උණුසුම් පුවත්
ආපදා මරණ සංඛ්‍යාව 479ක් දක්වා ඉහළට
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 479ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අපරාධයකින් උත්පාදිත විදෙස් රටවල ඇති වත්කම් ලබාගැනීමට ජාත්‍යන්තර සහාය
අපරාධයකින් උපයාගත් බවට සැළකෙන විදේශිය රටවල පවතින වත්කම් නැවත පවරාගැනීම සඳහා වු ක්‍රියාදාමයකට අවශ්‍ය තාක්ෂණික සහ විශේෂඥ සහයෝගය ලබාදීමට ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ...
ඝාතනයකට සූදානමින් සිටි හිටපු LTTE සාමාජිකයෙක් අත්අඩංගුවට
ඝාතනයක් සඳහා සූදානමින් සිටි අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කරන්දෙණිය සුද්දාගේ කුලී ඝාතකයෙකු මීටියාගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෝදර දේවාල කමිටු සභාපතිවරයා ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට
අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටු සභාපතිවරයා ඝාතනය කළ වෙඩික්කරු ගාල්ල දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශ්වවිද්‍යාල සිසුන්ට අමතර මහපොළ වාරිකයක්
විශ්වවිද්‍යාල සිසුන්ට සඳහා අමතර මහපොළ වාරිකයක් ගෙවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ආපදාවට පත් කර්මාන්ත ගැන දැනුම්දීමට විශේෂ දුරකතන අංකයක්
'දිට්වා' සුළි කුණාටුව' හේතුවෙන් ආපදාවට ලක්වී ඇති කර්මාන්ත නැවත නගාසිටුවීම සඳහා එම කර්මාන්ත පිළිබඳ දත්ත ලබාගැනීමේ ක්‍රමවේදයක් කර්මාන්ත අමාත්‍යාංශය විසින් දියත් කර තිබේ.
දහම් පාසල් 6 - 10 ශ්‍රේණි විභාගය කල්දැමේ
බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් 6 - 10 ශ්‍රේණි විභාගය දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.
ඇති වී තිබෙන තත්ත්වය හමුවේ නිවැරදි ප්‍රතිපත්ති මත කටයුතු කළ යුතුයි - අගමැති හරිනි
ඇති වී තිබෙන තත්ත්වය හමුවේ උපායශීලීවීමටත්, අයවැය තුළ යම් යම් ගැළපීම් සිදුකරමින් ආයෝජන පසුබිම සහ පරිසරය නිවැරදිව සකස් කර ගත යුතුව ඇති බවත්, නිවැරදි ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ යුතුව ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
UAE සිට ආධාර රැගත් තවත් ගුවන් යානා 02ක් කටුනායකට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ආපදා ආධාර රැගත් තවත් ගුවන් යානා 02ක් අද (3) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
පොලී රහිත ශිෂ්‍ය ණය අයදුම්පත් යොමු කිරීමේ අවසන් දිනය
පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 10 වන අදියර අයදුම්පත් කැඳවීමේ කාල සීමාව 2025.12.15 දක්වා දීර්ඝ කර තිබේ.
පානීය ජලයේ ගුණාත්මකබව ගැන සහතිකයක්
ආපදා තත්ත්වය යටතේ කුමන බලපෑම් එල්ල වුවත් ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ආසන වෙන්කරගත් බස් මගීන්ට දැනුම්දීමක්
'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යසනකාරී තත්ත්වය හමුවේ මාර්ග අවහිර වීමෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් ගමන්වාර 1,500ක් පමණ අවලංගු වූ වී තිබේ.
කොළඹ - මහනුවර - බදුල්ල සහ කෑගල්ලට ගෑස් බෙදන්න අවහිරතා
පැවති අයහපත් කාලගුණ තත්ත්වය සමඟ සිදුවු ආපදා හේතුවෙන් කොළඹ, බදුල්ල, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ 48ක් සඳහා ගෑස් බෙදාහැරීමට බාධා ඇති ව තිබේ.
