උණුසුම් පුවත්
ආපදා තත්ත්වය හේතුවෙන් ගමනාගමනය අඩාල වූ මාර්ග මෙන්න
අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය මත ගමනාගමනය අඩාල වූ මාර්ග සම්බන්ධව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
කොත්මලේ ප්‍රදේශයේදී තුවාල ලැබූ පිරිසක් ගුවනින් කටුනායකට
ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් මගින් නුවරඑළිය හා කොත්මලේ ප්‍රදේශවල ආපදා තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් හා දරුවන් පිරිසක් බේරා ගෙන ආරක්ෂිතව කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන විත් තිබේ.
ගංවතුර බැස යාමත් සමඟ වසංගත රෝග පිළිබඳව විමසිලිමත් වන්න
ජල ගැලීම් සහ ගංවතුර බැස යමින් පවතින තත්ත්වය තුළ වසංගත රෝග, වාහක රෝග පැතිරීමේ දැඩි අවදානම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
වට්ටුවාකල් පාලමත් තැන් දෙකකින් කැඩෙයි
ජල ගැලීම් හේතුවෙන් මුලතිව් වට්ටුවාකල් පාලම ස්ථාන දෙකකින් කැඩී ගොස් ඇති බව දිස්ත්‍රික් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
අමාත්‍යාංශ හතරක වැය ශීර්ෂ සම්මතයි
2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ 12 වන දිනය අදයි (01).
රියදුරන්ට පොලීසියෙන් සහන කාලයක්
අයහපත් කාලගුණය හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට නොහැකි වූ රියදුරන් වෙත නීතිමය බාධාවකින් තොරව රිය පැදවීමට සහන කාලයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබේ.
ආපදාවට පත් හලාවත රෝහල නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව වසා දමයි
ඇද හැලුණු මහ වැසි සමග ආපදාවට පත් හලාවත මහ රෝහල නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි.
IDH යටවෙන බවට පැතිර යන කටකතා අසත්‍යයි
ජාතික බෝවන රෝග විද්‍යායතනය සහ මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ගංවතුරට යටවෙමින් පවතින බවට පැතිර යන ප්‍රකාශ අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මන්නාරමේ පුද්ගලයන් 157ක් නාවික හමුදාවෙන් බේරා ගැනේ
අධික වර්ෂාපතනය හේතුවෙන් මන්නාරම ඉලුප්පුකඩවායි සහ සෙට්ටිකුලම් ප්‍රදේශයේ ඇති වී ඇති ගංවතුර තත්වය හමුවේ ආපදාවට පත් පුද්ගලයින් 157දෙනෙකු නාවික හමුදා ආපදා සහන මෙහෙයුම් මඟින් මුදා ගෙන තිබේ.
ලුණුවිල හෙලිකොප්ටර අනතුර විමර්ශනයට කමිටුවක්
වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුර පිළිබඳ විමර්ශනයට ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් ඇතුළු 9දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පවසයි.
විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර රැගත් ඉන්දීය නැවක් දිවයිනට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් ආධාර තොගයක් රැගත් ඉන්දීය නෞකාවක් දිවයිනට පැමිණ තිබේ.
රනිල් හදිසියේ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
සුළි කුණාටුව හමුවේ ලංකාව මුහුණ පා ඇති අතිශය අයහපත් තත්ත්වය හේතුවෙන් ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.
සහන මෙහෙයුම් ඇති තැන්වල ඩ්‍රෝන යානා එපා - ගුවන් හමුදාවෙන් ඉල්ලීමක්
සහන මෙහෙයුම්වල නිරත වන ප්‍රදේශවල, ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉල්ලීමක් කරයි.
''අනවශ්‍ය ලෙස භාණ්ඩ තොග රැස් කරන්න එපා''
ඇති වී තිබෙන ආපදා තත්ත්වය නිසා ජනතාව විසින් භාණ්ඩ විශාල ලෙස එක් රැස් කරමින් සිටින අතර මෙම අවස්ථාවේ අනවශ්‍ය කලබලයක් ඇති කර ගත යුතු නැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ආපදාවන්ට පිහිට වෙන්න දළදා මාලිගාව ප්‍රමුඛත්වයෙන් සමාජ සුබසාධන අරමුදලක්
ආපදාවන්ට ලක් වූ ජනතාවට පිහිටවීම සඳහා ශ්‍රී දළදා මාලිගාව සහ මල්වතු අස්ගිරි උභය මහාවිහාරීය ප්‍රධානත්වයෙන් රුපියල් කෝටි දෙකක මුදලක් පරිත්‍යාග කරමින් සමාජ සුබසාධන අරමුදල නමින් ගිණුමක් ආරම්භ කළබව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා පවසයි.
ආධාර බෙදන්න යද්දි පරිස්සමින්
පීඩාවට පත්ව සිටින ජනතාවට ආධාර බෙදාදීමට යෑමේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කර ඒ හරහා පරිත්‍යාග බෙදාහැරීමට අවස්ථාව සලසා ගන්නා ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම්, ප්‍රසන්න ගිනිගේ මහතා ඉල්ලීමක් කරයි.
''පරීක්ෂා කර ආරක්ෂාව තහවුරු කරනතුරු නිවෙස්වලට යන්න එපා''
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් පරීක්ෂා කර නිගමන ලබා දෙන තුරු නිවෙස්වලට නොඑන ලෙස එම සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.
පීඩාවට පත් ජනතාවට GovPay හරහා පරිත්‍යාග කිරීමට අවස්ථාව
රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් GovPay හරහා පරිත්‍යාග සිදුකළ හැකි ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.
ආපදා මරණ 350 ඉක්මවයි - 366ක් අතුරුදන්
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 355ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
හදවත සංවේදී කළ ගුවන් මෙහෙයුම
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග හලාවත මූලික රෝහලට ගංවතුර ගැසීම හේතුවෙන් එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිලිඳු දරුවන් සහ මව්වරුන් 06 දෙනෙකු පුත්තලම මූලික රෝහල වෙත ඊයේ (30) රැගෙනවිත් තිබුණි.
පාර්ලිමේන්තුව අද පස්වරු 12.30 දක්වා පමණයි - නැවත රැස්වෙන්නේ අනිද්දා
පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසු පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වූ පරිදි අද දිනට නියමිත වැය ශීර්ෂ මධ්‍යහ්න 12.30ට පමණ සම්මත කිරීමට නියමිතයි.
ආපදා අස්සේ රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබේ.
රඹුක්කන ප්‍රදේශයේ නායයෑමක්
රඹුක්කන, ගඟේකුඹුර ප්‍රදේශයේ නායයෑමක් අද දෙරණට වාර්තා වේ.
ඇල්ල - වැල්ලවාය මාර්ගය විවෘත වෙයි
ඇල්ල - වැල්ලවාය මාර්ගය ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අද (01) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ තිබේ.