header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
තනිකඩයින්ට සහකරුවන් සොයාදෙන දකුණු කොරියාවේ පන්සල
Jul 12, 202606:29 PM
තනිකඩයින්ට සහකරුවන් සොයාදෙන දකුණු කොරියාවේ පන්සල
Mobitel 1278

ලොව උපත් අනුපාත වේගයෙන්ම පහත වැටෙන රටවල් අතර පෙරමුණේ පසුවන දකුණු කොරියාව, එම තත්ත්වයෙන් මිදීම සඳහා මේ වන විට වැඩපිළිවෙළ රැසක් ආරම්භ කර තිබේ.

2023 වසරේ නිල දත්ත වාර්තාවලට අනුව, දකුණු කොරියාවේ සශ්‍රීකත්ව අනුපාතය (කාන්තාවකගේ ජීවිත කාලය තුළ බිහිකරන සාමාන්‍ය දරුවන් සංඛ්‍යාව) 0.72ක් දක්වා අසාමාන්‍ය ලෙස පහත වැටී ඇත.

රටක ජනගහනය ස්ථාවරව පවත්වා ගැනීමට තිබිය යුතු අවම සශ්‍රීකත්ව අනුපාතය 2.1ක් වන අතර, ඒ අනුව මෙම තත්ත්වය ඊට වඩා දැවැන්ත අඩුවීමකි.

දකුණු කොරියාව තුළ මෙවැනි බරපතළ ජනගහන අර්බුදයක් නිර්මාණය වීමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ තරුණ ප්‍රජාව විවාහ වීම සඳහා දක්වන උනන්දුව අඩුවීමයි.

ඊට හේතු රැසක් බලපා තිබේ. ඉහළ යන ජීවන සහ නිවාස වියදම්, තරුණ පිරිස්වලට තනිව නිවසක් මිලදී ගැනීමට හෝ කුලියට ගැනීමට ඇති අපහසුව, ළමා සුරැකුම් වියදම්, දරුවන් ඇති දැඩි කිරීම සඳහා අධික මූල්‍ය ශක්තියක් වැය කිරීමට සිදුවීම ඒ අතරින් ප්‍රධාන වේ.

තවද වත්මන් කොරියානු කාන්තාවන් විවාහයට වඩා තමන්ගේ රැකියාවලට සහ වෘත්තීය දියුණුවට ප්‍රමුඛත්වය ලබාදීම, පෙම් සබඳතා කෙරෙහි ඇති අලස බව, වර්තමාන තරුණ තරුණියන් පෙම් සබඳතා පැවැත්වීම කෙරෙහි දක්වන උනන්දුව අවම වීමද එම තත්ත්වය ඇතිවීමට බලපා ඇත.

කෙසේ වෙතත් ඇතැම් තරුණ පිරිස් ස්වකැමැත්තෙන්ම තනිකඩව සිටීමට තීරණය කර තිබුණද, තවත් බොහෝ පිරිසක් තමන්ට ගැළපෙන සහකරුවෙකු හෝ සහකාරියක සොයාගත නොහැකිව දැඩි අසීරුතාවකට පත්ව සිටින බවද අනාවරණය වී ඇත.

රජයේ සහ ආගමික අංශ මැදිහත්වී පහළ වැටෙන උපත් අනුපාත අර්බුදයෙන් රට බේරාගැනීම සඳහා මේ වන විට සුවිශේෂී පියවර රැසක් ගෙන තිබේ.

ඒ යටතේ දිගු දෙමාපිය නිවාඩු ලබාදීම, ළදරුවන් වෙනුවෙන් විශේෂ මූල්‍ය දීමනා පිරිනැමීම සහ අලුත විවාහ වූවන් සඳහා සහන මිලට මහල් නිවාස ලබාදීම වැනි වැඩපිළිවෙළ ක්‍රියාත්මකය.

රජයේ මෙම උත්සාහයට ශක්තියක් වෙමින්, දකුණු කොරියාවේ ප්‍රසිද්ධ බෞද්ධ පන්සලක් වන 'ඩොන්ග්වාසා' පන්සල ද අපූරු පියවරක් ගෙන තිබේ.

රාජ්‍ය අනුග්‍රහයද ඇතිව එම පන්සල මගින් තනිකඩ තරුණ තරුණියන් උදෙසා එකිනෙකා හඳුනා ගැනීමේ විශේෂ හමුවීම් සහ විවාහ මංගල්‍ය උත්සව සංවිධානය කරනු ලබයි.

එහිදී තරුණ දෙපාර්ශ්වය එකතු කර, ඔවුන් අතර අවබෝධය ගොඩනඟා විවාහය දක්වා යොමු කිරීමත්, ඉන් අනතුරුව දරුවන් ලැබීමේ වැදගත්කම පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමත් සිදු කෙරේ.

මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ හේතුවෙන් කොරියානු සමාජය තුළ මේ වන විට යහපත් ප්‍රවණතාවක් මතුවෙමින් පවතී.

පසුගිය මාර්තු මාසයේ කරන ලද නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ, වසර දෙකකට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව මේ වන විට අවිවාහක පුද්ගලයන්ගේ විවාහ වීමේ සහ දරුවන් බිහිකිරීමේ කැමැත්ත 10% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවය.

MostRead
Mobitel 1278
VideoStories
ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana