෂකයින්ද දැඩි කණගාටුවට පත්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.

(0)Comments | February 26, 2026  1:27 pm

හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 05ක් සමඟ පුද්ගලයකු කිරුළපනදී අත්අඩංගුවට

කිරුළපන ප්‍රදේශයේදී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05ක ප්‍රමාණයක්, ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

(0)Comments | February 26, 2026  1:16 pm

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කල් තැබීමේ විවාදයක්

මාර්තු මස අටවෙනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කල් තැබීමේ විවාදයක් ලබන 05වෙනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.

(0)Comments | February 26, 2026  12:48 pm

මල් ශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් හෙරොයින් වික්ක මව සහ පුතු අත්අඩංගුවට

මල් ශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් හෙරොයින් ජාවාරමක් සිදුකළ දෙදෙනෙකු පානදුර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

(0)Comments | February 26, 2026  12:26 pm

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධා කරන්න එපා - සිරිල් ගාමිණි පියතුමා 

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට බාධා කිරීමට උත්සහ නොකරන ලෙස සිරිල් ගාමිණි පියතුමන් ඉල්ලීමක් සිදු කළේය.

(0)Comments | February 26, 2026  11:37 am

රුපියල් 40,000ක ටොෆි චොකලට් සොරකම් කළ දැරියන් තිදෙනා පොලීස් භාරයට

කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ කැන්ටිම කඩා ටොෆි සහ චොකලට් සොරකම් කළ ගැහැනු ළමුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

(0)Comments | February 26, 2026  11:00 am

කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසල ගින්නක්

කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ඇති කසළ කන්දක ගින්නක් හටගෙන තිබේ.

(0)Comments | February 26, 2026  9:13 am

කියුබානු මුහුදු සීමාවට ඇතුළු වූ පිරිසකට වෙඩි - 4ක් මරුට

අමෙරිකා එක්සත් ජනපදයේ ලියාපදිංචි වී ඇති වේග යාත්‍රාවකින් කියුබානු මුහුදු සීමාවට ඇතුළු වූ පිරිසකට එරට වෙරළ ආරක්ෂක නිලධාරින් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

(0)Comments | February 26, 2026  8:58 am

ලංවිම සංකේත වැඩ වර්ජනය අද  - රේගුව තවදුරටත් කළු පටි පැලැඳ රාජකාරියට

ඉල්ලීම් අටක් මුල් කරගනිමින් අද (26) දින පැය 06ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විදුලි වෘත්තීය සමිති පවසයි.

(0)Comments | February 26, 2026  8:21 am

සෘණාත්මක ප්‍රතිචාර සම්බන්ධයෙන් නායක දසුන් කළ ඉල්ලීම

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ලැබෙන සෘණාත්මක ප්‍රතිචාර ක්‍රීඩකයන්ගේ මානසික මට්ටමට දැඩි බලපෑමක් එල්ල කරන බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසයි.

(0)Comments | February 26, 2026  7:47 am

අවුරුදු 30ත් 50ත් අතර පුද්ගලයින්ට මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැළදීමේ ප්‍රවනතාවක්

ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද වයස අවුරුදු 30ත් 50ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයින්ට මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා රෝග වැළදීමේ ප්‍රවනතාවක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

(0)Comments | February 26, 2026  7:28 am

කොළඹ ඉඩම්වල තක්සේරු වටිනාකම ඉහළට

කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය, ඉහළ යෑමේ ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වා ගනිමින් 2024 වසරේ දෙවන භාගයට සාපේක්ෂව 2025 වසරේ දෙවන භාගයේ දී සියයට 10.6කින් වර්ධනය විය.

(0)Comments | February 26, 2026  7:08 am

අද කාලගුණය - ප්‍රදේශ රැසකට මීදුම් සහිත තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | February 26, 2026  6:32 am

සා පෙළ සිසුන් ගැන පොලිසිය අද අවධානයෙන්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු සිසුන් අතර ඇති විය හැකි කලහකාරී සිදුවීම් වැළැක්වීම සඳහා පොලීසිය විසින් ආරක්ෂක වැඩපිළිවෙලක් සැලසුම් කර තිබේ.

(0)Comments | February 26, 2026  6:28 am

විස්සයි20 ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකාව විසිවෙයි

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට ශ්‍රී ලංකාවට ඉතිරිව තිබූ අවසන් අවස්ථාවත් අද (25) අහිමි විය.

(0)Comments | February 25, 2026  10:32 pm

2009/2010 ග්‍රාම නිලධාරි එකමුතුවේ ගැටලු සාකච්ඡා කරන්න අමාත්‍යංශයෙන් දිනයක්

2009/2010 වසරවල ග්‍රාම නිලධාරි සේවයට බඳවාගත් නිලධාරින් වෙනුවෙන් හදිසි සාකච්ඡාවක් ලබාදීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශය තීරණය කර තිබේ.

(0)Comments | February 25, 2026  8:48 pm

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරුගේ පැටිකිරිය

අකුරේගොඩදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් මොනරාගල පොලීසිය අත්අඩංගුවට ගත් දෙවන වෙඩික්කරු ගැන කරුණු රැසක් අනාවරණය කරගැනීමට හැකිව තිබේ.

(0)Comments | February 25, 2026  8:38 pm

රටම කතාවෙන සුරේෂ් සලේව අත්අඩංගුවට ගත් හැටි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

(0)Comments | February 25, 2026  7:23 pm