උණුසුම් පුවත්

පොළොන්නරුව - මඩකලපුව මාර්ගයේ සුළු ගංවතුර තත්ත්වයක්

ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් එහි ජල මට්ටම ඉහළගොස් පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය මේ වනවිට සුළු වශයෙන් ජලයෙන් යටව තිබේ.

(0)Comments | February 22, 2026  4:04 pm

අඩුපීඩන කලාපය දිවයිනෙන් ඉවතට - තද වැසි ක්‍රමයෙන් අඩුවෙයි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා දැනට පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | February 22, 2026  3:32 pm

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අකුරේගොඩදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව ඊයේ (21) අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ.

(0)Comments | February 22, 2026  3:11 pm

අනතුරට ලක්වූ මිතුරන් බලන්න රෝහලට යමින් සිටි යහළුවාත් මාරක අනතුර

ගාල්ල, දඩල්ල, කනත්ත අසල මාර්ගයේ නවතා තිබු බස් රථයක, යතුරුපැදියක් ගැටීමෙන් අද (22) අලුයම සිදුවු අනතුරකින් තරුණයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

(0)Comments | February 22, 2026  2:24 pm

පැරණි නීති රීති හා අණපනත් සංශෝධනය කිරීමට රජය සූදානම් වෙයි 

මෙරටේ දීර්ඝ කාලයක් පවතින විවිධ ක්ෂේත්‍රවලට අදාළ නීති නැවත සලකා බලා සංශෝධනය විය යුතු නීති හා අණපනත් සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි. 

(0)Comments | February 22, 2026  2:16 pm

වායුගෝලයේ කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන ධිවර සහ නාවික ප්‍රජාව සඳහා අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබේ.

(0)Comments | February 22, 2026  2:03 pm

බීඩි කොළ, විදේශීය දුම්වැටි සහ නීතිවිරෝධී කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු භාරයට

බීඩී කොළ, විදේශීය දුම්වැටි සහ නීතිවිරෝධී කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු හලාවත, තොඩුවාව ප්‍රදේශයේදී වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

(0)Comments | February 22, 2026  1:34 pm

ශ්‍රී ලංකා - එංගලන්ත තරගයට වැස්සෙන් බාධා ඇති වෙයි ද? 

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකා සහභාගී වන පළමු තරගය ආරම්භවීමට ඇත්තේ, හෝරා කිහිපයකි. 

(0)Comments | February 22, 2026  12:54 pm

කුරුඳු ඉඩමක වැඩකරමින් සිටියදී කොටුවූ අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු 

අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලේදී පසුගිය 13 වැනි දින නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් මේ වන විට තොරතුරු රැසක් ලැබී ඇතැයි පොලීසිය පවසයි.

(0)Comments | February 22, 2026  12:40 pm

NBRO අනතුරු ඇඟවීමක් - ප්‍රදේශ කිහිපයකට මි.මී 200ට වැඩි වැසි

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 200ට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

(0)Comments | February 22, 2026  12:25 pm

පයාගලදී කැබ් රථයක් දුම්රියේ ගැටී සිදුවූ අනතුරින් දෙදෙනෙකු මරුට

ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ ගාලු කුමාරි සීග්‍රගාමී දුම්රියේ අද (22) උදෑසන ගැටුණු කැබ් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

(0)Comments | February 22, 2026  11:51 am

ගතවූ පැය 24 තුළ මි.මී 171ක වැඩිම වැස්ස ඇහැළියගොඩට

ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ඇහැළියගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මි.මී 171ක් ලෙස සටහන් වූ බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පවසයි.

(0)Comments | February 22, 2026  11:03 am

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

(0)Comments | February 22, 2026  10:12 am

පයාගලදී කැබ් රථයක් දුම්රියේ ගැටෙයි

අද (22) උදෑසන 7.30ට පමණ ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වන ගාලු කුමාරි සීග්‍රාගාමී දුම්රියේ කැබ් රථයක් ගැටීමෙන් කැබ්රථ රියදුරා බලපතළ තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පයාගල පොලීසිය ප්‍රකාශ කරයි.

(0)Comments | February 22, 2026  9:27 am

කැබ් රථයක් පාලමකින් පහළට පෙරළෙයි

මොනරාගල - පොතුවිල් ප්‍රධාන මාර්ගයේ, මොනරාගල නගරය ආසන්නයේදී කැබ් රථයක් පාලමකින් පහළට පෙරලීමෙන් අනතුරක් සිදු ව තිබේ.

(0)Comments | February 22, 2026  8:43 am

හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

අනුරාධපුරය පූජා නගරය ප්‍රදේශයේදී, හෙරොයින් ග්‍රෑම් 255ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට තිබේ.

(0)Comments | February 22, 2026  8:20 am

අකුරේගොඩ ඝාතනයට ඇල්ලූ වෙඩික්කරු ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (21) දිනයේදී අත්අඩංගුවට ගනු ලැබූ වෙඩික්කරු සම්බන්ධව කරුණු රැසක් පොලීසිය විසින් හෙළිකරගෙන තිබේ.

(0)Comments | February 22, 2026  8:05 am

අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණියක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 110ක් සමඟ සැකකාරියක් ගල්කිස්ස, විලියම් පෙදෙසදී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | February 22, 2026  7:20 am

දුරදිග ගිය ඉඩම් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර, කාන්තාවකට තුවාල සිදු කිරීමක් සම්බන්ධයෙන් නෙළුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

(0)Comments | February 22, 2026  6:49 am

කොළඹ - මහනුවර මාර්ගයේ මාරක අනතුරක්

කොළඹ - මහනුවර මාර්ගයේ වේවැල්දෙනිය ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | February 22, 2026  6:36 am

ප්‍රදේශ කිහිපයකට  මි.මී. 100 ඉක්මවූ තද වැසි

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලීය පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  

(0)Comments | February 22, 2026  6:07 am

මහවැලි ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

මහවැලි ගඟ ද්‍රෝණියේ පහත්බිම් ආශ්‍රිත ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | February 22, 2026  12:19 am

රතු නිවේදන නිකුත් කර තිබූ දිස්ත්‍රික්ක තුනක පවුල් කිහිපයක් ආරක්ෂිත ස්ථාන වෙත

පවතින අධික වර්ෂාපතනයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (21) පස්වරුවේ නිකුත් කරනු ලැබූ නායයෑම් රතු නිවේදන හමුවේ දිස්ත්‍රික්ක 3කට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3ක පවුල් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

(0)Comments | February 21, 2026  11:49 pm

අත්අඩංගුවට ගත් අකුරේගොඩ ඝාතනයේ වෙඩික්කරු බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාශයට

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ වෙඩික්කරු අද (21) පස්වරුවේ බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාශයට රැගෙන එනු ලැබීය.

(0)Comments | February 21, 2026  11:08 pm

ගෝලීය තීරු බද්ද සියයට 10 සිට සියයට 15 දක්වා ඉහළ දැමීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

අමෙරිකා එක්සත් ජනපදය වෙත ආනයනය කරනු ලබන සියලුම භාණ්ඩ සඳහා පනවා ඇති තාවකාලික බදු අනුපාතය සියයට පහකින් ඉහළ දැමීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

(0)Comments | February 21, 2026  10:53 pm