උණුසුම් පුවත්
දෙසැම්බර් මාසයේ ඉන්ධන මිලේ වෙනසක් නෑ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදුකරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනය මෙවර සිදු නොකිරීමට තීරණය කර තිබේ.
ආපදා සහන සැලසීමට ජපානයෙන් විශේෂඥ කණ්ඩායමක් දිවයිනට
ආපදා සහන සැලසීම සඳහා ජපානයෙන් විශේෂඥ කණ්ඩායමක් අද (30) දිනයේ දිවයිනට පැමිණෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
අයහපත් කාලගුණයෙන් ඉන්දුනීසියාවේ මරණ 303ක් - 100කට වැඩි පිරිසක් අතුරුදන්
ඉන්දුනීසියාවට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 303ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මියගිය සංඛයාව තවදුරටත් ඉහළ යනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයක් ස්ථාපිත කිරීමට ජනපතිගෙන් උපදෙස්
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් ‘අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයක්’ ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබේ.
උසස් පෙළ ඇතුළු සියලු විභාගයන් දින නියමයක් තොරව කල් යයි
අ.පො.ස. උසස් පෙළ සහ පැවත්වීමට නියමිතව තිබූ සියලු විභාගයන් දින නියමයකින් තොරව කල් දමා තිබේ.
මාවිල්ආරු ප්‍රදේශයේ සිරවී සිටි 121ක් බේරා ගනී
මාවිල්ආරු ප්‍රදේශයේ සිරවී සිටි පුද්ගලයින් 121 දෙනෙකු ගුවන් හමුදාව විසින් බේරාගෙන තිබේ.
කොළඹ - නුවර ප්‍රධාන මාර්ග යක්කලින් වසා දැමේ
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය යක්කල ආයුර්වේදය අසලින් වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරීය පියවර ගෙන තිබේ.
ආපදා මරණ 193 දක්වා ඉහළට - 228ක් අතුරුදන්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ආපදා මරණ සංඛ්‍යාව මේ වනවිට 193ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ආපදාවට ලක්වූ සතුන් වෙනුවෙන් පශු වෛද්‍ය සහාය
ගංවතුරෙන් විපතට පත්වූ හෝ කොටු වී සිටින සුරතල් සතුන්, ගොවිපොළවල සිටින සතුන් හෝ වීථී සතුන් සඳහා පශු වෛද්‍ය සහාය ලබාදීමට ශ්‍රී ලංකා පශු වෛද්‍යවේදීන්ගේ සංගමය සුදානමින් සිටී.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ප්‍රකාශ පිළිබඳ නිරන්තර අවධානය යොමු කරන්න
මේ වන විට දිවයින තුළ ඇති සෑම ස්ථානයකම පස් තෙත්වී ඇති බැවින්, සමහර අවස්ථාවලදී නායයෑම් උවදුරු ඇතිවීමේ හැකියාවන් පවතින බැවින් සිය නිවෙස් කරා යාමේදී ඒ පිළිබඳ අවධානයෙන් පසු වීමේ වැදගත්කමද ඒ මහතා පෙන්වා දුන්නේය.
කළු ගඟේ ජල මට්ටම තවත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්
කළු ගඟ ද්‍රෝණිය තුළ පිහිටා ඇති පහත් බිම් ප්‍රදේශවලට බලපා ඇති ගංවතුර තත්ත්වය ඉදිරියේදී සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
වහල මත සවිකර ඇති සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්නැයි ඉල්ලීමක්
වහල මත සවි කර ඇති සූර්ය පැනල හිමිකරුවන් අද පස්වරු 3 දක්වා ස්වේච්ඡාවෙන් තම සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය එම හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඉහළ යන කැලණි ගඟේ ජල මට්ටම
කැලණි ගගේ ජල මට්ටම මේ වන විට ඉහළ යමින් පවතී.
වැලිමඩත් නායයෑමක් - 5ක් අතුරුදන්
වැලිමඩ, රේන්දපොළ ප්‍රදේශයේ නායයාමක් සිදුව තිබේ.
ආපදාවෙන් විනාශයට පත් ස්ථාන නැරඹීමට පැමිණීමෙන් වළකින්න
දිවයිනට බලපා තිබෙන හදිසි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විනාශ වූ සියලු මාර්ග සහ පාලම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ සියලු කටයුතු මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර තිබේ.
මාවිල්ආරු ජලාශය ආසන්නයෙන් ජනතාව ඉවත් කෙරේ
මාවිල්ආරු ජලාශයේ වැව් බැම්ම මතින් ජලය පිටාර යෑම හේතුවෙන් ඒ අවට ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඉවත් කිරීමට වහාම පියවර ගත් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් මහතා පවසයි.
ආපදාවෙන් විපතට පත් පවුල් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවයි
දිවයින පුරා ඇදහැලුණු අධික වර්ෂාපතනය හමුවේ ඊයේ පස්වරු 6 වන විට මෙරට පවුල් 234,503 ආපදාවට පත්ව ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා පවසයි.
මැල්සිරිපුර නායයෑමක් - මාස 3ක බිලිඳියක් ඇතුළු 5ක් මරුට
මැල්සිරිපුර, කඳුමල්ල ප්‍රදේශයේ කන්දක් නායයෑමෙන් මාස 3ක බිලිඳියක් ඇතුළු 5 දෙනෙකුට දිවි අහිමි වෙයි.
මාවනැල්ල කෝවිල් කන්ද ප්‍රදේශයේ නායයෑමකින් සිව්දෙනෙකු අතුරුදන්
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල කෝවිල් කන්ද ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබේ.
කොටුගොඩ උප විදුලි පොළ තාවකාලිකව ක්‍රියා විරහිත කෙරේ
කොටුගොඩ ප්‍රදේශයේ ඇතිවූ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් කොටුගොඩ ග්‍රිඩ් උපපොළ තාවකාලිකව ක්‍රියා විරහිත කර ඇති බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
ආපදා තත්ත්වය හේතුවෙන් ජපානයෙන් ශ්‍රී ලංකාවට හදිසි ආධාර
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑ ආපදාවට ප්‍රතිචාර වශයෙන් ජපානය මෙරටට හදිසි ආධාර ලබා දීමට තීරණය කර තිබේ.
ගුවන්තොටුපොළ වෙත එන මගීන්ට විශේෂ නිවේදනයක්
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය තවදුරටත් භාවිතා කරන ලෙස උපදෙස් දී තිබේ.
කැලණි ගඟේ ජල මට්ටම ඉහළට - ජනතාවට ඉවත්වන්නැයි උපදෙස්
කැලණි ගඟේ ජල මට්ටම මේ වනවිට ඉහළ යාම හේතුවෙන් ස්ථාන කිහිපයක වෙසෙන පහත්බිම්වල ජනතාවට ඉන් ඉවත් වන ලෙස නිවේදනය කර තිබේ.
කැලණි ගඟ ආශ්‍රිත පහත්බිම් තවමත් අවදානම් තත්ත්වයක
කැලණි ගඟ ආශ්‍රිතව පහත්බිම්වල වෙසෙන ජනතාව තවදුරටත් දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබේ.
මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ඉන්දීය හෙලිකොප්ටර් යානා 02ක්
ආපදා සහිත ප්‍රදේශවල අඛණ්ඩ සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට ඉන්දීය ගුවන් හමුදාවේ MI-17V5 හෙලිකොප්ටර් යානා දෙකක් ශ්‍රී ලංකාව වෙත ළඟා වී තිබේ.