උණුසුම් පුවත්

රුධිරය දන්දෙන ලෙස ලෙබනන් රතු කුරුස සංවිධානයෙන් ඉල්ලීමක්

ලෙබනනයේ රෝහල් සඳහා රුධිරය සපයන එකම ආයතනය ලෙබනන් රතු කුරුස සංවිධානය වන අතර, පවතින හදිසි තත්ත්වය හමුවේ රුධිරය දන් දෙන ලෙස ඔවුන් විවෘත ඉල්ලීමක් කර ඇති බව කවිදෙස් මාධ්‍ය පවසයි.

(0)Comments | April 9, 2026  8:33 am

උතුරු දුම්රිය අද සිට ගමන් අරඹයි

උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අද සිට යාපනය, කන්කසන්තුරය දක්වා යළි දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | April 9, 2026  8:10 am

හෝමූස් සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයට චීන - රුසියා ඒකාබද්ධ නව කෙටුම්පතක්

හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ නව කෙටුම්පත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය‍ වෙත ඉදිරිපත් කිරීමට චීනයත් රුසියාවත් පියවර ගෙන තිබේ. 

(0)Comments | April 9, 2026  7:54 am

ට්‍රම්ප්ගෙන් නේටෝ සංවිධානයට දැඩි විවේචන

නේටෝ ප්‍රධානී මාර්ක් රුට් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ සංවිධානයට දැඩි ලෙස දොස් පවරා ඇති අතර ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් වූ සිය තර්ජන ද යළි වරක් සිදුකර තිබේ.

(0)Comments | April 9, 2026  7:43 am

අමෙරිකාවේ සියලු අරමුණු ඉටු කරගත් බවට ධවල මන්දිරයෙන් නිවේදනයක්

ඉරාන යුද්ධය ආරම්භයේ සිට අමෙරිකාව සතු වූ "සෑම අරමුණක්ම" සාර්ථකව ඉටු කරගෙන ඇති බව ධවල මන්දිරය යළිත් තහවුරු කර තිබේ.

(0)Comments | April 9, 2026  7:03 am

පොලිස් නිලධාරීන්ට අවුරුදු තෑගි තහනම් කරමින් පොලිස්පතිගෙන් උපදෙස් මාලාවක්

තුටුපඬුරු ලබා නොගැනීම සහ අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ලබාදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

(0)Comments | April 9, 2026  6:55 am

ඊශ්‍රායලයට හිස්බුල්ලා සංවිධානයෙන් රොකට් ප්‍රහාර

ඊශ්‍රායලය විසින් සිදුකරනු ලබන සටන් විරාම උල්ලංඝනය කිරීම්වලට ප්‍රතිචාරයක් ලෙස උතුරු ඊශ්‍රායලයේ මනාරා ජනාවාස වෙත අද (09) අලුයම රොකට් ප්‍රහාර එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය පවසයි.

(0)Comments | April 9, 2026  6:41 am

අයිස් සහ හෙරොයින් කිලෝ ගණනක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මාට්ටු

සංවිධානාත්මක මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ගණේමුල්ල, බොල්ලන උතුර ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | April 9, 2026  6:20 am

ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම අඩාල වෙයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ (08) දිනයේ ද විදුලිය ඇණහිටීම් වාර්තා වී තිබුණි.

(0)Comments | April 9, 2026  5:53 am

දිස්ත්‍රික්ක කිහිපයකට සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

(0)Comments | April 9, 2026  5:43 am

GMOA වැඩවර්ජනය අද උදෑසන සිට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක ක්‍රියාත්මක කිරීමට නියමිතය.

(0)Comments | April 9, 2026  5:19 am

ලෙබනනය පුරා ඊශ්‍රායලයෙන් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක්

ලෙබනනය පුරා ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් හේතුවෙන් රට පුරා විශාල පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.

(0)Comments | April 8, 2026  8:27 pm

සීමාවාසික පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්‍යවරු 436 දෙනාට පත්වීම්

සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්‍යවරු 436 දෙනාට ඔවුන්ගේ නව පත්වීම් හා සේවා ස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අද (08) ප්‍රකාශයට පත් කළේය.

(0)Comments | April 8, 2026  8:07 pm

GMOA හෙට පෙරවරුවේ සිට යළි වැඩවර්ජනයේ 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (9) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

(0)Comments | April 8, 2026  7:23 pm

විදුලි ගාස්තු තවත් 15%කින් වැඩිකරන්නැයි ඉල්ලීමක්

2026 දෙවන කාර්තුව සඳහා 15%කට ආසන්න ප්‍රතිශතයකින් යළිත් විදුලි ගාස්තු ඉහළ දැමීමට ජාතික පද්ධති පාලක සමාගම PUCSL වෙතින් ඉල්ලීමක් කර තිබේ.

(0)Comments | April 8, 2026  6:49 pm

දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් - ජනපති

දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත්, රජයට අවශ්‍ය සැපයුම් සිදු කිරීමේදීද ඉදිරියේදි දේශීය ව්‍යාපාරිකයන්ට ලබා දෙන අවස්ථා පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | April 8, 2026  5:37 pm

යුද්ධයෙන් නැවතී තිබූ 'කුවේට් එයාවේස්' කොළඹ දක්වා යළි ගමන් අරඹයි

යුධමය හේතුවෙන් මෙහෙයුම් නවතා තිබූ 'කුවේට් එයාවේස්' යළි කොළඹ දක්වා ගුවන්ගමන් ආරම්භ කරන බව සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අද (8) පස්වරුවේ නිවේදනය කළේය.

(0)Comments | April 8, 2026  4:58 pm

පළාත් රැසකට හෙට උණුසුම ඉහළට

හෙට (09) දිනයේ දී පළාත් රැසකට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | April 8, 2026  4:55 pm

රට රැකියා පෙන්වා කෝටි ගණන් මුදල් ගැරූ මහරගම කත කොටුවෙයි

ඇල්බේනියාවේ හා කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | April 8, 2026  4:43 pm

උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට සිට

'දිට්වා' සුළි කුණාටුවෙන් අඩාල වූ උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට (8) සිට නැවත ආරම්භ කෙරේ. 

(0)Comments | April 8, 2026  3:33 pm

අලුත් අවුරුදු කාලසීමාවේ විශේෂ ප්‍රවාහන සැලැස්ම පිළිබඳ දැනුම්දීමක්

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු කාලසීමාව තුළ විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. 

(0)Comments | April 8, 2026  3:24 pm

ඉන්දියාවේ ගුවන් සේවා සමාගම්වලට සහනයක්

ඉරාන යුද්ධය හේතුවෙන් මූල්‍ය පීඩනයට ලක්ව සිටින ඉන්දීය ගුවන් සේවා සමාගම් වෙත සහනයක් ලබා දෙමින්, එරට ප්‍රධාන ගුවන් තොටුපොළවල ගොඩබෑමේ සහ නැවැත්වීමේ ගාස්තු 25% කින් අඩු කරන ලෙස ඉන්දියාවේ ගුවන්තොටුපොළ තීරුබදු නියාමන අධිකාරිය නියෝග කර ඇත.

(0)Comments | April 8, 2026  2:10 pm

ශ්‍රී ලංකාවේ අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලය සහ ජනපති අතර හමුවක්

ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව සිටින අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

(0)Comments | April 8, 2026  1:51 pm

හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නතර කරයි

අමෙරිකානු - ඉරාන සටන්විරාමය නිවේදනය කිරීමෙන් අනතුරුව හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායල හමුදාවට සහ එම භූමියට එල්ල කරන ප්‍රහාර නවත්වා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

(0)Comments | April 8, 2026  1:30 pm

කෙසෙල්ගමු ඔයේ කාන්තා මළ සිරුරක්

කෙසෙල්ගමු ඔයේ පාවෙමින් තිබූ හඳුනානොගත් කාන්තා මළ සිරුරක් හමු වී තිබේ.

(0)Comments | April 8, 2026  1:14 pm