උණුසුම් පුවත්
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීම ඇරඹේ
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව හැටන් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා පවසයි.
පාර්ලිමේන්තුව ඇරඹෙයි - විනාඩි 30කට කල් තියයි
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (01) උදෑසන 9ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළේය.
ගංවතුර ඇති ප්‍රදේශවල පානීය ජලය භාවිත කිරීම පරිස්සමින්
ජල ගැලීම්වලට ලක්වු ප්‍රදේශවල ජනතාව පානීය ජලය භාවිත කිරීමේදී දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.
මාවිල්ආරු වැව් බැම්ම කැඩී යෑමෙන් ආපදාවට පත් 309ක් නාවික හමුදාව මුදාගනී
මාවිල්ආරු වැව් බැම්ම කැඩී යෑමෙන් ආපදාවට පත්ව සිටින පුද්ගලයින් 309 දෙනෙකු නාවික හමුදාව විසින් මුදාගෙන තිබේ.
ආපදා මැද රිය අනතුරු - තිදෙනෙකුට දිවි අහිමිවෙයි
රට පුරා සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් ආධාර කළමනාකරණයට හදිසි ඒකකයක්
ඇතිව තිබෙන ගංවතුර හා නායයෑම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සහන සේවා කළමනාකරණය කිරීම සහ විධිමත් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය එක්ව හදිසි සම්බන්ධීකරණ ඒකකයක් ස්ථාපිත කර තිබේ.
ජීවිතයට සමුදුන් ගුවන් නියමුවා ගැන සංවේදී සටහනක්
වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදුකළ හෙලිකොප්ටර් යානයේ සිට ජීවිතක්ෂයට පත්වූ ගුවන් නියමුවා පිළිබඳ ගුවන් හමුදාවෙන් විශේෂ සටහනක් තබා තිබේ.
නාගලගම්වීදිය ජල මාපකයේ ජල මට්ටම අඩි 8 ඉක්මවයි
කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් හංවැල්ල සහ ඒ ආශ්‍රිත පහළ ප්‍රදේශයේ මේ වනවිට අධි ගංවතුර තත්ත්වයක් පවතී.
මුලතිව් නයාරු පාලම කැඩීයයි
ජල ගැලීම් හේතුවෙන් මුලතිව් නයාරු ප්‍රධාන පාලම සම්පූර්ණයෙන්ම කැඩී ගොස් ඇති බව මුලතිව් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දුම්රිය කාලසටහන ගැන දැනුම්දීමක්
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 19ක් අද (01) දිනයේ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
ගැඹුරු පීඩන අවපාතය, කන්කසන්තුරය සිට කි.මී. 300ක් ඊසාන දෙසින්, අක්ෂාංශ 12.3°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත.
කොත්මලේ වේල්ල කැඩී ඇති බවට පළවන කටකතා අසත්‍යයි
කොත්මලේ වේල්ල කැඩී ඇති බවට පළවන පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව එම ජලාශය භාර කාර්යයේ නියුතු ඉංජිනේරුවයෙකු පැවසීය.
ජපානයේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්ත්වය ගැන ජපාන රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත තොරතුරු ලබාදීම සඳහා එරට විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායමක් දිවයිනට පැමිණියේය.
ලුණුවිල හෙලිකොප්ටර් අනතුරින් ගුවන් නියමුවා ජීවිතක්ෂයට
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටියදී අද (30) පස්වරුවේ ලුණුවිල ප්‍ර දේශයේ දී අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිදු වූ විපත් යථා තත්ත්වයට ගැනීම හෝ පෙර තිබුණාට වඩා දියුණු තත්ත්වයකට ගැනීම ආණ්ඩුව සතුයි - ජනපති
පවතින ආපදා තත්ත්වය කළමනාකරණය කරගනිමින්, වේගවත්, කාර්යක්ෂම, යළි ගොඩනැංවීමක් සඳහා අවශ්‍ය වෙන නීතිමය රැකවරණය සහ ප්‍රතිපාදන අවශ්‍යතාවයන් වෙනුවෙන් හදිසි නීතිය පැන වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මාවිල්ආරු මෙහෙයුම - පුද්ගලයින් 211දෙනෙකු ගුවන් හමුදාවෙන් බේරා ගැනේ
මාවිල්ආරු ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල රැදී සිටී පුද්ගලයින් 211දෙනෙකු ගුවන් හමුදාව විසින් මුදාගෙන තිබේ.
ප්‍රධාන මාර්ගයේ සංශෝධනය කළ දුම්රිය කාලසටහන
ප්‍රධාන දුම්රිය මාර්ගයේ සංශෝධනය කල දුම්රිය කාලසටහන නිවේදනය කල තිබේ.
ආපදා මරණ 334ක් - අතුරුදන් 370ක් - වැඩිම මරණ මහනුවරින්
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 334ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට ලක්වූ විදෙස් සංචාරකයින්ගේ තොරතුරු ගන්න දුරකථන අංක කිහිපයක්
උද්ගතව ඇති ආපදා තත්ත්වය හේතුවෙන් විදෙස් සංචාරකයින් වෙත තොරතුරු ලබාගැනීම සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.
විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු දෙසැම්බර් 8 දක්වා අත්හිටුවයි
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාගය යටතේ ක්‍රියාත්මක වන සියලු විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය පුහුණු ආයතන සියල්ලෙහි සියලු අධ්‍යයන කටයුතු 2025 දෙසැම්බර් 8 වන දින දක්වා අත්හිටුවන බව දැනුම් දී තිබේ.
හෙලිකොප්ටර් අනතුරින් තුවාල ලැබූ ගුවන් නියමුවන් රෝහලට
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවටපත් ජනතාව ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරත වූ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්ව තිබේ.
බෙල් 212 වර්ගයේ යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, ලුණුවිල සහ වෙන්නප්පුව අතර ප්‍රදේශයකදීය.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා රතු නිවේදනයක්
"දිට්වා '' [Ditwah] සුළිකුණාටුව කන්කසන්තුරය සිට 220 km ක් ඊසාන දෙසින්, අක්ෂාංශ 11.5°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජනපති අනුර අද රාත්‍රියේ ජාතිය අමතයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) රාත්‍රි 8.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.
අයහපත් කාලගුණයෙන් ජලාශවලට කිසිදු බලපෑමක් නැහැ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව
අයහපත් කාලගුණය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් කිසිදු ජලාශයකට හෝ ගංඟාවකට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු ඒ. ගුණසේකර මහතා පැවසීය.
ශ්‍රීපාද මළුවේ කිසිදු නායයෑමක් සිදුව නොමැත
ශ්‍රී පාද මළුවේ නායයෑමක් සිදු වී ඇති බවට සමාජ මාධ්‍යයන්හි පලවන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න හිමියෝ පැවසූහ.