header logo
SLIC
උණුසුම් පුවත්
මීගමුවෙන් වෙනත් බන්ධනාගාරවලට යැවූ රැඳවියන්ගේ නඩු කටයුතු වීඩියෝ තාක්ෂණයෙන්
Jul 12, 202606:21 PM
මීගමුවෙන් වෙනත් බන්ධනාගාරවලට යැවූ රැඳවියන්ගේ නඩු කටයුතු වීඩියෝ තාක්ෂණයෙන්
EDEX

මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවු රැඳවියන්ගේ නඩු කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව, හෙට (13) සිට නඩු කටයුතු සදහා මුහුණදීමට සිටින බන්ධනාගාර රැඳවියන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඒ සඳහා යොමු කිරීමට සැළසුම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක මහතා සඳහන් කළේය.

පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇති වු ගැටුමත් සමඟ බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත යොමු කිරීමට පියවර ගනු ලැබීය.

එලෙස වෙනත් බන්ධනාගාර වෙත යොමු කෙරුණු රැඳවියන් නඩු කටයුතු සදහා අධිකරණ වෙත ගෙන ඒමට පහසුකම් සැළසීම ගැටලුවක් වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එබැවින් අදාළ රැඳවියන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු සදහා යොමු කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක මහතා සඳහන් කළේය.

මේ අතර, මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වු ගැටුමින් සිදුවු හානිය පිළිබදව තක්සේරු කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කර තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඒ සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බව සඳහන් වෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight