header logo
SLIC
උණුසුම් පුවත්
මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 19 දක්වා ඉහළට - යළි නොසන්සුන් තත්ත්වයක්
Jul 06, 202612:30 PM
මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 19 දක්වා ඉහළට - යළි නොසන්සුන් තත්ත්වයක්
EDEX

------------- 12.39 ------------- Update

මීගමුව බන්ධනාගාරය තුළ අද (06) ඇතිවූ ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර බන්ධනාගාරය ඇතුළත සහ ඉන් පිටත නැවතත් උණුසුම්කාරී තත්ත්වයක් උද්ගතව ඇති බව අප වාර්තාකරු සඳහන් කර සිටී.
----------------------

මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

ඒ අතර බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනෙක් සහ රැඳවියන් සිව් දෙනෙකු සිටින බව වාර්තා වේ.

මේ වන විට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය, බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී ගැටුම්කාරී තත්වය සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව අප වාර්තාකරු පැවසීය.

මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළුව තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර සිටී.

මීගමුව රෝහල පැවසුවේ, මිය ගිය අයගේ හා තුවාල ලැබූ ඇතැමුන්ගේ සිරුරවල වෙඩි ප්‍රහාරවලින් සිදුවූ තුවාලද දක්නට ලැබුණු බවය.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අද උදෑසන සංවිධානාත්මකව සිදුකළ පහරදීම්වලින් මෙම ගැටුම හටගත් අතර තත්ත්වය පාලනයට වෙඩිතැබීමටද ආරක්ෂක අංශවලට සිදුවුණි.

අද උදෑසන මෙම සිද්ධිය ඇතිවූයේ ඊයේ (05) බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන් තත්ත්වය මැදියම් රැය වන විට පාලනය කර තිබූ පසුබිමකය.

කෙටිකාලීන සිරකරුවන් හා රිමාන්ඩ් සැකකරුවන් 1,800කට අධික පිරිසක් රඳවා සිටින මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගත්තේ ඊයේ පස්වරුවේය.

එම ගැටුමින් රැඳවියන් දෙදෙනකු මිය ගොස් තවත් 34 දෙනකු තුවාල ලැබීය.

මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදුන් බව කියන සිද්ධියක් මුල් කරගනිමින් මෙම ගැටුම ඇති වූ බව සඳහන්ය.

පසුව බන්ධනාගාරයේ කාන්තා සහ පිරිමි රැදවියන් පිරිසක් එහි වහල මත නැග විරෝධතාවකද නිරත වූ අතර එහි සිවිලිම කඩාවැටීමෙන් ඇදවැටුණු රැඳවියන් සිව්දෙනෙකුද තුවාල ලබා රෝහල්ගත කෙරුණි.

උද්ගත වූ මෙම තත්ත්වය පාලනය සඳහා ඊයේ රාත්‍රී බන්ධනාගාර පරිශ්‍රය වෙත පොලිසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාවද කැඳවනු ලැබීය.

බන්ධනාගාරය තුළ කළහකාරී ලෙස හැසිරුණු රැඳවියන් මීගමුව බන්ධනාගාරය තුළ පිහිටි රෝහල කඩා එහි වූ ඖෂධ පැහැරගෙන ඇති බව එහි බලධාරීන් පවසයි.

එසේම ඔවුන් එහි ශරීර සුවතා මධ්‍යස්ථානයේ දොරටු කඩා එහි වූ යකඩ සිය ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා යොදාගෙන ඇති බව ද වාර්තා වේ.

කෙසේවෙතත් ඊයේ පස්වරුවේ ඇතිවූ තත්ත්වය හමුවේ රැඳවියන් අවි පැහැගනීයැයි ඇතිවූ සැකය මත බන්ධනාගාර නිලධාරීන් ඊයේ රාත්‍රියේම අවි ගබඩාවේ තිබූ ගිනිඅවි ඉන් ඉවත් කරගෙන තිබේ.

අද අලුයම් කාලයේ සන්සුන් ස්වරූපයෙන් සිටි රැඳවියන් උදෑසන යළි සංවිධානාත්මකව බන්ධනාගාර නිලධාරීන්ට අමානුෂික අයුරින් පහරදී ඔවුන්ගේ ජංගම දුරකථන පැහැරගෙන ඇති බව වාර්තා වේ.

බලධාරීන් බන්ධනාගාර දැඩිව පාලනය කිරීමට විරෝධය පාමින් ඔවුන් මෙම පහරදීම් සිදුකර ඇති බව ආරක්ෂක අංශ පවසයි.

මෙම ගැටුම ඇති වූ බන්ධනාගාරයේ විවිධ අපරාධ කල්ලිවලට සම්බන්ධ පාතාල සාමාජිකයන් 26 දෙනකු සිටින බව සඳහන්.

ආරක්ෂක අංශ පවසන්නේ මේ ගැටුම මෙහෙයවා ඇත්තේ බන්ධනාගාරය තුළ දඬුවමට යටත්ව සිටින කටුවැල්ලේගම සුරේෂ් නමැත්තා බවය.

ඔහු කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙක් වන අතර තියුණු ආයුධවලින් පහරදීම, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ අලෙවිය ඔහුට එරෙහි චෝදනා වේ.

මෙම පුද්ගලයාට 2016 වසරේදී නාරම්මල ප්‍රෙද්ශයේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ නමකට හා එහි සහායකයාට පහරදී බැඳ දමා චෛත්‍යයකට හානි කිරීමේ චෝදනාවක්ද එල්ල වී තිබේ.

මීගමුව මහාධිකරණයේ ඔහුට එරෙහි නඩුවක් විභාග වෙමින් තිබෙන බවද සඳහන්.

ඔහු දැනට බන්ධනාගාරගතව සිටින්නේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාළවයි.

https://youtu.be/SAFKx28hw-o
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