header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ගුරුවරුන් සඳහා ආයෝජනය කිරීම රටක් කරන වටිනාම ආයෝජනයක් - අගමැති
Jul 09, 202610:01 PM
ගුරුවරුන් සඳහා ආයෝජනය කිරීම රටක් කරන වටිනාම ආයෝජනයක් - අගමැති
Mobitel 1278

ගුරුවරුන් සඳහා ආයෝජනය කිරීම රටක් විසින් සිදුකරන ඉතාම වටිනා ආයෝජනයක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

අද (09) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති ජාතික අධ්‍යාපන ආයතනයේ 2026 උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය.

ජූලි 7, 8 සහ 9 යන තෙදින පුරා පැවති මෙම උපාධි ප්‍රදානෝත්සවයේදී ජාතික අධ්‍යාපන ආයතනය මගින් පිරිනමන උපාධි පාඨමාලා සාර්ථකව සම්පූර්ණ කළ වෘත්තිකයන්ට උපාධි ප්‍රදානය කෙරිණි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, අධ්‍යාපනය තුළින් පුද්ගලයන් ස්වාධීනව සිතීමට, තමන් වටා ඇති ලෝකය තේරුම් ගැනීමට, සමාජ අසාධාරණයන්ට එරෙහිව ප්‍රශ්න කිරීමට, විවිධත්වයට ගරු කිරීමට සහ සමාජයේ ක්‍රියාකාරී පුරවැසියන් ලෙස කටයුතු කිරීමට හැකි පරිදි නව පරපුර සවිබල ගැන්විය යුතු බවයි.

උපාධි ප්‍රදානෝත්සවයක් පුද්ගල ජයග්‍රහණ සැමරීමකට පමණක් සීමා නොවී, අධ්‍යාපනයේ අරමුණ සහ එමඟින් සමාජයට පැවරෙන වගකීම් පිළිබඳ නැවත සිතා බැලීමේ අවස්ථාවක් බවද ඇය සඳහන් කළාය.

ජාතික අධ්‍යාපන ආයතනය දශක ගණනාවක් පුරා විෂයමාලා සංවර්ධනය, ගුරු අධ්‍යාපනය, අධ්‍යාපනික පර්යේෂණ සහ වෘත්තීය සංවර්ධනය යන ක්ෂේත්‍රවල ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ අනාගතය හැඩගැස්වීමේ සුවිශේෂී ආයතනයක් බවද ඇය පෙන්වා දුන්නාය.

වෙනස් වන ලෝකයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගීමේදී විවේචනාත්මක චින්තනය, ඩිජිටල් දැනුම, නිර්මාණශීලීත්වය, සහයෝගීතාව සහ ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

එමෙන්ම සමාජ විෂමතා අවම කරන අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීමේදී ගුරුවරුන්ගේ කාර්යභාරය අතිශය වැදගත් බව පෙන්වා දුන් ඇය, දරුවන්ගේ ආත්ම විශ්වාසය, සමානාත්මතාව, ගෞරවය සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වර්ධනය කිරීමේ බලය ගුරුවරුන් සතුව පවතින බව සඳහන් කළාය.

ඒ අනුව ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම රටේ අනාගතය වෙනුවෙන් සිදුකරන වටිනාම ආයෝජනයක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, දිගින් දිගටම ඉගෙනීමට, පර්යේෂණ කිරීමට සහ වෙනස්කම්වලට අනුව හැඩගැසීමට සූදානම් ගුරුවරුන් රටට අවශ්‍ය බවද කියා සිටියාය.

අද උපාධි ලබන පිරිස අධ්‍යාපනය තුළින් තම පෞද්ගලික දියුණුව පමණක් නොව සමාජයට දායක වන වගකීමක් ද භාරගන්නා බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, සෑම දරුවෙකුටම තම උපරිම හැකියාවන් කරා ළඟා විය හැකි අනාගතයක් ගොඩනැගීම සියලු දෙනාගේම සාමූහික වගකීම බවද අවධාරණය කළාය.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana