උණුසුම් පුවත්
ගම්පොළ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
දින කිහිපයකට පසු ගම්පොළ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව වාර්තා වෙයි.
අඹතලේ ගංවතුර පාලන වේල්ල පිටාර ගැලීමේ අවදානමක්
කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යෑම සිදුවන බැවින් අඹතලේ ගංවතුර පාලන වේල්ල පිටාර ගැලීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.
අද තරගයේ දී ශ්‍රී ලංකා සහ පාකිස්තාන ක්‍රීඩකයින්ගෙන් විනාඩියක නිහඬතාවක්
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අද (29) පැවැත්වෙන අවසන් මහා තරගයේ දී කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබේ.
ආපදා තත්ත්වය හමුවේ බිඳවැටුණු සන්නිවේදන ජාල යථා තත්ත්වයට පත් කිරීමේ විශේෂ මෙහෙයුමක්
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික හා ආපදා තත්ත්වය හේතුවෙන් බාධාවට ලක්ව ඇති දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාල කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත යුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳ රජය සහ ප්‍රධාන පෙළේ විදුලි සංදේශ සමාගම් අතර සාකච්ඡාවක් අද (29) විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේදී පැවැත්විණි.
කොලොන්නාව, කඩුවෙල, සීතාවක සහ කොළඹ ජලගැලීම් ඉහළට
ඉදිරි පැය කිහිපයේ දී කොලොන්නාව, කඩුවෙල, සීතාවක, කොළඹ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගංවතුර තත්ත්වය ඉහළ යා හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පවසයි.
වරකාපොළ - කරවනැල්ල පාර නියදුරුපොළින් අවහිර වෙයි
වරකාපොළ - කරවනැල්ල ප්‍රධාන මාර්ගයේ නියදුරුපොළ ප්‍රදේශයේ මාර්ගයට අද (29) පස්වරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් ප්‍රදේශයෙන් මාර්ගය මේ වනවිට සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.
පන්නලට බලපෑ ගංවතුරින් වැඩිහිටි නිවාසයක සිටි 11ක් මරුට - 14ක් මුදාගැනේ
පන්නල, නාලවලාන ප්‍රදේශයට බලපෑ ගංවතුරින් වැඩිහිටි නිවාසයක සිටි 11 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
දිලිත් සර්වජන සෙනෙහස ක්‍රියාන්විතය දියත් කරයි - ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට ආහාර
මේ වනවිට රට තුළ ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වී සිටින ජනතාව සඳහා සහන සැලසීමේ සර්වජන සෙනෙහස ක්‍රියාන්විතය මේ වනවිට ක්‍රියාත්මකය.
කුරුණෑගල ස්ථාන තුනක් නායයයි
කුරුණෑගල ප්‍රදේශයේ ස්ථාන 03ක සිදු වූ නායයෑම්වලින් පුද්ගලයින් 09දෙනෙකු මියගොස් තවත් 24දෙනෙකු අතුරුදන්ව තිබේ.
කොලොන්නාවේ පුද්ගලයින් 109,090ක් බලපෑමට ලක්වෙයි
අයහපත් කාලගුණයෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 23,978ක පුද්ගලයින් 109,090ක පිරිසක් බලපෑමට ලක්ව ඇති බව කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා පැවසීය.
අද සවස දුම්රිය ගමන්වාර කිහිපයක්
පවතින අයහපත් කාලගුණය තත්ත්වය හමුවේ අද (29) සවස දුම්රිය ධාවන කාල සටහන නිවේදනය කර තිබේ.
තුල්හිරියේ නායයෑමක් - පුද්ගලයින් 21දෙනෙකු පමණ අතුරුදන්
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වරකාපොළ පොලිස් වසමේ තුල්හිරිය, මොන්රෝවියා වත්ත ප්‍රදේශයේ නායයාමක් සිදුව ඇත.
ආපදා මරණ 132ක් දක්වා ඉහළට
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදු වූ මරණ ගණන 132ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 2ක ආධාරයක්
ශ්‍රී ලංකාවේ හදිසි සහන කටයුතු සඳහා අමෙරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 2ක ආධාරයක් ලබාදීමට පොරොන්දු වී තිබේ.
මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කෙරේ
ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යෑම සඳහා මෙලෙස රට තුළ මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර තිබේ.
මුස්ලිම් පාසල් ආරම්භය ගැන විශේෂ නිවේදනයක්
දිවයිනේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් 27 වැනිදා සිට නිවාඩු ලබා දුන් සියලුම මුස්ලිම් පාසල්වල නිවාඩු දෙසැම්බර් 05 දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබේ.
ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට දැනුම්දීමක්
රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇති වී ඇති සන්නිවේදන බාධා හේතුවෙන් ගුවන් නියමුවන් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්
සුළි කුණාටු තත්ත්වය දිවයිනෙන් බැහැරට ගමන් කිරීමත් සමග සෘජු බලපෑම් ඉවත් වුවද, වක්‍ර බලපෑම් තවදුරටත් පවතින බවත්, ඒ හේතුවෙන් උතුර, උතුරු මැද, ඊසාන දිග සහ මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවන වර්ෂාපතනයක් ලැබීමේ හැකියාව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කරයි.
පස් කන්දක් ඉවත් කිරීමට ගිය RDA සේවකයින් පිරිසක් අනතුරට
වැලිමඩ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගවරම්මාන ප්‍රදේශයේදී මාර්ගයට කඩාවැටුණු පස් කන්දක් ඉවත් කිරීමට ගිය මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් අනතුරකට ලක්ව තිබේ.
මහවැලි පහළ නිම්නයේ අධි ගංවතුර අවදානමක්
මහවැලි ගඟේ ධාරා ප්‍රදේශවලට ලැබුණු අධික වැසි හේතුවෙන් මහවැලි ගංද්‍රෝණියේ පහල නිම්නයේ පිහිටි ප්‍රදේශ රැසක පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ යනු ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
රාජාංගනයේ සිර වී සිටි පුද්ගලයින් 33ක් ගුවන් හමුදාවෙන් බේරා ගනී
රාජාංගනය, ගිරිබාව ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් සිර වී සිටි පුද්ගලයින් 33 දෙනෙකු ගුවන් හමුදාව විසින් බේරාගෙන තිබේ.
ඉරණමඩු ජලාශයේ ජලය ගලා යන ඇළ මාර්ගයක පැති බැම්ම කැඩී යයි
ඉරණමඩු ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාපතනයත් සමඟ එහි වාන් දොරටු විවෘත කර තිබේ.
සහන සලසන මනුසත් දෙරණ ක්‍රියාන්විතය අඛණ්ඩව
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවටපත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක මනුසත් දෙරණ - ඩයලොග් සහන ක්‍රියාන්විතය අද (29) දෙවන දිනටත් ක්‍රියාත්මක වෙයි.
අලවතුගොඩ නායයෑමක් - විශාල පිරිසක් අතුරුදන්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමඟ අලවතුගොඩ පොලිස් වසමේ අංකුඹුර ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබේ.
කොළඹ ජල සැපයුම ගැන නිවේනදයක්
කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් අඹතලේ ජල පවිත්‍රාගාරයේ කටයුතුවලට බලපෑම් එල්ලවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.