header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඝාතනවලට යතුරුපැදි දුන්න පාතාල කල්ලි සාමාජිකයා අත්අඩංගුවට
Jul 11, 202604:51 PM
ඝාතනවලට යතුරුපැදි දුන්න පාතාල කල්ලි සාමාජිකයා අත්අඩංගුවට
Mobitel 1278

පානදුර සහ කළුතර පොලිස් කොට්ඨාසවල පසුගිය කාලය පුරා සිදුවූ ඝාතන සඳහා යතුරුපැදි සැපයූ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසිනි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 24 හැවිරිදි සැකකරු වලපල පදිංචි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන "වලපල පසියා" නමැති අයෙකි.

සැකකරු සමග යතුරුපැදි දෙකක්, නවතම ආරක්ෂක හිස් වැසුම් 2ක්, ජැකට් 2ක්, ස්මාට් ජංගම දුරකතන 2ක්, බැටරි ආරෝපණ 2ක් ඇස් දෙක පමණක් විවෘත මුහුණ වැසෙන නින්ජා කට්ටල දෙකක්, අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 10කට අධික ප්‍රමාණයක් සහ හොරයින් මත්ද්‍රව‍්‍ය ග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.

ඩුබායි සුද්දාගේ මත්ද්‍රව‍්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා වන වලපල පසිඳු නොහොත් පසියා නමැත්තා පානදුර සාගර මාවතේ නිවාඩු නිකේතනයක රැඳී සිටින බවට පානදුර කොට්ඨාස බුද්ධි අංශයට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහාන් විශ්වනාත් මහතා ඇතුළු කණ්ඩායමක් පසුගිය 09 වෙනිදා එම නිවාඩු නිකේතනය ඉදිරිපිටදී මත්ද්‍රව‍්‍ය සමඟ සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.

අනතුරුව ඔහුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඩුබායි සුද්දාගේ උපදෙස් මත ඝාතන සඳහා සූදානම් කිරීමට භාරදී තිබූ යතුරුපැදි දෙකක් මෙන්ම ආරක්ෂක හිස් වැසුම් ඇතුළු ජැකට් පින්නවල ප්‍රදේශයේ යතුරුපැදි කාර්මිකයකුගේ නිවසේ තිබී සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

සැකකරු විසින් එම යතුරුපැදි දෙක වර්ණ වෙනස් කර, ස්ටිකර් අලවා, වේගය වැඩිකර ධාවනය කිරීමට හැකිවන පරිදි සකස් කිරීම සඳහා යතුරුපැදි දෙක මීට දින කිහිපයකට පෙර එම කාර්මිකයා වෙත ලබාදී ඇති බවට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ විය.

එම යතුරු පැදි දෙක සමග රැගෙන යන බව පවසා ආරක්ෂක හිස් වැසුම් දෙකක් මෙන්ම නව ජැකට් කාර්මිකයා වෙත වෙත ලබාදී තිබූ බව සඳහන්ය.

අදාළ යතුරුපැදි දෙක සැකකරු අත්අඩංගුවට ගත් දින බණ්ඩාරගම ප්‍රදේශයේ තැබීම සඳහා පෙර දින ඩුබායි සුද්දා උපදෙස් ලබාදී ඇති බවට අනාවරණ වූ බව පොලිසිය කියයි.

එදින සවස් වන විට වේලාව තමන් වෙත වට්සැප් තාක්ෂණය ඔස්සේ පවසන බවට ඩුබායි සුද්දා පැවසූ බව සැකකරු පවසා ඇති බව සඳහන්ය.

සැකකරු අත්අඩංගුවට ගැනීම හේතුවෙන් එදින සිදුකිරීමට නියමිතව තිබූ ඝාතන කිහිපයක් වළක්වා ගත හැකි වූ බව පොලිසියය ප්‍රකාශ කර සිටියි.

සැකකරු මේ අයුරින් පසුගිය කාලය පුරා ඩුබායි සුද්දාගේ උපදෙස් මත පානදුර කුඩු සළින්දුගේ කළුතර නවීන් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ඝාතනය සඳහා යතුරුපැදි සපයා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත.

පොලිස් භාරයට ගත් යතුරුපැදි දෙකේ එන්ජින් සහ චැසි අංක මකා දමා තිබූ බවත් ඒවා සොරා ගත්තේ කුමන ප්‍රදේශයෙන් ද යන්න සැකකරුගෙන් තවදුරටත් විමර්ශන කරන බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකරනු ලබයි.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana