header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ව්‍යුහාත්මක දුර්වලතාවල ප්‍රතිඵලයක් - ශ්‍රී ලංකා නීතිඥ සංගමය
Jul 09, 202601:18 PM
මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ව්‍යුහාත්මක දුර්වලතාවල ප්‍රතිඵලයක් - ශ්‍රී ලංකා නීතිඥ සංගමය
Mobitel 1278

මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් මාලාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සිය බලවත් කණගාටුව පළ කරන අතර, රැඳවියන්ගේ මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සහතික කිරීම රජයේ මූලික යුතුකම බව අවධාරණය කරයි.

මීගමුව බන්ධනාගාරයේ සිදු වූ මෙම ඛේදවාචකය, හුදෙකලා සිදුවීමක් නොවන බවත්, එය මෙරට බන්ධනාගාර පද්ධතියේ සහ අපරාධ යුක්ති පරිපාලනයේ පවතින දිගුකාලීන ව්‍යුහාත්මක දුර්වලතාවයන්හි ප්‍රතිඵලයක් බවත් නීතිඥ සංගමය පෙන්වා දෙයි.

කවර පාර්ශවයකින් මතු වුවද සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකින බව පවසන නීතිඥ සංගමය, රැඳවුම් මධ්‍යස්ථාන තුළ සිදු වන මෙවැනි සිදුවීම් හේතුවෙන් නීතියේ ආධිපත්‍යය පිරිහී යන අතර යුක්තිය පසිඳලීම කෙරෙහි පවතින මහජන විශ්වාසයට ද ඉන් ඍජු තර්ජනයක් එල්ල වන බව පෙන්වා දෙයි.

තවද, ව්‍යවස්ථාපිත අධීක්ෂණ ආයතනවලට ඔවුන්ගේ නීත්‍යානුකූල කාර්යයන් ඉටු කිරීමේදී මුහුණ දීමට සිදු වූ දුෂ්කරතා පිළිබඳවද ස්වාධීන විමර්ශනයක් පැවැත්විය යුතු බව ඔවුන් දන්වා සිටී.

මෙම සිදුවීම් විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් ස්වාධීන කමිටුවක් පත් කිරීමට රජය ගත් තීරණය සාධනීය පියවරක් වුවද, ඒ සම්බන්ධයෙන් මහජන විශ්වාසය තහවුරු වන්නේ අදාළ විමර්ශනය ස්වාධීනව, අපක්ෂපාතීව, විනිවිදභාවයෙන් සහ කඩිනමින් සිදු කරන්නේ නම් පමණක් බව නීතිඥ සංගමය සිහිපත් කරයි.

මෙම විමර්ශනය මඟින් කිසියම් නීතිවිරෝධී ක්‍රියාවක් හෝ වගකීම් පැහැර හැරීමක් සිදුවී ඇත්දැයි නිශ්චය කළ යුතු අතර, වැරදිකරුවන් වන පුද්ගලයන් සිරකරුවෙකු, බන්ධනාගාර නිලධාරියෙකු හෝ වෙනත් ඕනෑම පාර්ශවයක් වුවද ඔවුන් නීතිය ඉදිරියට පමුණුවා වගවීම තහවුරු කළ යුතුය.

එමෙන්ම, බන්ධනාගාර තුළ පවතින දීර්ඝකාලීන තදබදය විසඳීම සඳහා බන්ධනාගාර ශක්‍යතාව පුළුල් කිරීමට වඩා වැඩි ක්‍රියාමාර්ග අවශ්‍ය බව නීතිඥ සංගමය පවසයි.

ඒ අනුව,

*රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ ක්‍රියාවලි පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදු කිරීම.

*අපරාධ නඩු කඩිනමින් අවසන් කිරීම.

*සුදුසු පරිදි ඇප ලබා දීම සහ උචිත අවස්ථාවලදී සිරදඬුවම් වෙනුවට විකල්ප දඬුවම් ක්‍රම කෙරෙහි විශ්වාසය තැබීම.

*පුනරුත්ථාපන වැඩසටහන් ශක්තිමත් කිරීම, යටිතල පහසුකම් දියුණු කිරීම සහ නවීන බන්ධනාගාර කළමනාකරණයක් පවත්වාගෙන යාම, වැනි ක්‍රියාමාර් ගතයුතු බව පෙන්වා දී තිබේ.

පුද්ගලයන්ගේ නිදහස අහිමි කරනු ලැබුවද, ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් හෝ ස්වකීය ගෞරවය අහිමි නොවන බවත්, අධිකරණයකින් වරදකරු කරන තුරු ඕනෑම රැඳවියෙකු නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකිය යුතු බවත් මෙහිදී සිහිපත් කර ඇත.

එමෙන්ම, අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ සේවය කරන බන්ධනාගාර නිලධාරීන්ට ද ආරක්ෂිත වැඩ පරිසරයක් සහ ප්‍රමාණවත් පහසුකම් ලැබීමට පූර්ණ හිමිකම ඇති බව නීතිඥ සංගමය අවධාරණය කරයි.

ජීවිත අහිමි වූ සියලු දෙනාගේ පවුල් වෙත සිය බලවත් ශෝකය ප්‍රකාශ කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය, මෙම ඛේදවාචකය මෙරට බන්ධනාගාර සහ අපරාධ යුක්ති විනිශ්චය පද්ධති සඳහා අර්ථවත් මෙන්ම කල්පවත්නා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ උත්ප්‍රේරකයක් කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටී.

මෙම නිල ප්‍රකාශය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය සහ ලේකම් නීතිඥ නලින් ද සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana