මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය හොයන්න විමර්ශන කමිටුවක්

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය හොයන්න විමර්ශන කමිටුවක්

July 7, 2026   06:49 pm

මීගමුව බන්ධනාගාරයේ පසුගිය 05 වනදා සහ 06 වනදා ඇති වූ නොසන්සුන්තාව සහ ඊට හේතු වූ කරුණු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර වාර්තා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (07) විමර්ශන කමිටුවක් පත් කරන ලදී.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මෙම කමිටුව පත් කර තිබේ.

සෙසු කමිටු සාමාජිකයින් ලෙස සාමාජිකයන් ලෙස විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක, ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් යන මහත්වරු පත් කර තිබේ. මෙම විමර්ශන කමිටුවේ ලේකම්/කැඳවුම්කරු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් කේ.එල්. ඩී අසේල මහතා පත් කර ඇත.