උණුසුම් පුවත්
අවුරුදු නිවාඩුවට ගෙදර යන්න මාකුඹුරට එන මගීන්ට දැනුම්දීමක්
එළැඹෙන අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලායන ජනතාව වෙනුවෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයෙන් මේ වනවිට අතිරේක බස්රථ සේවා යොදවා තිබේ.
තිරසාර ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම ආණ්ඩුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය හරිනි කියයි
වත්මන් ආණ්ඩුවේ අරමුණ දරුවන්ට, කාන්තාවන්ට, වැඩිහිටියන්ට සහ ආබාධිත පුද්ගලයින්ට පහසුවෙන් සහ ගෞරවාන්විතව සේවා ලබාගත හැකි තිරසාර ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි
මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ කිරීම) වැඩි ඡන්ද 110කින් පාර්ලිමේන්තුවේදී අද (9) සම්මත විය.
තේ පොහොරවලට රුපියල් 5000ක අමතර සහනාධාරයක්
මාර්තු 31 වෙනිදා වනවිට QR ක්‍රමවේදය යටතේ පොහොර ලබාගැනීම සඳහා ගොවීන් 226,511 දෙනෙකු ලියාපදිංචිවී ඇති තිබේ.
අධි ආරක්ෂිත කලාප ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය
දැනට පවතින අධි ආරක්ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නැවත පරීක්ෂා කර බලා අවශ්‍යතාවය පරිදි එම සීමා යාවත්කාලීන කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී තිබේ.
නුවන් තුෂාරගේ ඉල්ලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විරුද්ධ වෙයි
ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර මහතා විසින් ගොනු කළ පැමිණිල්ලට එරෙහිව විරෝධතා ගොනු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොළඹ දිසා අධිකරණයට දැනුම් දුනි.
අවුරුදු සමයේ රුධිරයේ සීනී මට්ටම පාලනය කරගන්නැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්
අවුරුදු සමයේ රුධිරයේ සීනී මට්ටම පාලනය කරගැනීමට පියවර ගන්නා ලෙසට වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරයි.
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
නිරිත දිග මෝසම් කාලයේදී එල්-නිනෝ තත්ත්වයක් ඇතිවුවහොත් එළැඹෙන සැප්තැම්බර් මාසය දක්වාම නියං කාලයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගමට සහ පැලැන්වත්තට අද සහ හෙට පැය 12 ජල කප්පාදුවක්
පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (09) සහ හෙට (10) හෝමාගම සහ පැලැන්වත්ත ප්‍රදේශවලට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ලෙබනනයේ තුවාල වූ පිරිස අතර ශ්‍රී ලාංකික කතක්
ලෙබනනයට ඊයේ (08) දිනයේ එල්ල වූ ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික කාන්තාවකට ද සුළු තුවාල සිදුවී ඇති බව වාර්තා වේ.
පස්වන සහ හයවන සමාලෝචන සඳහා ශ්‍රී ලංකාව සමඟ IMF නිලධාරී මට්ටමේ එකඟතාවයකට
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ සිදුකෙරෙන ඒකාබද්ධ පස්වන සහ හයවන සමාලෝචනය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර නිලධාරී මට්ටමේ එකඟතාවකට එළැඹ තිබේ.
වසර හතරක් තුළ විවිධ අර්බුද හමුවේ ආයතන ලක්ෂ දෙකකට වැඩි ගණනක් වහලා
2018 සිට 2022 දක්වා කාලය තුළ විවිධ හේතූ මත ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ වශයෙන් ආර්ථික කටයුතු කරනු ලබන ව්‍යාපාර ඇතුළත් ආයතන ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් වසා දමා ඇති බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.
ලෙබනනයට එල්ල කළ ප්‍රහාර එක්සත් ජාතීන්ගේ මහලේකම් දැඩි ලෙස හෙළා දකී
ඊශ්‍රායලය විසින් ලෙබනනය පුරා එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාර මාලාව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් දැඩි ලෙස හෙළා දැක තිබේ.
GMOA සමඟ සාකච්ඡා නෑ...ඇමති නලින්ද ස්ථාවරය කියයි
රජයේ වෛද්‍ය නිලධාරීන්‌ගේ සංගමය අද (09) සිදුකිරීමට නියමිතව තිබූ සාකච්ඡාව නොපවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
සිංහරාජයට පිවිසෙන කුඩව පිවිසුම හෙට සිට දින 6ක් වසා තැබේ
ලෝක උරුම සිංහරාජය වනාන්තරයේ කුඩව ප්‍රධාන පිවිසුම හෙට 10 වෙනිදා සිට 15 වෙනිදා දක්වා දින හයක් වසා තැබෙන බව සිංහරාජය වන පාලක කාර්යාලය පවසයි.
ප්‍රතිකාර ලබා රනිල් දිවයිනට
ප්‍රතිකාර සඳහා විදෙස් ගත්ව සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) උදෑසන දිවයිනට පැමිණ තිබේ.
මුණුපුරාගේ පහරදීමකින් මිත්තණියට දිවි අහිමිවෙයි
තඹුත්තේගම - මල්වානේගම ප්‍රදේශයේ දී කාන්තාවකට පහරදී ඝාතනය කර තිබේ.
අකුණු සැරට බිලි වූ රෑමතිය
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හඳපානාගල කෙන් හත ප්‍රදේශයේ දී අකුණු සැර වැදීමකින් තරුණියක් ජීවිතක්ෂයට පත් වී තිබේ.
සිය හමුදාවට සීරුවෙන් සිටින්නැයි ජනපති ට්‍රම්ප්ගෙන් දැනුම්දීමක්
"සැබෑ එකඟතාවක්" ඇති වී එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන තුරු අමෙරිකානු හමුදා ඉරානය අවට තවදුරටත් රැඳී සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ.
මහා සංඝ රත්නයේ ආශිර්වාදය සමඟ ඇරඹි හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයේ දී ගොවීන් මහත් භක්තියෙන් යුතුව සකසා සිය පළමු අස්වැන්න බුදුන් වෙනුවෙන් පුජා කරනු ලැබේ.
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
අද (09) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
ලෙබනනයට එල්ලවූ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවයි
ඊශ්‍රායලය විසින් ලෙබනනය ඉලක්ක කරමින් එල්ල කළ දරුණු ප්‍රහාර මාලාවෙන් පසු ඉරානය විසින් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා තබේ.
රුධිරය දන්දෙන ලෙස ලෙබනන් රතු කුරුස සංවිධානයෙන් ඉල්ලීමක්
ලෙබනනයේ රෝහල් සඳහා රුධිරය සපයන එකම ආයතනය ලෙබනන් රතු කුරුස සංවිධානය වන අතර, පවතින හදිසි තත්ත්වය හමුවේ රුධිරය දන් දෙන ලෙස ඔවුන් විවෘත ඉල්ලීමක් කර ඇති බව කවිදෙස් මාධ්‍ය පවසයි.
උතුරු දුම්රිය අද සිට ගමන් අරඹයි
උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අද සිට යාපනය, කන්කසන්තුරය දක්වා යළි දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
හෝමූස් සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයට චීන - රුසියා ඒකාබද්ධ නව කෙටුම්පතක්
හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ නව කෙටුම්පත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට චීනයත් රුසියාවත් පියවර ගෙන තිබේ.