header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සුරේෂ් සලේගේ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම 14වනදාට කල් දැමෙයි
Jul 10, 202602:13 PM
සුරේෂ් සලේගේ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම 14වනදාට කල් දැමෙයි
Mobitel 1278

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත් අඩංගුවට ගෙන රදවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (10) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුණි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීම සිදුවිය.

එහිදී පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් "සහරාන් හෂීම් විසින් ඉස්ලාමීය රාජ්‍යයක් බිහිකිරීම සදහා වු සිය සැලැස්ම 2018 වසරේ සිට ක්‍රියාත්මක කර තිබෙන බව ජනක් ද සිල්වා කොමිසම හමුවේ ප්‍රබල සාක්ෂි අනාවරණය වී තිබෙනවා. අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදී සංවිධානයේ මතවාදය පෙරදැරි කරගෙන ඔහු ක්‍රියාත්මක වී තිබෙනවා. එය කළේ සලේ නෙවෙයි. මහනුවර ඇසළ පෙරහැරට ප්‍රහාරයක් එල්ල කර සිංහල සහ මුස්ලිම් ප්‍රජාව අතර නොසන්සුන්තාවයක් ඇති කිරීම ඔහුගේ අරමුණ වුණා. ඒ පිළිබඳ ප්‍රබල කරුණු ජනක් ද සිල්වා කොමිසම විසින් හෙළිදරව් කර තිබෙනවා. රජයේ ආරක්ෂක අංශවලට සහ බුද්ධි අංශවලට අනාවරණය කර ගැනීමට නොහැකි වන පරිදි න්‍යායාත්මක මෙන්ම අවි පුහුණුව ලබා දීමට කටයුතු කර තිබෙනවා. සහරාන් ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍ය ඔස්සේ සිය අන්තවාදී මතවාද ප්‍රචලිත කළා. ශානි අබේසේකර සඳහන් කරන ආකාරයට ඒවා කළේ පෙත්සම්කාර සුරේෂ් සලේ නොවෙයි. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව ස්වාධීන විමර්ශනයක් සිදු කිරීම සඳහා සහාය වන ලෙස ශ්‍රී ලංකාව විසින් ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ බව එවක ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාද ඔහුගේ ප්‍රකාශවලින් තහවුරු කර තිබුණා. ඒ අනුව එෆ්. බී. අයි සංවිධානයේ නිලධාරීන් 33 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වලට සහාය වුණා. ඩිජිටල් උපකරණ විශ්ලේෂණය කිරීම, වින්දිතයින් ගෙන් තොරතුරු ලබා ගැනීම ඇතුළු අංශ ගණනාවකින් ඔවුන් විමර්ශනයට සහාය වුණා. එදා සී. අයි. ඩී අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ ශානි අබේසේකර මහතායි." යනුවෙන් සඳහන් කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා "පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකානු දිස්ත්‍රික් අධිකරණයක් හමුවේ මොහොමඩ් නවුෆර්, මොහොමඩ් මිල්හාන් ඇතුළු පිරිසකට එරෙහිව නඩු පැවරීම සිදු වුණා. එෆ්. බී. අයි ආයතනය එම අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය තුළින් ශ්‍රී ලංකාවේ එල්ල කරන ලද පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් යැයි ප්‍රකාශ කර තිබෙනවා. එසේ තිබියදී ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න කොහොමද? කියන්නේ සුරේෂ් සලේ තමයි මහ මොළකරු කියලා. 2019 ජනවාරි මස 25 වනදා සිට අප්‍රේල් මස 20 වනදා දක්වා සහරාන් හෂීම් ඇතුළු තව්හීද් ජමාත් සංවිධානය විසින් සිදුකළ සහ සිදුකිරීමට නියමිත අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් පොලිස්පතිවරයාට වාර්තා යොමු කර තිබෙනවා. එහි පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත යොමු කර තිබෙනවා. එහෙත් ඒවා වැළැක්වීමට ඔවුන් කිසිම පියවරක් ගත්තේ නෑ. ඔවුන් එම වාර්තා අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශන සිදු කරන නිලධාරීන්ට ලබාදී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ වාසල තන්ත්‍රිගේ ඩයස් පද්මසිරි නමැති නිලධාරියා ලබාදී ඇති ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා." යනුවෙන් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කෙරිණි.

ඉන් අනතුරුව පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 14 වනදා දක්වා කල් තැබුණි.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana