උණුසුම් පුවත්
සුරේෂ් සලේගේ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම 14වනදාට කල් දැමෙයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (10) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුණි.
ස්පාඤ්ඤයේ ලැව්ගින්නක් - 11ක් මරුට 19ක් අතුරුදන්
දකුණු ස්පාඤ්ඤයේ ඇන්ඩලූසියා (Andalusia) කලාපයේ හටගත් දරුණු ලැව්ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස්, තවත් 19 දෙනෙකු අතුරුදන් වී තිබේ.
විද්‍යුත් වීසා නිකුත් කිරීම පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ නිත්‍යානුකූලභාවය පිළිබඳව යළි සලකා බැලීමට තීරණයක්
පසුගිය රජය සමයේ විද්‍යුත් විසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් වෙත පැවරීම සඳහා ඇතිකර ගෙන තිබෙන ගිවිසුම්වල නීත්‍යානුකූල භාවය පිළිබඳව යළි සලකා බැලීමට වත්මන් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද (10) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
පළාත් සභා මැතිවරණයට වෙන්කළ මුදල් ආපදා සහන සඳහා යොදාගෙන නෑ - අගමැති හරිනි
පළාත් සභා මැතිවරණයට වෙන්කළ මුදල් ආපදා සහන සඳහා යොදාගෙන නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අගමැතිවරිය මේ බව පැවසුවාය.
නව නාවික හමුදාපති ජනපති හමුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර නිල හමුවක් පසුගියදා සිදුවිය.
උතුරු කොරියානු අගමැති චීන නිල සංචාරය අරඹයි
උතුරු කොරියානු අග්‍රාමාත්‍ය Pak Thae-song මහතා චීනයේ නිල සංචාරයකට එක්ව තිබේ.
මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් 17 වැනිදා කැඳවයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට සහාය පළකරමින් කරුණු දැක්වීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන අතරමැදි පෙත්සම් සියල්ල ලබන 17 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
නීති විරෝධී මුහුදු කූඩැල්ලන් ජාවාරමක් කොටු වෙයි
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කළ මුහුදු කූඩැල්ලන් 60,448කට අධික තොගයක් සමඟ සැකකරුවන් 26 දෙනෙකු, ඩිංගි යාත්‍රා දොළහක් 12 සමඟ නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට තවත් ලිපියක්
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීමේ දීර්ඝ කාලීන ප්‍රමාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.
වී මිලදී ගැනීම් එළැඹෙන සඳුදා සිට ඇරඹෙයි
වී අලෙවි මණ්ඩලය මගින් එළැඹෙන සඳුදා (13) වැනිදා සිට වී මිලදී ගැනීම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසයි.
බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් 35,000ට ආසන්න වෙයි
බස්නාහිර පළාතෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,000 සීමාවට ආසන්න වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
පාතහේවාහැට ප්‍රා.ස. සභාපති අල්ලස් කොමිසමට කොටුවෙයි
අධිකරණය මඟින් සිරදඬුවම් නියම කිරීමෙන් පසු සැඟව සිටි පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
අද (10) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
සංචාරක පැමිණීම ලක්ෂ 12කට ආසන්නයි - ඩොලර් බිලියන 1.5ක ආදායමක්
2026 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 12කට (මිලියන 1.2) ආසන්න වී ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.
ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
තැන තැන සිදු වූ මාරක අනතුරු - සිව්දෙනෙකු ජීවිතක්ෂයට
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
තඹුත්තේගම ජල ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට
තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය අද (10) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (10) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය කළුතරදී
අමරපුර මහා නිකායේ 2026 උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් කළුතර බෝධිය අභියසදී අද (09) පස්වරුවේ පැවැත්විණි.
ගුරුවරුන් සඳහා ආයෝජනය කිරීම රටක් කරන වටිනාම ආයෝජනයක් - අගමැති
ගුරුවරුන් සඳහා ආයෝජනය කිරීම රටක් විසින් සිදුකරන ඉතාම වටිනා ආයෝජනයක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
චීනයේ 'සපත්තු අගනුවර' කම්හලක දැවැන්ත ගින්නක්
චීනයේ සපත්තු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හටගත් දැවැන්ත ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව චීන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
කතරගම එන බැතිමතුන්ට මධ්‍යම පරිසර අධිකාරියෙන් විශේෂ ඉල්ලීමක්
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මහෝත්සවයට සහ වන්දනාමාන කටයුතු සඳහා පැමිණෙන බැතිමතුන් වගකීමෙන් යුතුව කසළ නිසි පරිදි බැහැර කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී.
සිරුරෙන් බද්ධව සිටි දැරියන් සැත්කමකින් සාර්ථකව වෙන්කෙරේ
මෙරට වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් , ශ්‍රෝණියෙන් බද්ධ වී සිටි නිවුන් දැරියන් දෙදෙනකු ඉතා සංකීර්ණ සැත්කමකින් පසු සාර්ථකව වෙන් කිරීමට මෙරට වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබේ.
තත්ත්වය පාලනයට වෙඩි තැබූ නිලධාරියාටත් රැඳවියන්ගෙන් මරණ තර්ජන
මීගමුව බන්ධනාගාරයේ හටගත් ගැටුම අතරතුර දොරටුව බිඳගෙන රැඳවියන් පිටතට පැමිණීම වැළැක්වීම සඳහා වෙඩිතැබූ බන්ධනාගාර නිලධාරියාට කළහකාරීව හැසිරුණු රැඳවියන් විසින් මරණ තර්ජන සිදුකර ඇතැයි වාර්තා වෙයි.