වසා තිබූ මාර්ග 159ක් යළි ඇරෙයි - කඩුවෙල අන්තර් හුවමාරුවේ ගමනාගමනයත් සාමාන්‍ය පරිදි
පැවති අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබුණු මාර්ග 159ක් යළි විවෘත කර තිබේ.
ආපදාවෙන් පීඩාවට පත් පාසල් ළමයෙක්ට රුපියල් 25,000ක්
ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම ළමයෙකු වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් 25,000ක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
සමාජ මාධ්‍ය මඟින් මැති ඇමතිවරුන්ට අපහාස කරන අයට හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න - නි.ඇමති වටගල
සමාජ මාධ්‍යවල ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්ට එරෙහිව අපහාසාත්මක ප්‍රචාරයන් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙස සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා පොලීසියට උපදෙස් ලබා දී තිබේ.
ලාංකීය ජනතාව මුහුණදුන් ව්‍යසනකාරී තත්ත්වය ගැන පාකිස්තානු අගමැතිගේ කනගාටුව
ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු වූ ව්‍යසනකාරි තත්ත්වය පිළිබඳව පාකිස්තානු අගමැති ශෙබාස් ශරීෆ් මහතා සිය කනගාටුව පළ කර තිබේ.
ජනතාවට සහන සලසන අතර ආගමික සිද්ධස්ථාන පිළිසකර කරන්න - නාමල්
පසුගියදා හටගත් ගංවතුරෙන් සහ නායයාමෙන් විපතට පත් ජනතාවට උපරිම සහන සලසන අතර මේ නිසා විනාශයට පත් වූ විහාරස්ථාන, පල්ලි කෝවිල්, ඇතුළු සියලු පූජ්‍යස්ථාන පිළිසකර කිරීමට නිසි ප්‍රමුඛතාව ලබාදෙන මෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලා සිටී.
විමල් වීරවංශට වරෙන්තු
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට වරෙන්තු නිතුත් කර තිබේ.
ආපදා මරණ 474ක් - 356ක් අතුරුදන් - වැඩිම මරණ මහනුවරින්
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 474ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
පොහොයට පිට පළාත්වලින් අනුරාධපුරයට එන්න එපා - අටමස්ථානාධිපති නාහිමි
දිවයිනට බලපෑ අයහපත් කලාගුණ තත්ත්වය හේතුවෙන් හෙටට යෙදී ඇති උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේදී වන්දනාමාන කටයුතු සඳහා නොපැමිණෙනවා නම් වඩාත් සුදුසු බව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි සැඳැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඉන්දීය වෛද්‍යවරු ඇතුළු පිරිසක් දිවයිනට
ඉන්දියානු වෛද්‍යවරුන්, හෙද හෙදියන්, උපස්ථායකයින් ඇතුළු ජංගම ආරෝග්‍යශාලා 02ක්, රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයක් දිවයිනට පැමිණ තිබේ.
ජල සැපයුම ගැන නිවේදනයක්
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පැවති ජල පොම්පාගාර 343න් 156කට අර්ධ හෝ පුර්ණ හානි සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ජනපති ප්‍රධානත්වයෙන් හදිසි කැබිනට් රැස්වීමක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) සවස 5ට හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා තිබේ.
ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, එච්. එස්. කේ. ජේ. බණ්ඩාර මහතා මේ බව නිවේදනය කළේය.
නයාරු පාලමේ තාවකාලික අලුත්වැඩියා කටයුතු අරඹයි
ජල ගැලීම් හේතුවෙන් සම්පූර්ණයෙන්ම කැඩී ගොස් තිබූ මුලතිව් නයාරු ප්‍රධාන පාලමේ අලුත්වැඩියා කටයුතු යුද හමුදා භට පිරිස් එකතුවෙන් මේ වන විට ආරම්භ කර තිබේ.