උණුසුම් පුවත්
හිටපු ජනපති මෛත්‍රීගෙන් අල්ලස් කොමිසමට පැය 5ක ප්‍රකාශයක්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබුණි.
හමාස් ප්‍රාණඇපයෙන් නිදහස ලැබූ නිවුන් සොහොයුරෝ
ගාසා තීරයේ සාම ගිවිසුම යටතේ ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීම හමාස් සංවිධානය විසින් මේ වනවිට ආරම්භ කර තිබේ.
නව නියෝජ්‍ය අමාත්‍යවරු වැඩ භාරගනී
මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නිශාන්ත ජයවීර යන මහත්වරු අද (13) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී සිය ධුරවල වැඩ භාරගෙන තිබුණි.
නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කෙරේ
කොළඹ සිවිල් අභියාචන මහාධිකරණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කර තිබේ.
සරණට එරෙහි නඩු හතරක් විභාගයට දින දෙයි
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකළ නඩු හතරක් විභාගය ගැනීම සඳහා කොළඹ මහාධිකරණය අද (13) දින නියම කළේය.
ට්‍රම්ප් ඊශ්‍රායල පාර්ලිමේන්තුව වෙත පැමිණෙයි
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
කාන්තා අයිතිවාසිකම් සහ සමානාත්මතාවය සඳහා අපි කැපවී සිටිනවා - අගමැති
ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම වැඩි දියුණු කිරීමට මෙන්ම ඔවුන්ගේ ගෞරවය සහ සමානාත්මතාව සඳහා වන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, පවතින මූලධර්ම ප්‍රායෝගික ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කිරීමටත් කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
මන්නාරම දූපතේ ඛනිජ කැණීම් සිදු කිරීම වළක්වන නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
මන්නාරම දූපතේ නීති විරෝධී ආකාරයට ඛනිජ කැණීම් සිදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා පෙබරවාරි මස 10 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
ඊශ්‍රායල පලස්තීන යුද්ධයේ නිමාවක් දකිමින් ඇරඹෙන සාමයේ අරුණැල්ල
වසර දෙකක කාලයක් පුරා කුඩා දරුවන් ඇතුළු 70,000කට ආසන්න පිරිසකට දිවි අහිමිකරමින් පැතිරගිය ඊශ්‍රායල පලස්තීන යුද්ධයේ නිමාවක් පිළිබඳ බලාපොරොත්තු අද (13) දැල්වුණි.
ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 07 දෙනෙකු නිදහස් කෙරේ
ගාසා තීරයේ සාම ගිවිසුම යටතේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හමාස් සංවිධානය විසින් ආරම්භ කර තිබේ.
ගල්කිස්ස සිද්ධියට අදාළ පොලිස් නිලධාරියාට ඇප
ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් සිදුවීමට අදාළව චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීමක්
ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම්.තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර තිබේ.
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
කුරුණෑගල කුඩා ගල්ගමුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 695ක්
මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 695.7ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
2030 වන විට වසරකට ආපදා 560ක්
වර්ෂ 2030 වන විට දේශගුණික විපර්යාස සහ ව්‍යසනවල බලපෑම් හේතුවෙන් ලෝකයේ ජීවත්වන මිලියන 37.6ක ජනතාවක් අන්ත දරිද්‍රතාවයට පත්වනු ඇති බව ආපදා අවදානම් කළමනාකරණය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාල පවසයි.
ගාසා තීරයට එක්සත් රාජධානියෙන් පවුම් මිලියන 20ක මානුෂීය ආධාර
ගාසා තීරයේ වෙසෙන ජනතාව වෙනුවෙන් එක්සත් රාජධානිය විසින් පවුම් මිලියන 20ක මානුෂීය ආධාර පැකේජයක් ලබා දීමට තමන් කටයුතු කරන බව එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් පවසා තිබේ.
ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ සිද්ධියට නීතීඥවරයා අත්අඩංගුවට ගන්න පොලීසිය ඔහුගේ නිවසට
ගල්කිස්ස අධිකරණය පරිශ්‍රය තුළදී පොලිස් නිළධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහරදුන් බවට වාර්තා වු සිද්ධියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව අද
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78වන සමුළුව අද (13) සිට 15 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වේ.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ පස් කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටීම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ.
ප්‍රදේශ කිහිපයකට තද වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.
ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ ඇති වූ සිද්ධිය ගැන විශේෂ නිවේදනයක්
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ සිදු වූ බව කියන පහරදීමේ සිදුවීමෙන් පසු අදාළ නීතිඥවරයා විසින් පොලිස්පතිවරයාට දුරකතන ඇමතුමක් ලබාගෙන කතා කළද, එවන් සංවාදයක් සිදුව නොමැති බව පොලීසිය පවසයි.
ඓතිහාසික කැලණිය දුරුතු පෙරහරේ ප්‍රවේශ පත්‍ර මිල දී ගන්න වෙබ් අඩවියක්
ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු පෙරහර එළැඹෙන ජනවාරි මස පැවැත්වීම සඳහා මේ වනවිට කටයුතු සූදානම් කෙරෙමින් පවතී.
කොළඹ මහ නගර සභාවේ බිලියන ගණනක වරිපනම් බදු හිඟයක්
රුපියල් බිලියන 04කට අධික හිඟ වරිපනම් බදු කොළඹ මහ නගර සභාව විසින් අයකරගත යුතුව ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණයවී තිබේ.
ඇමති සරෝජාගේ යෝජනා පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා පාර්ලිමේන්තු සමුළුවේ පැසසුමට
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් තුළ කාන්තාවන්ට හිතකර, පීඩනයෙන් සහ හිංසනයෙන් තොරව දේශපාලනයේ යෙදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය සමඟ එකට එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය, සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.
විදේශ රැකියා වංචනිකයන්ට එරෙහි විමර්ශන පුළුල් වෙයි
වංචනික විදේශ රැකියා ආයතන හෝ පුද්ගලයින් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය වෙත තොරතුරු ලබා දෙන ලෙස එම කාර්යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.