header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අස්වැසුම ප්‍රතිලාභීන් ගැන ජනපතිගෙන් තීරණයක්
Jul 08, 202611:24 AM
අස්වැසුම ප්‍රතිලාභීන් ගැන ජනපතිගෙන් තීරණයක්
Mobitel 1278

මෙම වසර තුළ අස්වැසුම ප්‍රතිලාභී පවුල් ඵලදායී ආර්ථික ක්‍රියාවලියකට යොමුකර ඔවුන් සහනාධාර මත යැපීමෙන් මුදවා ගැනීමට සැලසුම්කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 වසරේ අයවැය යෝජනා පිළිබඳ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (07) පස්වරුවේ පැවැත්විණි.

මෙම සාකච්ඡාවට එක් වෙමින් ජනාධිපතිවරා පැවසූවේ, මේ වන විට පවුල් 16,000ක් සඳහා මනෝ-සමාජීය සහ ආර්ථික සහාය ලබාදීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බවයි.

තවද, අඩු ආදායම්ලාභීන් හුදෙක් සහනාධාර මතම රඳවා නොගෙන, අර්ධ කාලීන ශ්‍රම දායකත්වයන් සඳහා ඔවුන් යොමු කිරීම වැදගත් බවත්, ඒ වෙනුවෙන් වැවිලි ක්ෂේත්‍රය වැනි අංශයන්හි පවතින විභවතාව පිළිබඳවත් පෙන්වා දෙන ලදී.

මේ අතර, දුගී බව තුරන් කිරීමට පවුල් ඒකක කේන්ද්‍ර කරගත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ අනුව විවිධ ආයතන මගින් විසිරී පවතින ප්‍රතිපාදන ඒකාබද්ධ කර, නිෂ්චිතව හඳුනාගත් පවුල් ඒකක ඉලක්ක කරගනිමින් දුගී බව තුරන් කිරීමේ විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

සමාජ සුබසාධන ක්‍රමවේදයන් යටතේ ප්‍රතිලාභ ලබන සෑම පවුල් ඒකකයක්ම සැබෑ ලෙසම සවිබල ගැන්වෙන්නේද යන්න මැනිය හැකි විධිමත් මිණුම් ක්‍රමවේදයක් සකස් කර ගනිමින්, ඒ මත පදනම්ව ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ගොඩනැගීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේය.

මෙහිදී ප්‍රජා සංවර්ධනය අරමුණු කරගත් ප්‍රජා ශක්ති වැඩසටහන සහ අනෙකුත් ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන ප්‍රාදේශීය සභා මට්ටමින් ව්‍යාපෘති සඳහා බෙදීගොස් ඇති ආකාරය සහ එහි වත්මන් ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වී තිබේ.

එසේම මෙහිදී ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් අපනයන විභවතාව සහිත ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා හඳුනාගත් ව්‍යාපෘති වෙනුවෙන් අමාත්‍යාංශය මඟින් යෝජිත ණය සහ ආධාර ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබඳ අමාත්‍යාංශ නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී.

එසේම කිසිදු ශ්‍රම දායකත්වයක් ලබාදිය නොහැකි ආබාධිත, වැඩිහිටි හෝ නිදන්ගත රෝගීන් සහිත පවුල් රජය විසින් පූර්ණ ලෙස රැක බලා ගන්නා අතර, ශ්‍රම ශක්තිය සහිත ඉතිරි පිරිස සහනාධාර ලබා ගන්නා අතරතුර රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ඔවුන්ගෙන් ලබා ගත හැකි දායකත්වය පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

තවද එක් එක් අමාත්‍යාංශය වෙන් වෙන්ව මුදල් වැය කරනු වෙනුවට, පවුල් ඒකකයක අවශ්‍යතා නිවැරදිව හඳුනාගත් පවුල් සංවර්ධන සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වැනි විදේශ ආධාර සහ රජයේ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක සවිබල ගැන්වීමේ කටයුතු පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමුවිය.

රැකියාවේ නියුතු මව්වරුන්ට සහනයක් ලෙස සහ ආබාධ සහිත දරුවන් වෙනුවෙන් දැනට සැලසුම් කර ඇති දිවා සුරකුම් මධ්‍යස්ථාන 10ක මේ වසර තුළ අවසන් කිරීමටත් ඉදිරි වසර කිහිපය තුළ දිවයින පුරා මෙවැනි මධ්‍යස්ථාන 50ක් ඉදිකිරීමේ ඉලක්කයක් කරා ගමන් කරන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

එසේම ආබාධිත පුද්ගලයන් සඳහා පොලිස් ස්ථාන, රෝහල් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි පොදු ස්ථානවල ප්‍රවේශ පහසුකම් සැලසීම සඳහා රුපියල් මිලියන 283ක ව්‍යාපෘති ක්‍රියාත්මක බවද ජාතික සමාජ සංවර්ධන ආයතනය මගින් පවත්වාගෙන යනු ලබන දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමය නවීන තාක්ෂණය ඔස්සේ වඩාත් ආකර්ෂණීය සහ විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද මෙහිදී අනාවරණය කෙරිණි.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana