උණුසුම් පුවත්
මාර්තු මාසයේ මහපොළ වාරිකය අද ගිණුම් වෙත
ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (MTF) විසින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා පිරිනමනු ලබන මාර්තු මාසයට අදාළ මහපොළ ශිෂ්‍යත්ව වාරිකය අද (10) බැංකු ගිණුම් වෙත බැර කර තිබේ.
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (09) සිය සහතිකය සටහන් කළේය.
කැනඩා සිහින පෙන්වා කෝටි 03ක් වංචා කළ තිදෙනෙකු දැලේ
කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි 3ට ආසන්න මුදලක් වංචා කළ පුද්ගලයින් තිදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පළාත් සභා මැතිවරණය ප්‍රමාදවීමට හේතු සොයා බැලෙයි
කොට්ඨාස සීමා නිර්ණය ක්‍රියාවලිය මෙතෙක් අවසන් කර නොතිබීම හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් පැන නැගී ඇති බව අනාවරණ විය.
ඒ, පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගිය 07 වෙනිදා රැස්වූ අවස්ථාවේදීය.
උත්සව සමයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විශේෂ මෙහෙයුම්
උත්සව සමය ආරම්භ වීමත් සමග මහජනතාවගේ මහජන සෞඛ්‍ය සම්බන්ධව අවධානය යොමු කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දිවයින පුරා විශේෂ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
සීමාවාසික වෛද්‍ය පත්කිරීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෙත්සම් ගැන තීරණය මැයි 08
මතභේදයට තුඩු දී ඇති පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්කිරීම් ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම්, විභාගයට ගැනීමට අවසර දෙනවාද, නැත්ද? යන නියෝගය මැයි මස 08 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
පොලිසියට ආධුනික නිලධරයන් බඳවාගැනීමේ ප්‍රථම සම්මුඛ පරික්ෂණය ඇරඹෙයි
ශ්‍රී ලංකා පොලිසියට හා පොලිස් විශේෂ කාර්ය බලකායට ආධුනික පොලිස් කොස්තාපල්, කාන්තා පොලිස් කොස්තාපල් හා පොලිස් කොස්තාපල් රියදුරු යන නිලයන් සඳහා නව බඳවාගැනීම්වලට අදාළව ප්‍රථම සම්මුඛ පරික්ෂණ පසුගිය 07 වෙනිදායින් ආරම්භවී තිබේ.
අවුරුද්දට සුරාසැල් වැහෙන දවස් මෙන්න
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසා තැබීම සම්බන්ධව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
මාතර සමූපකාර ආරෝග්‍ය ශාලා සංගමයේ සභාපති අත්අඩංගුවට
මාතර දිස්ත්‍රික් සමූපකාර ග්‍රාමීය බැංකු සංගමයේ රුපියල් මිලියන 300ක මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සීමාසහිත මාතර දිස්ත්‍රික් සමූපාකාර ආරෝග්‍ය ශාලා සංගමයේ සභාපති චමින්ද ප්‍රසන්න ගුණසේකර නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.
තොරතුරු රහිත ආලේපන තොගයක් පිටකොටුවේ ගබඩාවක
තොරතුරු රහිත අලේපන තොගයක් ලද තොරතුරක් මත පිටකොටුවේදී පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබේ.
මෙරට උද්ධමනය සියයට 5.2ක් දක්වා ඉහළ යා හැකියි - ආසියානු සංවර්ධන බැංකුව
මෙරට උද්ධමනය 2025 වසරේ පැවැති -0.5 මට්ටමේ සිට 2026 වසරේදී 5.2%ක් දක්වා ඉහළ යා හැකි බව ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තිබේ.
ජාතික වෙසක් උත්සවය සමරන මැයි 30ට පසු දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් නෙවෙයි
2026 වසරේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදු කරන මැයි 30 වෙනිදාට පසු දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් නොවන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් පුද්ගලයින් 763ක් අත්අඩංගුවට
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් ඊයේ (09) දිනයේදී පුද්ගලයින් 28,837ක් පරීක්ෂාවට ලක් කළ බව පොලීසිය පවසයි.
2026 වසරේ පළමු කාර්තුවේ බදු ආදායම රුපියල් බිලියන 606ක්
2026 වර්ෂයේ පළමු කාර්තුව තුළ රුපියල් මිලියන 606,002ක බදු ආදායමක් රැස්කරගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට හානි කළොත් වැඩ වරදියි
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි සිදුකරන පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් යළි රිමාන්ඩ්
CID විසින් අත්අඩංගුවට ගත්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ මහතා තවදුරටත් රක්ෂිත බන්ධාගාර ගතකර තිබේ.
මෙරට තුළ ඉන්ධන අර්බුදයක් ඇතිවීමට ඉඩ නොදෙන බව චීන තානාපති කියයි
මෙරට තුළ කිසිසේත්ම ඉන්ධන අර්බුදයක් ඇතිවීමට ඉඩ නොතබන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෑංග් හොංග් පවසයි.
අරක්කු බෝතලයක් අල්ලස් ගත් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට
අල්ලස් ලෙස මත්පැන් බෝතලයක් ලබාගැනීමේ චෝදනා මත පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පෞද්ගලික සරසවි සිසුවාගේ ඝාතනය ගැන තවත් කරුණු හෙළිවෙයි
හෝමාගම ප්‍රදේශයේ පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින්, එම විශ්වවිද්‍යාලයේම සිසුවෙකු මියයෑමට අදාළව තවත් කරුණු අනාවරණය වී තිබේ.
පාර්ලිමේන්තුව ඉදිරිපිට සජබෙන් විරෝධතාවක්
බත්තරමුල්ල, දියත උයන අසල පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී සමගි ජන බලවේගය විරෝධතාවක් ආරම්භ කර තිබේ.
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
පාර්ලිමේන්තු සභාවාරය මේ වන විට ආරම්භ වී තිබේ.
අවුරුදු උත්සව සංවිධාන කරන සහ සහභාගී වන අයට සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
මේ දිනවල පවතින අධික උෂ්ණ කාලගුණික තත්ත්වයත් සමග අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී සැලකිලිමත්වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් දෙපිරිසක් හෝටලකදී ගුටිබැට හුවමාරුවක - සිසුවෙකු මරුට
හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේදී සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් 5දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
GMOA වැඩවර්ජනය අද දෙවන දිනටත්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයිනපුරා රෝහල්වල ආරම්භකළ වැඩවර්ජනය අද (10) දෙවන දිනටත් ක්‍රියාත්මක වෙයි.
එප්ස්ටයින් සම්බන්ධ කරන චෝදනා මෙලනියා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි
ජෙෆ්රි එප්ස්ටයින් සහ ඔහුගේ සමීප සහායිකාවක වූ ගිස්ලේන් මැක්ස්වෙල් සමග තමන්ට කිසිදු පෞද්ගලික හිතවත්කමක් නොතිබූ බව අමෙරිකානු ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් පවසයි.