header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත
Jul 06, 202602:05 PM
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත
Mobitel 1278

මීගමුව බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත කඩිනමින් මාරු කර යැවීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගනිමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ අද (06) උදෑසන රැඳවියන් අතර නැවතත් ගැටුමක් හටගෙන ඇති අතර, එය මැඩපැවැත්වීමට ගිය බන්ධනාගාර නිලධාරීන්ට රැඳවියන් පහරදීමට පටන් ගෙන ඇති බවය.

එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් ප්‍රධාන දොරටුව දෙසට දිව විත් ඇති අතර, රැඳවියන් ඔවුන් පන්නාගෙන අවිත් පහරදීමක් සිදු කර තිබේ.

එහිදී රැඳවියන් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව කැඩීමට ද උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අවම බලය යොදා රැඳවියන් පාලනය කිරීමට කටයුතු කර ඇත.

බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ අද උදෑසන රැඳවියන්ට ආහාර ලබාදීමට ගිය අවස්ථාවේදී මෙලෙස පහරදීම සිදුකර ඇති බවය.

"අද උදේ වරුවේ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන්ට උදෑසන ආහාරය ලබාදීමට ගිය අවස්ථාවේදී, රැඳවියන් අතර ඇති වූ ඝට්ටනයක් මුල් කරගෙන නැවත වරක් ආරවුලක් හටගත්තා. එහිදී ඒ අවස්ථාවේ සිටි බන්ධනාගාර නිලධාරීන් එය පාලනය කිරීමට උත්සාහ කළා. පාලනය කිරීමට ගිය නිලධාරීන්ට එම රැඳවියන් කණ්ඩායම් විසින් නැවතවරක් පහර දුන්නා.ඔවුන් නිලධාරීන් පිටුපසින් හඹා ගෙන ඇවිත්, බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව අසලදීත් පහරදීම් සිදු කළා. ඒ අතරතුර දොරටුව කැඩීමටත් උත්සාහ කර තිබෙනවා.

රැඳවියන් ප්‍රධාන පිවිසුම් දොරටුව කැඩීම වැළැක්වීම සඳහා ඔවුන් එතැනින් ඉවත් කිරීමට නිලධාරීන් උත්සාහ කළත්, විශාල රැඳවියන් පිරිසක් එකතු වී නැවත වරක් නිලධාරීන්ට පහර දෙන්න දී තිබෙනවා. ඒ අවස්ථාවේදී අපේ අනෙකුත් නිලධාරීන් විසින් අවම බලය යොදා තත්ත්වය මැඩපැවැත්වීමට කටයුතු කළා.

ඒ අනුව දැනට නිලධාරීන් කිහිපදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. එයින් කිහිපදෙනෙකු මියගොස් ඇති බවටත් වාර්තා වෙනවා. තවද රැඳවියන් ප්‍රමාණයක් ද රෝහල් ගත කර ඇති අතර, ඔවුන්ගෙනුත් කිහිපදෙනෙකු මියගොස් ඇති බව මේ වන විට වාර්තා වී තිබෙනවා.

මේ වන විටත් බන්ධනාගාරය තුළ යම්කිසි උණුසුම් තත්ත්වයක් පවතිනවා. කෙසේ වෙතත් බන්ධනාගාර දොරටුව අපේ පාලනය යටතේ තබා ගනිමින්, ඇතුළත තත්ත්වය ද යම් දුරකට පාලනය කිරීමට අප සමත් වී තිබෙනවා. දැනට බන්ධනාගාරය තුළ විශේෂ ආරක්ෂාවක් ද ස්ථාපිත කර තිබෙනවා."

ප්‍රශ්නය: කාන්තා බන්ධනාගාර රැඳවියන් පිරිසක් වහලය මතට නැඟී, විසි දෙනෙකු මැරූ බවට චෝදනා කරමින් වාර්තාවක් ඉල්ලනවා. ඒ වගේම පොඩි දරුවන්ට කන්න දෙන්නේ නැහැ කියලත් ඔවුන් චෝදනා කරනවා නේද?

"ඔව්, නමුත් මේ සිදුවීමට ඒක අදාළ කාරණයක් නෙමෙයි. මොකද මේ ගැටුම ඇති වුණේ සැකකරුවන් රඳවා සිටින පිරිමි බන්ධනාගාර කොටසේ දෙපිරිසක් අතරයි. පාතාලය සහ මත්ද්‍රව්‍යවලට අදාළව ඇති වෙච්ච ගැටුමක් මේක. එතකොට මේක කාන්තා අංශයට කිසිසේත්ම බලපාන්නේ නැහැ. නමුත් ඔවුන් මේකට සහයෝගයක් දැක්වීමක් වශයෙන් වෙනත් ආකාරයකට මෙලෙස කටයුතු කරන බව මේ අවස්ථාවේදී කියන්න පුළුවන්."

ප්‍රශ්නය: අද දිනයේදී මේ බන්ධනාගාරයේ සිටින කිසියම් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමක් සිදු වෙනවාද?

"දැනට ඒ සම්බන්ධව යෝජනාවක් තිබෙනවා. අපි ඉදිරියේදී ඒ සම්බන්ධව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා."

ප්‍රශ්නය: බන්ධනාගාර රැඳවියන්ගේ දෙමාපියන් සහ ඥාතීන් විශාල පිරිසක් අවිවේකීව බලා සිටිනවා. ඔවුන්ට මේ වෙලාවේ දිය හැකි පණිවිඩය කුමක්ද?

"නැහැ, මේ වෙලාවේ ඔවුන්ට කියන්න තියෙන්නේ කිසිදු කලබලයක් ඇති කරගත යුතු නැති බවයි. අපි මේ අවස්ථාවේදී රැඳවියන් වෙනුවෙන් කරන්න පුළුවන් සියලු ආරක්ෂිත කටයුතු කරනවා. මේ වන විට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා ඇතුළු කණ්ඩායමකුත් බන්ධනාගාරය වෙත පැමිණ සිටිනවා."

ප්‍රශ්නය: මේ බන්ධනාගාරයේ දැනට රැඳවියන් කීදෙනෙක් පමණ සිටිනවාද?

"මේ වන විට රැඳවියන් 2,400කට ආසන්න ප්‍රමාණයක් මෙහි රඳවා සිටිනවා."

https://www.youtube.com/watch?v=zuRv9j53xfw
MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana