header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රෝගීන් 15ක් ඝාතනය කළ වෛද්‍යවරයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
Jul 08, 202609:42 PM
රෝගීන් 15ක් ඝාතනය කළ වෛද්‍යවරයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
Mobitel 1278

සිය භාරයේ සිටි අසාධ්‍ය රෝගීන් 15 දෙනෙකු ඝාතනය කිරීමේ වරදකරු වූ 41 හැවිරිදි ජර්මානු ජාතික සහන සේවා වෛද්‍යවරයෙකුට එරට අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

ජර්මානු රහස්‍යතා නීතිවලට අනුව 'ජොහැන්නස් එම්.' (Johannes M.) ලෙස හඳුන්වා දුන් මෙම වෛද්‍යවරයා, 2021 සැප්තැම්බර් සහ 2024 ජූලි අතර කාලය තුළ කාන්තාවන් 12 දෙනෙකු සහ පිරිමින් තිදෙනෙකු ඝාතනය කර ඇති බව අධිකරණයේදී ඔප්පු වී ඇත.

කෙසේ වෙතත්, බලධාරීන් විශ්වාස කරන්නේ මෙය මෙම මහා පරිමාණ අපරාධ වැලක ආරම්භය පමණක් විය හැකි බවය.

ඔහු සම්බන්ධ තවත් සැකකටයුතු මරණ 76ක් පිළිබඳව පැමිණිල්ල මේ වන විටත් විමර්ශනය කරමින් පවතින අතර, ඒවාද ඔප්පු වුවහොත් මෙය ජර්මානු ඉතිහාසයේ දරුණුතම අනුක්‍රමික මිනීමැරුම් සිදුවීමක් වනු ඇත.

ඝාතනයට ලක්වූවන් වයස අවුරුදු 25ත් 94ත් අතර පසු වූවන් වේ.

ඔවුන් බේරාගත නොහැකි බරපතළ රෝගාබාධවලින් පෙළුණද, ඔවුන්ගේ මරණය ආසන්නව තිබූ ඒවා නොවන බව අධිකරණයේදී අනාවරණය විය.

වෛද්‍යවරයා රෝගීන්ගේ නිවෙස් වෙත ගොස්, ඔවුන්ගේ කිසිදු කැමැත්තකින් තොරව මාරාන්තික ඖෂධ සංයෝග ශරීරගත කර මෙම ඝාතන සිදුකර තිබේ.

ඇතැම් අවස්ථාවලදී සිරුරු සහ සාක්ෂි වසන් කිරීම සඳහා ඔහු රෝගීන්ගේ නිවෙස්වලට ගිනි තැබීමට ද උත්සාහ කර ඇත.

2024 ජූලි මාසයේදී ඔහු අත්අඩංගුවට පත්වීමට සුළු මොහොතකට පෙරද පැය කිහිපයක් ඇතුළත වයෝවෘද්ධ රෝගීන් දෙදෙනෙකු ඝාතනය කර තිබුණි.

වසරක් පුරා ඇදී ගිය නඩු විභාගයේදී නිහඬව සිටි වෛද්‍යවරයා, පසුගිය මාසයේදී රෝගීන් 12 දෙනෙකු මැරූ බවට පාපොච්චාරණය කළේය.

"මම හිතුවේ මම කරන්නේ නිවැරදි දේ කියලා. ඔවුන්ව රෝග පීඩාවලින් සහ දුක්විඳීමෙන් මුදවා ගැනීම හැමෝටම හොඳම දේ කියලා මම මාවම රවටා ගත්තා," යැයි ඔහු අධිකරණය හමුවේ පවසා සිටියේය.

නඩු විභාගය අතරතුර වින්දිතයන්ගේ ඥාතීන් දැඩි සංවේගයෙන් යුතුව සාක්ෂි ලබා දී ඇති බව සඳහන් වේ.

2021 දී මියගිය 25 හැවිරිදි තරුණියගේ මව කඳුළු සලමින් කියා සිටියේ තම දියණියට කිසිදා ජීවිතය එපා වී නොතිබූ බවය. තවත් වින්දිතයෙකුගේ පුතෙකු පැවසුවේ තම 72 හැවිරිදි මව මියයන්නට පෙර සිය සහෝදරිය සමඟ සංචාරයක නිරත වීමට සැලසුම් කරමින් සිටි බවත්, ඇයට තවදුරටත් ජීවත් වීමේ දැඩි වුවමනාවක් තිබූ බවත්ය.

සියලු කරුණු සලකා බැලූ අධිකරණය වෛද්‍යවරයාගේ වරද බරපතළ ගණයේ ලා සලකමින්, ඔහුගේ සිරදඬුවම් කාලයෙන් පසුවද ඔහුව ආරක්ෂිත රැකවරණ යටතේ රඳවා තැබීමට නියෝග කළේය.

එමෙන්ම ඔහුට ජීවිතාන්තය දක්වා වෛද්‍ය වෘත්තියේ නිරත වීම ද තහනම් කෙරිණි.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana