උණුසුම් පුවත්
අද මි.මී 50 ඉක්මවූ තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ශ්‍රී ලංකාවේ නිල සංචාරය අවසන් කරයි
සාකච්ඡා අතරතුර, මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා සමාජයේ සියලු අංශවල සිදු වී ඇති ඔහු දුටු යහපත් වෙනස්කම් පිළිබඳව විශේෂයෙන් සඳහන් කළේය. සදාචාරාත්මක පාලනය, මානව හිමිකම් සහ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ සැලසුම් ඔහු අගය කළ අතර රජයේ ඉදිරි ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම සඳහා සිය කාර්යාලය සහය වන බවට සහතික විය.
ඊශ්‍රායලයට යන්න ඉන්න අයට වීසා වලංගු කාලය ගැන දැනුම්දීමක්
මැදපෙරදිග කලාපයේ පැවැති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් පසුවන අය වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
කැනඩාවෙන් ආ ස්පීකරය තුළ මතුවූ මිලියන 50ක කුෂ් තොගය
රුපියල් මිලියන 50ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් සොයාගෙන තිබේ.
උතුරේ ඉඩම් අක්කර 5,941ක් පවරා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රජයට නියෝගයක්
උතුරු පළාතේ පිහිටි හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර 5,941ක් රජයට පවරා ගැනීමේ අරමුණින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
සූර්ය බල ව්‍යාපෘති වෙනුවෙන් එන ආයෝජකයින් හැරී යාමේ අවදානමක්
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය සඳහා වන මිලදී ගැනීමේ ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්ති සහ තීරණ වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින්ගේ සම්මේලනය විරෝධය පළ කර තිබේ.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති රිමාන්ඩ්
අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා එළැඹෙන මස පළමු දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
අල්ලස් නඩුවකට අදාළව රාජිත අත්අඩංගුවට ගැනීමේ සූදානමක්?
අල්ලස් නඩුවකට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
ද්විතීක හා තෘතීයික රෝහල් 130ම ආවරණය වන පරිදි රජයෙන් ඔසුසැල්
මෙරට ඇති ද්විතීයික හා තෘතීයික රෝහල් 130ම ආවරණය වන පරිදි සහ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් ආශ්‍රිතව රාජ්‍ය ඔසුසල පිහිටුවීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීට නින්ද ගිහින් වෙච්ච බිහිසුණු අනතුර
ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර මහතා පැදවු මෝටර් රථය හෙනගම නගරයේ දී අධිබලැති විදුලි කණුවක ගැටී අනතුරක් සිදුව තිබේ.
පෝට් සිටි මුහුදේ ගිලී අතුරුදන් වූ සරසවි සිසුවාගේ දේහය හමුවෙයි
කොළඹ වරාය නගරයේ කෘතිම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටියදී දියේ ගිලී අතුරුදන් වූ සරසවි සිසුවාගේ මළ සිරුර හමු වී තිබේ.
මාලිමාවේ අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි
ජාතික ජන බලවේගයේ අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා අද (27) සවස ගාල්ල, උණවටුන මුහුදු තීරයේ සිටියදී සොයාගෙන තිබේ.
රජයට මිලියන ගණනින් පාඩු කළ බව කියන ශ්‍රීලංකන් හිටපු ලොක්කාට එල්ල වූ චෝදනා මෙන්න
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පුත්තලම මහ නගර සභාවේ සජබ සභිකයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
පුත්තලම මහ නගර සභාවට සමගි ජන බලවේගය නියෝජනය කළ සභිකයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබේ.
ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට ඇප
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතාව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ශ්‍රීලන්කන් හිටපු සභාපති අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් කොමිසම පැවසීය.
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට
සමාජ මාධ්‍යජාලා උපයෝගී කරගනිමින් සිදුකරනු ලබන අපරාධයන්ට ශ්‍රී ලංකික පුරවැසියන් වින්දිතයන් වීමේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
නව පර්යේෂණ සහ සංවර්ධන ජාතික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට විශේෂ සාකච්ඡාවක්
පර්යේෂණ සහ සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සදහා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට රජය සැළසුම් කර තිබේ.
රඹුක්කනදී දුම්රියක් පීලි පනී - උඩරට දුම්රිය ධාවනයට බාධා
රඹුක්කන දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමට ලක්වීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය කටයුතු සඳහා බාධා එල්ලවී තිබේ.
අනුරාධපුර රෝහලේ මල මූත්‍රා මල්වතු ඔයට ගලයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ එකතුවන රෝගීන්ගේ මල මූත්‍රා සහිත අපවිත්‍ර ජලය අවිධිමත්ව බැහැර කිරීම තුළින් ප්‍රදේශයේ සෞඛ්‍ය ගැටලු රැසක් උද්ගතවීමේ අවදානමක් මතුවී ඇති බව ප්‍රදේශවාසින් පවසයි.
නාමල් රාජපක්ෂගේ නඩුවක් කල් යයි
නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් සැප්තැම්බර් මස 26 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ අද (27) නියම කළේය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතුරුදන්
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට අද (27) පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගය මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.
පෝට් සිටි කෘත්‍රිම වෙරළ අයත් මුහුදේ සරසවි සිසුවෙක් අතුරුදන්
කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුන් අතරින් තරුණයෙකු අතුරුදහන් වී තිබේ.
ජපුර බාහිර උපාධි ගැටලුවලට රජයෙන් විසඳුම් ඉල්ලයි
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ අධ්‍යයන කටයුතු ද තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.
මෝටර් රථයක් තුළ පිළිස්සුණු මළසිරුරක්
මහව - දියබැටේ ප්‍රදේශයේ කැලෑවක මෝටර් රථයක් තුළ තිබි පිළිස්සුණු පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ.