header logo
SLIC
උණුසුම් පුවත්
සතුරුකම් මැද දකුණු කොරියාව උතුරු කොරියාවෙන් කළ මානුෂීය ඉල්ලීම
Jul 12, 202607:18 PM
සතුරුකම් මැද දකුණු කොරියාව උතුරු කොරියාවෙන් කළ මානුෂීය ඉල්ලීම
EDEX

දෙරටේ නැගෙනහිර වෙරළ තීරයේ සීමා මායිම් අසලදී අතුරුදන් වූ දකුණු කොරියානු නාවික සෙනෙවියෙකු සෙවීම සඳහා උතුරු කොරියාවේ සහය ලබා ගැනීමට දකුණු කොරියාව පියවර ගෙන තිබේ.

දෙරට අතර දැනට සෘජු සන්නිවේදන මාර්ග ක්‍රියාත්මක නොවීම හේතුවෙන්, දකුණු කොරියානු බලධාරීන් මෙම ඉල්ලීම මාධ්‍යවේදීන් වෙත කෙටි පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ අතර, එය ප්යොන්යෑන්ග් පාලනය වෙත ද යොමු කර ඇති බව සඳහන් කළේය.

අද (12) නැගෙනහිර මුහුදේ වෙරළාරක්ෂක රාජකාරිවල නිරතව සිටියදී මෙම නාවික සෙනෙවියා අතුරුදන් වී ඇති අතර, ඔහු දියවැලට හසුවී උතුරු සීමා රේඛාව පසුකර උතුරු කොරියානු මුහුදු සීමාවට ගසාගෙන යාමේ ඉඩකඩක් පවතින බව දකුණු කොරියාව පවසයි.

"අපගේ නාවික හමුදාව මේ වන විටත් අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතුවල නිරතව සිටිනවා. මානුෂීය පදනමක් මත ඔහුව සෙවීමට සහ නැවත භාරදීමට සහයෝගය දක්වන ලෙස අප උතුරු කොරියාවෙන් ඉල්ලා සිටිනවා," යැයි එම පණිවිඩයේ සඳහන් වේ.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ලන්ඩන් නුවර පිහිටි උතුරු කොරියානු තානාපති කාර්යාලය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව විදෙස් පුවත් සේවය වාර්තා කරයි.

දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් පසුගිය වසරේ බලයට පත්වීමෙන් පසු උතුරු කොරියාව සමඟ පවතින නොසන්සුන්තා ලිහිල් කිරීමට උත්සාහ කළද, උතුරු කොරියාව විසින් එම සාකච්ඡා යෝජනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

තවද, 2024 වසරේදී උතුරු කොරියාව විසින් දකුණු කොරියාව නිල වශයෙන් "සතුරු රාජ්‍යයක්" ලෙසද ප්‍රකාශයට පත් කරන ලදී.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight