උණුසුම් පුවත්
පොලීසියෙන් අල්ලපු මත් ජාවාරම්කරුට කූඩුවේ ඉද්දිම අයිස් ඉල්ලා ඇමතුම් 76ක් ඇවිත්
කන්දකුලිය ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති පොලිස් ක්ෂණික විහිඳුම් බළකා ඒකකය මඟින් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සෞඛ්‍ය ඇමති සහ GMOA නව නිලධාරී මණ්ඩලයේ නියෝජිතයින් අතර හමුවක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) නව නිලධාරී මණ්ඩලයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
කටාර්හි අල් උඩෙයිඩ් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාර
කටාර්හි පිහිටි අල් උඩෙයිඩ් ගුවන් කඳවුර වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසයි.
සාම කතා අර්බුදයකට යවමින් යළි ඇවිලෙන මැදපෙරදිග යුද ගැටුම
එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවැති සාම සාකච්ඡා නැවතත් අර්බුදයකට ලක් කරමින් මැදපෙරදිග යුද උණුසුම යළිත් වර්දනය වී තිබේ.
කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය යළි විවෘත කිරීම ගැන තීරණයක්
ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් සති දෙකක කාලසීමාවක් වසා තැබූ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය හෙට (13) සිට යළි විවෘත කිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.
බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ මෙරටට ආනයනය තහනම් කෙරේ
බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.
2027 අයවැය නොවැම්බර් 12 පාර්ලිමේන්තුවට
2027 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කථාව නොවැම්බර් මස 12 වන දින සිදුකිරීමට නියමිතව තිබේ.
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා වන ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි අභාවප්‍රාප්ත වී තිබේ.
නව නාවික හමුදාපති ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනී
නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් මහතා අද (12) පෙරවරුවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදා ආශීර්වාද ලබා ගත්තේය.
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදන දෙකක්
මධ්‍යම, සබරගමුව, උතුරු - මැද, වයඹ පළාත් සහ මොණරාගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය, මන්නාරම දිස්ත්‍රික්ක සඳහා තද සුළං කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අපේ අධ්‍යාපනය තුළ විවිධත්වය පිළිගත යුතුයි - අගමැති
මෙරට පවතින අධ්‍යාපන ක්‍රියාවලිය තුළ විවිධත්වය පිළිගත යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.
සිව්දරු පියෙකු කැපුම් තුවාල සහිතව මරුට
තංගල්ල පොලිස් වසමට අයත් සියඹලාගොඩ නිවසක් ඉදිරිපිට ඝාතනය කළ බවට සැක කරන පුද්ගලයකුගේ සිරුරක් ඊයේ (11) රාත්‍රි සොයාගෙන ඇත.
තංගල්ල මුහුදට තරුණයෙක් බිලි වෙයි
තංගල්ල මුහුදේ පාවෙමින් තිබූ 19 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගත් බව පොලීසිය පවසයි.
සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 6ට සාපේක්ෂව අඩුවක්
මෙරට සංචාරක කර්මාන්තයෙන් උපයා ගන්නා ලද ආදායම පසුගිය වසරේ මුල් මාස 6ට සාපේක්ෂව යම් පහළ යෑමක් පෙන්නුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.
ඉරානයෙන් තවත් නෞකාවට ප්‍රහාරයක්
අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කළ තවත් නෞකාවට ප්‍රහාර එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය පවසයි.
හොමූස් සමුද්‍ර සන්ධියේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වේ.
වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට
ලග්ගල, කිවුලවාඩිය ප්‍රදේශයේදී වන අලියෙකු සිදුකළ පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබේ.
ඉරානයෙන් කටාර් ඇතුළු කලාපයේ අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ප්‍රහාරයක්
මැදපෙරදිග ගැටුම් යළිත් උත්සන්න කරමින් ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
පාපන්දු තරගයකදී දෙපිරිසක් අතර ගුටිබැට හුවමාරුවක්
'හැටන් ලීග් නගරාධිපති කුසලාන' පාපන්දු තරගාවලියේ දෙවන වටයේ තරගයක් අතරතුර ගැටුමක් හටගෙන තිබේ
බුත්තල කතරගම ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්
බුත්තල කතරගම ප්‍රධාන මාර්ගයේ පහළොව කණුව ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය නැවතත් වසා දමයි
ඉරානය විසින් නැවතත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගෙන තිබේ.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කර ඇත්තේ ඒ අනුව නැවත දැනුම්දෙන තුරු මුහුදු මාර්ගය වසා දැමීමට පියවර ගෙන ඇති බවය.
ප්‍රදේශ රැසකට වැසි වාර කිහිපයක්
ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මීගමුවේ බන්ධනාගාර ගැටුමින් මිය ගිය නිලධාරීන් වෙනුවෙන් ලක්ෂ 20ක වන්දියක් ගෙවීමට අවධානය
මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් මියගිය නිලධාරීන් වෙනුවෙන් ලබාදුන් රුපියල් ලක්ෂ 5ක මුදල මූලික ගෙවීමක් පමණක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
පිලිපීනයේ නායයෑම්වලින් 15කට වැඩි පිරිසක් මරුට
පැසිෆික් කලාපය හරහා හමායන ප්‍රබල භාවි කුණාටුවේ බලපෑම මත පිලිපීනයේ ඇති වූ නායයෑම්වලින් පුද්ගලයින් 15කට වැඩි පිරිසක් මියගොස් තිබේ.
නීති විරෝධීව රැගෙන ආ ඖෂධ සහ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ඖෂධ සහ බීඩි කොළ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
මතුගම නිවසකට වෙඩි ප්‍රහාරයක්
මතුගම නෑබොඩ ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.