header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ජූලි 15 සිට යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම් කෙරේ
Jul 08, 202609:41 PM
ජූලි 15 සිට යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම් කෙරේ
Mobitel 1278

යල කන්නයේ ගොයම් කැපීම මේ වන විට ආරම්භ වී ඇති බැවින් වී මිලදී ගැනීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින්ට අද (8) උපදෙස් ලබාදී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඒ සඳහා දැනට වී තොග පවතින ගබඩාවල වී තොග හිස් කර, නව වී මිලට ගැනීමට සූදානම් කිරීමේ කටයුතු සතොස සමග එක්ව සිදු කරන ලෙසට උපදෙස් ලබාදී ඇති බවය.

යල කන්නයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (07) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇත.

මෙවර යල කන්නයේදී හෙක්ටයාර් 475,000ක් පමණ කුඹුරු ඉඩම් වගා කර ඇති බවද, කිසිදු කාලගුණික විපර්යාසයක් මෙවර වි වගාවට හානිකර ලෙස බලපා නැති බවද ඒ නිසා සාර්ථක වී අස්වැන්නක් ලැබී ඇති බව ද මෙහිදි සඳහන් කෙරිණි.

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා බිලියන 6ක් භාණ්ඩාගාරයෙන් ලබා දී ඇති බවද, ඊට අමතරව ඔඩපන ණය ලෙස කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත තවත් බිලියන 10ක් රජයේ බැංකු මගින් වෙන් කර ඇති බවද මෙහිදි අනාවරණය විය.

ඒ අනුව වී අලෙවි මණ්ඩලය ලබන 15වනදා සිට වී මිලදී ගැනීම ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත්, ඒ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහාය ඇතිව අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතින බවත් මේ අවස්ථාවට සහභාගී වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ප්‍රකාශ කරන ලදී.

තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යාංශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන ලද්දේ, 2024 වසරේදී වී මෝල් හිමියන් කැඳවා වී මිල වැඩි නොකරන ලෙස පැවසීමට සිදු වුවත්, මේ වන විට වී මෝල් හිමියන් කැඳවා ප්‍රකාශ කරන්නට සිදුව තිබෙන්නේ වී මිල අඩු නොකරන ලෙස යැයිද, එසේ කරන්නට සිදුව තිබෙන්නේ වසර එකහමාරක කාලය තුළ ඉහළ වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි වීම නිසා බව ද මෙහිදී සඳහන් කෙරිණි.

එසේම 2024දී රජයට වී ලබා දෙන්නැයි ගොවීන්ගෙන් ඉල්ලා සිටීමට සිදුවූ බවද, එහෙත් ගොවින් ඒ ඉල්ලීමට නිසි ප්‍රතිචාර නොදැක්වූ බවද මේ වන විට වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගනු ලබන තෙක් ගොවීන් බලා සිටින තත්වයක් නිර්මාණය වී ඇති බවද මෙහිදී අනාවරණය කෙරිණි.

2025 යල මහ දෙකේදිම බිලියන 16ක වී මිලදී ගෙන තිබෙන බවද, දැනට වී අලෙවි මණ්ඩලය සතු ගබඩාවල වී තොග මෙට්‍රික්ටොන් 120,000ක් පමණ පවතින අතර, එයින් මෙට්‍රික්ටොන් 60,000 පමණ වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව ද තවත් මෙට්‍රික් ටොන් 20,000 ක වී තොගයක් සතොස වෙත නිකුත් කිරිමට මේ වන විට පියවර ගෙන ඇති බවද මෙහිදී ප්‍රකාශ විණි.

එසේම අවශ්‍යතාව පරිදි සමූපකාර, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතන සතු ගබඩා මෙන්ම පෞද්ගලික අංශයේ ගබඩා ද කුලී පදනම මත ලබාගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana