header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සිරකරුවෝද මනුෂ්‍යයෝය - අදටත් වලංගුද ?
Jul 11, 202612:21 PM
සිරකරුවෝද මනුෂ්‍යයෝය - අදටත් වලංගුද ?
Mobitel 1278

මීගමුව බන්ධනාගාර ඛේදවාචකය අවසන්ව සතියකට ආසන්න කාලයක් ගත වුවද එහි නෂ්ටාවශේෂ අදටත් ඉතිරිව පවතී.

විශේෂයෙන්ම මෙම සිද්ධියෙන් මියගිය රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ අවසන් කටයුතු අද (11) දිනයේදීත් සිදුකිරීමට නියමිතව තිබේ.

පසුගිය ඉරිදා (05) දිනයේදී මීගමුව බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන් තත්ත්වය ගැටුමක් දක්වා පරිවර්තනය වූ අතර ඊට පසුදිනය දක්වාද මෙය පැතිර ගියේය.

සඳුදා (06) දිනයේ මෙම කැරැල්ලේ දරුණුතම සහ ම්ලේච්ඡතම දිනය ලෙස සිහිපත් කළ යුතුව ඇත.
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipF_HygEcr1wklWaq4nGY7Ijn2k9y26zUWGrfdOtXnXx5y5wIkPJz-LFYx_JF6Vm_Lq4YB4gDQxbjdMMcyupEml4XhCcAkfSTMoQsczbqBwImoXw-JNc58poBGD20-XxPEVdpqXec4UKvspuaSHCU__8sO8a-8HC810rBj9GkpBctYSQ06DNDqm8SEeVM9/s1600/negombo-fight.jpg

ගැටුම ආරම්භ වූ ඉරිදා දිනයේ දෙදෙනෙකු මියගිය අතර සඳුදා දිනය වනවිට එහි සමස්ථ සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

මියගිය අය අතර බන්ධනාගාර නිලධාරීන් සිටීම මෙම ප්‍රහාරයේ ම්ලේච්ඡත්වය මොනවට කියාපායි.

බන්ධනාගාර නිලධාරීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මෙන්ම පොලිසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළ කරුණුවලට අනුව ඇතැම් නිලධාරීන් ඝාතනය කර ඇත්තේ අමානුෂික වධ හිංසා පැමිණවීමෙන් බව කියවෙයි.

ඇතැම් නිලධාරීන්ගේ හිසට ගල්වලින් පවා ප්‍රහාර එල්ලකර ඇති අතර ඇතැම් නිලධාරීන්ගේ ලිංගික ප්‍රදේශවලට පවා හානි සිදුකර ඇති බවට තොරතුරු වාර්තා විය.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgaKQSfgIoo92NY8kIDaOa8swlA8y179f8csDWjJkAG6PyRbGCMJTnaoJ8NFrp4kisWe9lZq3DYVeJovylDOf8gabcYi_WqC_3C1_moWDCFcaZze4-RSEwP0bSAU0pCjcmP1nDzFjY6OBthXwRAAmybWoKOcoDOx0nHScKlhAnoXu7YXVsLnHKzij3_INUf/s1600/negombo-deth.jpg

කෙසේවෙතත් මෙම තත්ත්වය තුළ බන්ධනාගාරගතව සිටින රැඳවියන් කෙතරම් ම්ලේච්ඡ පුද්ගලයින් දැයි සිතාගත නොහැකි තත්ත්වයක පවතී.

'සිරකරුවෝද මනුෂ්‍යයෝය' යන්න බන්ධනාගාර තාප්පවල ප්‍රදර්ශනය කර තිබුණද එය වර්තමානයට කෙතරම් ගැලපේද යන්න සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියෙන් අනතුරුව මේ වනවිට ගැටලුවක්ව පවතී.

දඩ මුදල් ගෙවාගත නොහැකිව බන්ධනාගාරගත වන ඇතැම් පුද්ගලයින් බන්ධනාගාර තුළ සිටින රැඳවියන් සමග පවත්වන විවිධ සබඳතා හේතුවෙන් ඔවුන්ද ම්ලේච්ඡත්වට හුරු වනවාදැයි සැක සහිත කාරණයකි.


src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiiNNa9fCac3oQD2TQBiWLY2tmm3UIhvm1OU4GRaMR6tD0XZ9bV3qUbQvI3D4YWPSqtMWim67-zD-E-9C1lYuPtOpgUcrEGQY6QmXneOONKV0Uo2-fedI6E4htxWc4apWsM_3TEmSiCc2BIvSjJshZKNOMn_LwwmJs5bTMYpUSIe2OLr8__VCDbEna65gcv/s1600/negombo-prison.jpg

විවිධ ගණයේ අපරාධකරුවන් බන්ධනාගාර තුළ සිටින අතර ඔවුන්ගෙන් ඇතැම් පුද්ගලයින් මනුෂ්‍යයන් යැයි කිවහැකි මට්ටමක සිටියද 99%ම මිනිස් වෙස් ගත් අමනුෂ්‍යයන් බව නොකියාම බැරිය.

බන්ධනාගාර අතීත ගැටුම්..

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7_CrRHl8v9tTJR_U_kbkehOJ502Nfw9smukC2Gpr0zu_FRYfkGy7_XnXJ5YTQlOuuz98i205-OSHJt_s6C9_5-lJBRMchxLjFx8VcemmPT6ATzLVn5PpAv9Xl-grpX9ibzyYxrTEaALIl5JxiY6_UAf2HH5tllcgfVJZrZEZSAYYv34PlliaKYiRlIiMg/s1600/walikada.jpg

අතීතයේදී රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලේම පාහේ ආණ්ඩු යටතේ බන්ධනාගාර තුළ කැරලි සිදුවී ඒ අතුරින් දරුණුතම කැරැල්ල වූයේ 1983 දෙමළ විරෝධී කළු ජූලිය සමයේ සිදුවූ වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ලයි. එහිදී බන්ධනාගාර නිලධාරීන්ගේ සහ හමුදා සාමාජිකයන්ගේ සහාය ඇතිව රැඳවියන් සහ පිටස්තර පුද්ගලයන් විසින් දෙමළ රැඳවියෝ 53 දෙනෙක් ඝාතනය කරනු ලැබූහ.

පසුව, 2000 ඔක්තෝබර් 24-25 දිනවල බණ්ඩාරවෙල, බිඳුණුවැව පිහිටි රජයේ පුනරුත්ථාපන රැඳවුම් මධ්‍යස්ථානයකට පිහි, පොලු සහ වෙනත් ආයුධ රැගෙන කඩා වැදුණු පිටස්තර මැර පිරිසක් කොටි සංවිධානය සමග සබඳතා පවත්වන බවට සැක කෙරුණු, තරුණ දෙමළ රැඳවියන් 27 දෙනකු ඝාතනය කර තවත් 14 දෙනකුට බරපතළ තුවාල ලැබීය.

ජනතා විමුක්ති පෙරමුණ 1988 වසරේදී කොළඹ මැගසින් බන්ධනාගාරයට ප්‍රහාරයක් එල්ල කර, එහි සිරගත කර සිටි ඔවුන්ගේ සාමාජිකයන් 170 දෙනකු පමණ මුදාගත්තේය. එකල අධිකරණ අමාත්‍යවරයා වූ ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතා මෙම සිද්ධියේ වගකීම බාර ගනිමින් තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

2012 වසරේ දී, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් කළ විරෝධතාවකින් අනතුරුව විශාල ගැටුමක් ඇති වූ අතර, කලහකාරී රැඳවියන් මර්දනය කිරීමෙන් පසු එදින රාත්‍රී එහි සිටි රැඳවියෝ 27 දෙනෙක් ඝාතනය කරනු ලැබූහ. ඔවුන්ගෙන් ඇතැම් රැඳවියන් නම් අඬ ගසා කැඳවාගෙන පසුව හිසට වෙඩි තබා ඝාතනය කෙරුණු බව කියැවිණි.

2020 නොවැම්බර් මාසයේදී මහර බන්ධනාගාරයේද මෙවැනිම තත්වයක් ඇති විය. එහිදී රැඳවියන් බන්ධනාගාරය තුළ කොවිඩ් -19 රෝගයට අදාළ පීසීආර් පරීක්ෂණ වැඩියෙන් කරන ලෙස ඉල්ලා පැවැත්වූ විරෝධතාවක් කලහකාරී තත්වයකට හැරුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රැඳවියන් 11 දෙනකු මියගොස් තවත් රැඳවියන් 117 දෙනකුට බරපතළ තුවාල සිදු විය. බන්ධනාගාර ගොඩනැගිලි කිහිපයකට ද ගිනි තබා තිබුණි.

බන්ධනාගාර තදබදය සහ කිඹුල් කඳුළු...

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJdUdoc5nO8WCa3ZkLY8fqskV0rlelQ_nxaMINotiHdBjcAjA5O0AYrkf11k2fA2oAmeivyotFD-iShGFxOOcphglvP-W1XuVh5qdqcz69nd0oAvo8EG1Wa4gtVzLydrfynfkdN71gfU4gXPXM_nY60GXHFMun22Ieql4T3Kh41dUWy-K0pQVKrMf6QrST/s1600/harshana.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhx96tR_9vlvxUv_6DMerTqWagjuEDmpnOMdN8ynXHgD4paRl-oaYJJFrEdISOixRZhM5Jk5tjB5QVd5XZTXek59gTwgPX6Zvi2jTGldXZuWEcVWyzGTjYg0yHfI769L626FMj7RkI_SjyISWi1OtwcidpZLQFKNAepqHYD1d4jWs8te5Y37kig9rVUfgA_/s1600/harshana-2.jpg

බන්ධනාගාර තුළ රැඳවියන් සඳහා පවතින පහසුකම් ප්‍රමාණය අල්පවීම රැඳවියන් නීතිය අතට ගැනීමට ප්‍රධාන හේතුවක් බව සිරකරුවන් සුරැකීම වෙනුවෙන් පෙනීසිටින සංවිධාන මාධ්‍ය හමු පවත්වමින් ප්‍රකාශ කරන ආකාරය අප දැක නැතුවා නොවේ.

කෙසේවෙතත් රජයට හැකි ආකාරයෙන් බන්ධනාගාර රැඳවියන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සුබසාධන කටයුතු සිදුකරන අතර ඒවා සිදුකරනු ලබන්නේද ජනතා බදු මුදලෙනි.

කිසිදු රජයකට සිරකරුවන් සම්බන්ධයෙන් පැහැදිලි වැඩපිළිවෙලක් නොතිබුණු අතර වත්මන් රජයටද එවැනි වැඩපිළිවෙළක් නොමැති බව අකමැත්තෙන් වුවද ප්‍රකා‍ශ කළ යුතුව පවතී.

එමනිසා වහ වහාම සිදුකළ යුත්තේ බන්ධනාගාර රැඳවියන්ගේ සුබසාධනය සහ අනෙකුත් පහසුකම් වෙනුවෙන් කිසියම් වැඩපිළිවෙලක් යොදවා ගැටලු නිරාකරණය කිරීම වෙයි.

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් පසුව අමාත්‍යවරයා වගකීම භාර ගැනීම හෝ නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ අවමංගල්‍ය උත්සව සඳහා සහභාගී වී කඳුළු සැලීම මෙම ගැටලු නිරාකරණය කිරීමට ප්‍රමාණවත් නොවන බව කිව යුතුමය.

සියලු කරුණු පිළිබඳ සොයාබැලීමේදී ප්‍රශ්න කළ යුතු වන්නේ "සිරකරුවෝද මනුෂ්‍යයෝය" එය අදටත් වලංගුද යන්නයි.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana