header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
'බාවි' සුළි කුණාටුව තායිවානය දෙසට - කිලෝමීටර 1,000ක් තරම් විශාල වට ප්‍රමාණයක්
Jul 09, 202609:42 AM
'බාවි' සුළි කුණාටුව තායිවානය දෙසට - කිලෝමීටර 1,000ක් තරම් විශාල වට ප්‍රමාණයක්
Mobitel 1278

පැයට කිලෝමීටර 200ක පමණ ප්‍රබල වේගයක් සහිතව ශාන්තිකර සාගරයේ වර්ධනය වූ 'බාවි' සුළි කුණාටුව තායිවානය දෙසට ගමන් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2024 වසරෙන් පසු ආසියා-පැසිෆික් කලාපයට බලපාන ප්‍රබලම සුළි කුණාටුව මෙය විය හැකි බැවින් සූදානම් වන ලෙස බලධාරීන් ජනතාවට දන්වා ඇත.

චීන ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසා ඇත්තේ කිලෝමීටර 1,000ක් පමණ තරම් විශාල වට ප්‍රමාණයකින් යුත් මෙම කුණාටුව, එළැඹෙන සෙනසුරාදා සවස චීනයේ නැගෙනහිර ෆුජියෑන් පළාතට ඇතුළු වීමට පෙර උතුරු තායිවානය ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තායිවානයේ කාලගුණ අංශ සඳහන් කර ඇත්තේ, 'බාවි' යනු 1987 වසරෙන් පසු තායිවානයට බලපාන විශාලතම කුණාටුව වන අතර මෑත වසරවලදී මෙතරම් විශාල කුණාටු දැකගත හැක්කේ ඉතා කලාතුරකින් බවය.

දේශගුණික විපර්යාස හේතුවෙන් චීනය, ජපානය සහ තායිවානය මෙවැනි විනාශකාරී කාලගුණික තත්ත්වයන්ට මුහුණ දීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇත.

විශේෂයෙන්ම මේ වසරේ පවතින 'එල් නිනෝ' තත්ත්වය හේතුවෙන් සාගර උෂ්ණත්වය ඉහළ යාම මෙවැනි දරුණු සුළි කුණාටු නිතර ඇති වීමට හේතු වී තිබේ.

තායිවාන ජනාධිපති ලායි චින්ග්-ටේ ෆේස්බුක් පණිවුඩයක් නිකුත් කරමින්, දින තුනකට අවශ්‍ය ආහාර, විදුලි පන්දම් ඇතුළු හදිසි ආපදා බෑගයක් (Emergency grab bag) සූදානම් කර තබා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා ඇත.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් ඔකිනාවා දූපත් වැසියන්ට දැඩි සුළං, නායයෑම්, ගංවතුර සහ මුහුදු රළ ගොඩගැලීම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස දන්වා තිබේ.

ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේ නිවර්තන සුළි කුණාටු පිළිබඳ පර්යේෂක ෂියැන්ග්බෝ ෆෙන්ග් පවසන්නේ, මෙම කුණාටුව සාගරයේ වැඩි කාලයක් රැඳෙමින් උණුසුම් මුහුදු ජලයෙන් විශාල ශක්තියක් සහ තෙතමනයක් ලබාගෙන ඇති බැවින්, එය ගොඩබිමට කඩා වදින විට සිදුවන විනාශය අතිමහත් (Catastrophic) විය හැකි බවයි.

කුණාටු ගමන් මඟෙහි සිදුවන සුළු වෙනසකින් වුවද විශාල විනාශයක් සිදුවිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana