header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සහල්වලින් අතුරු නිෂ්පාදන සිදුකරන්න රජය සැරසෙයි
Jul 10, 202606:38 PM
සහල්වලින් අතුරු නිෂ්පාදන සිදුකරන්න රජය සැරසෙයි
Mobitel 1278

මෙරට සහල් පරිභෝජනය බත් සඳහා පමණක් සීමා නොකර සහල් ආශ්‍රිත අනෙකුත් අතුරු නිෂ්පාදන සඳහා ද යොදා ගැනීමෙන් සහල් සඳහා වූ වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර ගැනීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ නව ජල ව්‍යාපෘතියක් විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමිනි.

පසුගිය කාලසීමාවේදී මෙරට වී නිෂ්පාදනය අවම මට්ටමක පැවතීම හේතුවෙන් සහල්වලින් වෙනත් නිෂ්පාදන සිදු කිරීම තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ බවත් සිය රජය විසින් එම ගැසට් නිවේදනය ඉවත් කිරීමට පියවර ගත් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

වී අතිරික්තයක් පවතින අවස්ථාවලදී ගොවියා මුහුණ දෙන අර්බුද මඟහරවා ගනිමින්, වී සඳහා වෙළඳපොළේ ඉහළ තරඟකාරීත්වයක් සහ සාධාරණ මිලක් ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගත් බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ඉදිරියේ දී මෙරට තුළ බත්වලට අමතරව සත්ව ආහාර, බියර්, වයින්, බිස්කට් සහ කේක් වර්ග ඇතුළු විවිධ අගය එකතු කළ නිෂ්පාදන සඳහා සහල් භාවිත කිරීමට සැලසුම් කර ඇති බවය.

පසු අස්වනු නාස්තිය වැළැක්වීමේ ආයතන විසින් සහල් ඇසුරෙන් නිෂ්පාදනය කළ හැකි ආහාර පාන වර්ග රැසක් දැනටමත් පර්යේෂණ මට්ටමින් සොයාගෙන ඇති අතර, ඒවා කඩිනමින් වාණිජමය වශයෙන් වෙළඳපොළට හඳුන්වා දීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

මෙමඟින් වී මිලදී ගැනීම සඳහා සාමාන්‍ය මෝල් හිමියන්ට අමතරව, වයින්, බිස්කට් මෙන්ම සත්ව ආහාර නිෂ්පාදකයන් ද තරඟකාරී ලෙස වෙළඳපොළට ඉදිරිපත් වන බැවින් ගොවීන්ට තමන්ගේ අස්වැන්න සඳහා වඩාත් සාධාරණ සහ ඉහළ මිලක් ලබා ගැනීමට අවස්ථාව හිමිවන බවද එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව වගා ඵලදායිතාව සහ මහන්සිය තවදුරටත් ඉහළ නංවමින්, මෙම නව වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් වී වගාව පුළුල් කිරීමට කටයුතු කරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

''අපේ සහල්වලින් ආහාර පාන බත විතරක් නෙවෙයි. සහල්වලින් තව අතුරු නිෂ්පාදන ගණනාවක් තිබෙනවා. අපේ වී නිෂ්පාදනය අඩු නිසා. සහල්වලින් අනිත් නිෂ්පාදන තහනම් කරලා ගැසට් එකක් තිබුණා. හාල්වලින් අනිත් නිෂ්පාදනය කරන්න තහනම්. ඇයි? අපිට හාල් මදි බත්වලට විතරක්. හැබැයි අපේ දැන් හාල් නිෂ්පාදන ඇති වෙලා තිබෙනවා. අපි පහුගියදා ඒ ගැසට් එක අයින් කරා. ගැසට් එක අයින් කරලා හාල්වලින් බත් විතරක් නෙවෙයි හාල්වලින් අනිත් නිෂ්පාදනයන්ටත් යන්න පුළුවන් විදිහට හාල් වෙළඳපොළ වැඩි කරන්න ඕන.

තමුන්නාන්සේලා නිෂ්පාදනය කරනවා නම් ගොවිජනතාව විශාල අස්වැන්නක් ගේනවා නම් ඒක බතට විතරක් විතරක් වැඩියි. ඒ නිසා තව අතුරු, සත්ව ආහාර, එතෙන්ටත් අපි යන්න ඕන. තව බියර් නිෂ්පාදන. එතන්ටත් යන්න වෙනවා.. අපි දන්නවා ජපන් රටේ සහල්වලින් විශාල නිෂ්පාදන කරනවා. හැබැයි අපි සහල්වලින් බත විතරක් නිෂ්පාදනය කරන රටක් බවට පත්වෙලා තිබෙනවා. එතකොට හාල් වැඩි වුණොත් අර්බුද එනවා. ඒ නිසා අනිත් නිෂ්පාදනවලටත් යන්න ඕනේ.. අනිත් නිෂ්පාදනවලට ගියපුවහම ගොවි ජනතාවට තවත් තමන්ගේ වීවලට වැඩි මිලක් ගන්න පුළුවන් කියලා අපි අපේක්ෂා කරනවා. ඒ නිසා තිබුණා ගැසට් එකක්, අනිත් නිෂ්පාදනවල තහනම් කරපු ඒ ගැසට් එක අපි අයින් කරා. සහල්වලින් බත් පමණක් නෙවෙයි, අනිත් නිෂ්පාදනත් කරන්න කරන්න පුළුවන් දැන්. තව වගා කරමු. තව අපේ කුඹුරේ අස්වැන්න වැඩි කරගමු. තව ඵලදායිතාවය වැඩි කරගමු. තව මහන්සි වෙමු. අපි නිෂ්පාදන වැඩි කරමු. අපේ රටට අවශ්‍ය වෙන නොයෙකුත් ආහාර වර්ග අපිට සහල්වලින් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ දිශාවට අපි යන්න ඕන.

අපේ පසු අස්වනු නාස්තිය වැළැක්වීමේ ආයතන තිබෙනවා. ඒ ආයතනය සහල්වලින් නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් විශාල ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. හැබැයි හොයාගත්තට වැඩක් නෑ. බිස්කට් හදන ඒවා තියෙනවා. කේක් හදන ඒවා තියෙනවා. අතුරු නිෂ්පාදන විශාල ප්‍රමාණයක් හදනවා. හැබැයි ඒවා පර්යේෂණ මට්ටමේ තිබෙන්නේ. අපි ඒවා වෙළඳපොලට ගේන්න ඕන. එතකොට තමයි අපිට හාල්වලට විශාල වෙළඳපොලක් හැදෙන්නේ. එතකොට මෝල් හිමියන්ට ඇවිල්ලා ඒගොල්ලෝ වී මිලදී ගන්න පුළුවන් බත්වලට. තව කෙනෙක් ඇවිල්ලා වී මිලදී ගන්න පුළුවන් වයින්වලට. තව කෙනෙක් ඇවිල්ලා වී මිලදී ගන්න පුළුවන් බිස්කට්වලට. තව කෙනෙක් ඇවිල්ලා වී මිලදී ගන්න පුළුවන් සත්ව ආහාරවලට. හොඳයිනේ. එතකොට විශාල වෙළඳපොළක් හැදෙනවා නේ. එහෙම වෙළඳපොළක් හරහා තමයි අපේ මේ වීවලට සාධාරණ මිලක් සහ වෙළඳපොලේ තරඟකාරීත්වයක් හදලා ඉස්සරහට යන්න පුළුවන්. ''

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana