header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න නව සැලසුම් රැසක්
Jul 12, 202604:28 PM
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න නව සැලසුම් රැසක්
Mobitel 1278


දිස්ත්‍රික් මට්ටමින් පවතින ගැටලු නිරාකරණය කරමින් මහජන සේවාව වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී කිරීමේ අරමුණින් දිවයිනේ සියලු ම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති සමුළුව සාර්ථකව නිමාවට පත්ව තිබේ.

එය කොළඹ "නිල මැදුර" හි පිහිටි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

සමුළුවේ පළමු දිනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, දෙවන දිනය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රජයේ ප්‍රමුඛ ප්‍රතිපත්තිමය තීරණ රැසක් ප්‍රකාශයට පත් කළේය.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල අනුමැතිය ලබන හදිසි පාලම්, මාර්ග හෝ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම රජයේ අනුමැතිය ලැබෙන තෙක් ප්‍රමාද නොකර සෘජුවම සිදු කිරීමට හැකි වන පරිදි, ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම වෙනම මූල්‍ය සංචිතයක් ලබා දීම කෙරෙහි මෙහිදී අවදානය යොමුව තිබේ.

එමෙන්ම යුද්ධයෙන් අවතැන් වූ පවුල් 13,000ක් ලබන වසරේදී නැවත පදිංචි කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන්.

අවිධිමත් ලෙස අතහැර දමා ඇති නිවාස ව්‍යාපෘති පිළිබඳ සමීක්ෂණයක් කර ඒවා අවසන් කිරීමට සහය ලබා දෙන බවත්, ඉඩම් භාවිතයේදී වන සංරක්ෂණ කලාප ආරක්ෂා කරමින් සංවර්ධන කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාවයත් මෙම සමුළුවේ දී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ගුණාත්මක රාජ්‍ය සේවාවක් වෙනුවෙන් ඵලදායීතාවෙන් තොර ආයතන ඉවත් කිරීම සහ සෞඛ්‍ය, අධ්‍යාපන සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැනි ක්ෂේත්‍රවල පුරප්පාඩු කඩිනමින් පිරවීම රජයේ ප්‍රමුඛතාවක් බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ අතර අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ මූලිකත්වයෙන් පරිපාලනමය ගැටලු සහ සේවා අවශ්‍යතා පිළිබඳව ද මෙහිදී පුළුල් සාකච්ඡාවක් පවත්වා තිබේ.

එමෙන්ම මෙහිදී දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පවතින සේවක පුරප්පාඩු, නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ගැටලු සහ ඉන්ධන දීමනා ඇතුළු පරිපාලනමය ගැටලු සඳහා විසඳුම් සෙවීමට ද පියවර ගැනිණි.

මෙම සමුළුවට එක්වෙමින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කර සිටියේ සෑම දිස්ත්‍රික්කයක් තුළ ම ක්‍රීඩා පහසුකම් සංවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු මේ මේ වන විටත් සැලසුම් කර ඇති බවය.

දිස්ත්‍රික් මට්ටමින් එම සංවර්ධන කටයුතු සිදු වන ආකාරය පිළිබඳව මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරුන්ව දැනුවත් කර ඇති අතර ඒ සඳහා පවතින ගැටලු පිළිබඳව හා එයට ලබා දිය හැකි විසඳුම් සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණි.

එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් පද්ධතිය ශක්තිමත් කිරීම, කෘෂිකාර්මික උපකරණ සඳහා බදු සහන සෘජුවම ගොවීන්ට ලැබෙන ක්‍රමවේදයක් සකස් කිරීම සහ රාජ්‍ය ඉඩම් බදු අනුමැතිය ලබා ගැනීමේදී සිදුවන ප්‍රමාදයන් අවම කිරීම සම්බන්ධයෙන් ද අදාළ අමාත්‍යාංශ නියෝජිතයින් සමඟ සාකච්ඡා කර තිබේ.

කෙසේවෙතත් මෙම සමුළුවේ දී වැඩිදුරටත් අවධාරණය කර සිටියේ දිස්ත්‍රික් මට්ටමේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය වඩාත් ශක්තිමත් කරමින් මහජනතාවට කඩිනම් සේවාවක් සැපයීම සඳහා සියලු නිලධාරීන් කැපවිය යුතු බවය.

MostRead
Mobitel 1278
VideoStories
ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana