උණුසුම් පුවත්
මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙකු අසනීප තත්ත්වයකින් මරුට
මීගමුව බන්ධනාගාරයේ හට ගත් නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවූ රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මාරක අනතුරු කිහිපයක් - පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු 4ක් මරුට
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟ තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.
අමෙරිකානු ප්‍රහාර හමුවේ තෙල් මිල සියයට 3කින් ඉහළට
ඉරානයට එරෙහිව අමෙරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල 3%කින් පමණ ඉහළ ගොස් තිබේ.
සාපෙළ නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම අදින් අවසන්
2025(2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අදින් (08) අවසන් වේ.
අමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල ගුවන් ප්‍රහාර
හෝමූස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාව විසින් ඉරානයට ප්‍රබල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
අදත් වැස්ස අඩුයි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා මහතා පත් කර තිබේ.
RMV නිලධාරීන් සමඟ එක්වී අනීතිකව ගෙන්වූ වාහන දෙකක් ලියාපදිංචි කළ සැකකරුවෙකු අත්අඩංගුවට
අනීතික ලෙස මෙරට ආනයනය කරන ලද මෝටර් රථ දෙකක් මොටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග එක්වී දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කර වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් වරදකර වූ හෝමාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිවේදනයක්
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්වේ සිය ශෝකය පළ කර තිබේ.
රාජ්‍ය ආදායම් ප්‍රතිසංස්කරණ ගැන IMF වෙතින් RARMB කාර්යාංශයට ඉහළ ඇගයීමක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් 2025 වසරේ මුල් භාගයේදී පිහිටුවන ලද රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය (RARMB) හරහා මෙරට බදු අනුකූලතාව (Tax Compliance) 40-45% මට්ටමේ සිට 70-75% දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ නංවා ගැනීමට සමත්ව ඇති බව අනාවරණය වේ.
බන්ධනාගාර ගැටුමේ සුලමුල එළියට - රැඳවියන් නිලධාරීන්ගේ හිසට විශාල ගල් පවා අතහැරලා
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ආරක්ෂක අංශ මේ වන විටත් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබේ.
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය හොයන්න විමර්ශන කමිටුවක්
මීගමුව බන්ධනාගාරයේ පසුගිය 05 වනදා සහ 06 වනදා ඇති වූ නොසන්සුන්තාව සහ ඊට හේතු වූ කරුණු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර වාර්තා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (07) විමර්ශන කමිටුවක් පත් කරන ලදී.
දේශපාලන පළිගැනීම් රටේ ප්‍රධාන මාතෘකාව වෙන්න බෑ - දිලිත්ගෙන් සැර ප්‍රකාශයක්
වත්මන් ආණ්ඩුව, මුලු පරිශ්‍රමයම යොදා ඇත්තේ සිය දේශපාලනය සහ දේශපාලන පැළිගැනීම් සඳහාම පමණක් බවට සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා චෝදනා කරයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය පූර්ව සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය ප්‍රතිපාදන අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
දුම්රිය පිලී පැනීමක්
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 4.45ට රඹුක්කන බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියේ එක් මැදිරියක් පීලි පැනීමකට ලක්ව තිබේ.
NAITA ආයතනයට නව පත්වීම් 123ක්
ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සඳහා නව නිලධාරීන් 123 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීම රාජගිරිය පිහිටි එම ආයතනයේදී සිදු කෙරිණි.
බහුදින සහ එක් දිනධීවර යාත්‍රා 1,500කට රජයේ වියදමින් නිරීක්ෂණ පද්ධති සවිකිරීමට අනුමැතිය
නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ මසුන් ඇල්ලීම මෙන්ම ධීවර යාත්‍රා යොදා ගනිමින් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ජාවාරම් සහ අනෙකුත් නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය තවදුරටත් පුළුල් කිරීමට රජය තීරණය කර ඇත.
මීගමුව බන්ධනාගාර සිද්ධියේදී වෙඩි තැබීමට සිදුවූ ඇත්ත හේතුව මෙන්න
මීගමුව බන්ධනාගාරයේ ඊයේ (06) ඇතිවූ සිදුවීම සමග ආරක්ෂක අංශ විසින් සිදුකළ වෙඩි තැබීම ගැන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අද (07) කරුණු පැහැදිළි කළේය.
ජීවිතයත් මරණයත් අතර සිටි ඇෆ්ගන් ක්‍රිකට් තරුව දිවි ගමනට සමුදෙයි
හිටපු ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ශාපූර් සද්‍රාන් දිගු කලක් තිස්සේ පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ.
ඩෙංගු රෝගයෙන් බන්ධනාගාරයේ 40ක් මැරුණාද ? ඇමති නලින්ද උත්තර දෙයි
මීගමුව බන්ධනාගාරයේ ඩෙංගු රෝගය වැළඳීමෙන් රැඳවියන් 40කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පළවන වාර්තා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කරුණු පැහැදිලි කිරීමක් කළේය.
මීගමුවේ සිදුවීමට අදාළ බුද්ධි තොරතුරු කළින් ලැබුණාද ? - කැබිනට් හමුවේදී හෙළිදරව්වක්
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීම සම්බන්ධව මේ වන විට පරීක්ෂණ රැසක් ආරම්භ වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
පරිවාස කොමසාරිස් තනතුරට මතීෂා ජිනන්ජලී පත්කෙරේ
පුරප්පාඩු ව පවතින පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් තනතුර සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරිනියක වන යූ.එල්. මතීෂා ජිනන්ජලී ජයතිලක මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ තවත් රෝගින් 4 දෙනෙකුට වන්දි
අක්ෂි සැත්කම්වලින් පසු ප්‍රෙඩ්නිසිලෝන් ඇසිටේට් ඖෂධ්‍ය ලබා දීමෙන් අනතුරුව පෙනීම අහිමි වූ රෝගීන් සඳහා වන්දි ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අබිරහසක් ඉතිරි කර අවසන් ගමන් ගිය නඳුනි
පානදුර උතුර පොලිස් බල ප්‍රදේශයට අයත් ගල්කණුව පාරේ කුලී නිවසක තිබී තරුණියකගේ මළ සිරුරක් හමුවී ඇති බව පොලීසිය පවසයි.