උණුසුම් පුවත්
රයිස් - කොත්තු - රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ රයිස් ඇන්ඩ් කරි කෑම මිල රු 20කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
පැලැන්වත්ත හා අවට ප්‍රදේශවලට අද රෑ 8 සිට පැය 12ක ජල කප්පාදුවක්
පවතින වියළි කාලගුණය හේතුවෙන් සිදුකරන ජල සැපයුම් කළමනාකරණය හමුවේ අද (06) ප.ව. 8.00 සිට හෙට (07) පෙ.ව 08.00 දක්වා පැලැන්වත්ත හා ඒ අවට ප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.
කෝටි එකොළහක කුෂ් සමග පුද්ගලයෙක් කටුනායකදී අල්ලයි
රුපියල් එකොළොස් කෝටි තිස් හතර ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (06) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීම - සජීව විකාශය
මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය"ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබේ.
විදුලි සැර වැදී පුද්ගලයෙකු මරුට
දඹුල්ල, වෑවලවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ.
දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක්
දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න සේවා ප්‍රදේශය ආසන්නයේදී ඉදිරියෙන් ගමන් ගත් කන්ටේනර් රථයක පිටුපසින් පැමිණි ට්‍රක් රථයක් ගැටී අනතුරක් සිදුව තිබේ.
කොහුවලදී විදෙස් කතක් ඝාතනය කිරීමේ සිදුවීමට චීන ජාතිකයෙකු අත්අඩංගුවට
කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ විදෙස් ජාතික කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ලේ සැකකටයුතු මරණයක්
ගාල්ල, වැලිවත්ත ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට ගාල්ල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
වත්තල ඉටිරෙදි කර්මාන්ත ශාලාවක ගින්නක්
වත්තල මාබෝල, දූවවත්ත ප්‍රදේශයේ පිහිටි ඉටි රෙදි කර්මාන්ත ශාලාව අද (06) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබේ.
GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද පෙරවරු 08.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීම අද
මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය"ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ නිල වශයෙන් දියත් කිරීමට නියමිතය.
තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
පනාමුර, වෑඅතුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ.
හෝමාගම සහ ඒ අවට ප්‍රදේශ වෙත අද පැය 12ක ජල කප්පාදුවක්
හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල (කලාප අංක 01) සඳහා පැය 12ක ජල කප්පාදුවක් අද (06) දිනයේ සිදුකෙරෙන බව ජාතික ජලාපවහන මණ්ඩලය පවසයි.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ලෙබනනයේ පුද්ගලයන් 11ක් ජීවිතක්ෂයට
දකුණු ලෙබනනයේ ක්ෆර්හටා ගම්මානයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සිව් හැවිරිදි දරුවෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර අදට (06) දින 38ක් ගත්වී තිබේ.
ප්‍රදේශ කිහිපයකට පස්වරු 2න් පසුව වැසි
උතුරු, නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
'GMOA' ඉල්ලීම් ගැන සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ඇමති දින දෙයි
GMOA ආරම්භ කර තිබෙන වර්ජනයේ ගැටලු ගැන අවධානය යොමුකරමින් ඔවුන්ට සාකච්ඡාවක් ලබාදීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට OPEC+ තීරණය කරයි
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පාලනය කිරීම සහ ස්ථාවරව පවත්වා ගැනීම සඳහා පිහිටුවා ගත් 'OPEC+'සංවිධානය එළැඹෙන මැයි මාසයේ දී තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට අද (5) සිය එකඟතාව පළකර තිබේ.
ලාෆ්ස් ගෑස් මිල රුපියල් 1,070කින් ඉහළට
අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිලද ඉහළ දමා තිබේ.
ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 775කින් ඉහළට
අද (5) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබේ.
අපහාසාත්මකව බැන වදිමින් ජනපති ට්‍රම්ප්ගෙන් ඉරානයට නැවතත් තර්ජනයක්
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත නොකළහොත් ලබන අඟහරුවාදා වන විට ඉරානයේ බලාගාර සහ පාලම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.
ඔත්තේ ඉරට්ටේ ගැන ඇමති විජිතගෙන් ප්‍රකාශයක්
අප්‍රේල් මාසයේදී ඉන්ධන නෞකා 9ක් මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ලංකාවට චීනයෙන් තෙල් නැවක්
පිරිපහදු කළ ඉන්ධන නෞකාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීන රජය එකඟතාව පළ කර තිබේ.
GMOA සෞඛ්‍ය ඇමතිට හෙට උදේ 8 වෙනතුරු කල්දෙයි
වෛද්‍ය වර්ජනය අවසන් කිරීම සඳහා සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට හෙට (06) උදෑසන 8 වන තුරු කල්දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඉරානයේ අන්තර්ජාලය විසන්ධි කිරීමට අදට දින 37යි
ඉරානය පුරා ක්‍රියාත්මක වන අන්තර්ජාල විසන්ධිය 'Internet blackout)' ලොව කිසිදු රටක මෙතෙක් වාර්තා වූ දීර්ඝතම ජාතික මට්ටමේ අන්තර්ජාල තහනම බවට පත්ව ඇති බව අන්තර්ජාල නිරීක්ෂණ කණ්ඩායමක් වන NetBlocks පවසයි.