header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කෘෂිකර්ම අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය පූර්ව සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
Jul 07, 202606:19 PM
කෘෂිකර්ම අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය පූර්ව සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
Mobitel 1278

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය ප්‍රතිපාදන අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජාතික පසු අස්වනු කළමණාකරණ ආයතනය ඇතුළු ආයතන මගින් 2026 වසරට අදාළව ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී වෙන් වෙන්ව විමසා බැලුණු අතර කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව මත ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු ආයතන පිළිබඳවද අවධානය යොමු විය.

එක් එක් ආයතන, දෙපාර්තමේන්තු සහ පළාත් පාලන ආයතන මගින් නඩත්තු කරන සියලු වාරි ව්‍යාපෘති දිස්ත්‍රික් මට්ටමින් ස්ථාපිත කරන ලද එක් ඒකකයක් මගින් නියාමනය කිරීමටත්, දිවයින පුරා සිදු කෙරෙන වාරි ප්‍රතිසංස්කරණ සිතියම්ගත කිරීමටත් ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

2026 අයවැය යටතේ වෙන් කරන ලද ප්‍රතිපාදන උපරිම ලෙස උපයෝජනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා කෘෂිකර්ම සහ කර්මාන්ත අංශවල තරුණ ව්‍යවසායකයන් වෙනුවෙන් ලබා දෙන අඩු පොලී බැංකු ණය පහසුකම් තවදුරටත් තරුණයන් අතර ප්‍රවර්ධනය කිරීමටද උපදෙස් දුන්නේය.

මේ වන විට විවිධ අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන ව්‍යාප්ත සේවාවන් ඒකාබද්ධව සහ විධිමත්ව පවත්වාගෙන යාමට අදාළ යෝජනා පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත්, පළාත් සභා සහ මධ්‍යම රජය අතර බාධාවකින් තොරව ක්‍රියාත්මක වීම සඳහා ඒ ඒ විෂයන් සම්බන්ධ වෙන වෙනම සාකච්ඡා පැවැත්වීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම අපනයන කෘෂි බෝග ප්‍රවර්ධනය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ඉහළ නංවා ගැනීම සඳහා නව යෝජනා සහ ව්‍යාපෘති ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

පසුගිය කාලය තුළ විදේශ ණය ආධාර යටතේ ආරම්භ කළ ව්‍යාපෘතිවල අවශ්‍යතාව මෙහිදී සමාලෝචනය කෙරුණු අතර ඒවා නිම කළයුතු කාලසීමාව ඉක්මවා ඇති බැවින් එම ව්‍යාපෘතිවල වැඩ කඩිනමින් අවසන් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දෙන ලදී. එමෙන්ම, ඉදිරියේදී විදේශ ණය යටතේ ආරම්භ කරන කිසිදු ව්‍යාපෘතියක් අවසාන ප්‍රතිඵලය පිළිබඳ අවබෝධයකින් තොරව අනුමත නොකළ යුතු බවද අවධාරණය කළේය.

පෙර වසරවල ආරම්භ කරනු ලැබූ ඇතැම් ව්‍යාපෘති නිසි කාලයට අවසන් නොවීම හේතුවෙන් රජයට විශාල වැය බරක් දැරීමට සිදුව ඇති බව මෙහිදී අවධාරණය කෙරුණු අතර, නිසි කලට අවසන් නොකළ ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීමටද තීරණය කෙරිණි.

එමෙන්ම දිගු කාලයක් තිස්සේ ප්‍රතිඵල රහිතව පවත්වාගෙන යන යල් පැන ගිය ව්‍යාපෘති සහ වැඩසටහන් වෙනුවට වඩාත් ඵලදායී කෘෂිකාර්මික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමද සාකච්ඡාවට ලක් විය.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana