උණුසුම් පුවත්

ජනපති නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව  AI Impact Summit 2026  සඳහා සහභාගි වීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (17) පස්වරුවේ නවදිල්ලි නුවර ඉන්ධිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය. 

(0)Comments | February 17, 2026  8:31 pm

IMF කළමනාකරණ අධ්‍යක්ෂිකාව ආර්ථිකයේ ඉදිරිය ගැන අද දෙරණට කියයි

ඉතාම කෙටිකාලයකදී ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් අත්කරගෙන ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය පවසන්නීය. 

(0)Comments | February 17, 2026  8:06 pm

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 152 කින් සම්මත විය. 

(0)Comments | February 17, 2026  7:43 pm

අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

තලංගම අකුරේගොඩදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටපත් වූ අදාළ සොහොයුරන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද (17) ඉදිරිපත් කළේය.

(0)Comments | February 17, 2026  7:34 pm

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

අකුරේගොඩදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට යොදාගත් ආයුධ ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන තවත් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | February 17, 2026  6:30 pm

අල්ලස් ගත් වැඩබලන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරියක අත්අඩංගුවට

දියණියගේ උප්පැන්න සහතිකය ලියාපදිංචි කර ගැනීමට පැමිණි අවස්ථාවේදී ඒ සඳහා රුපියල් 1,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් රුපියල් 500ක් ලබා ගත් ආලයවඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩබලන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරියක අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | February 17, 2026  6:24 pm

මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

(0)Comments | February 17, 2026  5:44 pm

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියදුරන් තීරණය කර තිබේ.

(0)Comments | February 17, 2026  5:25 pm

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සහයෝගීතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික ප්‍රතිපත්ති සංවාදය පිළිබඳ සහයෝගීතා ගිවිසුමක් (Memorandum of Cooperation - MoC) අත්සන් කර තිබේ.

(0)Comments | February 17, 2026  5:21 pm

IMF ප්‍රධානියා ජනපති හමුවෙයි

මෙරට තෙදින සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ඇතුළු නියෝජත පිරිස සමඟ අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්විණි.

(0)Comments | February 17, 2026  5:10 pm

මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගෙන ආ හේතුව ඇමති විජිත පහදයි

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව වෙත ගෙන එන ලැබුවේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවට ලබාදුන් පොරොන්දුව ප්‍රායෝගිකව ඉටු කිරීමේ පියවරක් බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

(0)Comments | February 17, 2026  4:51 pm

බංග්ලාදේශයේ නව අගමැතිවරයා දිවුරුම් දෙයි

බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායක තාරීක් රෙහ්මාන් එරට 11 වැනි අගමැතිවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබුණි.

(0)Comments | February 17, 2026  4:50 pm

ජින්තුපිටියේ වෙඩි තැබීම වළක්වා නොගත්තැයි අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් නිලධාරීන් දෙදෙනාට ඇප

පසුගියදා ජින්තුපිටිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. 

(0)Comments | February 17, 2026  4:49 pm

අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ ඡායාරූප භාවිත කර කූඨ ලෙස මුදල් එකතු කළ චීවරධාරියෙක් අත්අඩංගුවට

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි හා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක යන මහත්වරුන්ගේ ඡායාරූප භාවිත කරමින් ව්‍යාජ වට්ස්ඇප් ගිණුම් සකසා කූඨ ලෙස මුදල් එකතු කළ චීවරධාරියෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් අද (17) අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | February 17, 2026  4:23 pm

BIMSTEC විද්වත් කමිටුවේ සමාරම්භක රැස්වීම ශ්‍රී ලංකාවේ දී

රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ බිම්ස්ටෙක් (BIMSTEC) විද්වත් කමිටුවේ සමාරම්භක රැස්වීම  2026 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන්  ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

(0)Comments | February 17, 2026  4:04 pm

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගැන තවම අවසන් එකඟතාවයක් නෑ

කොළඹ තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) සම්බන්ධයෙන් JICA ආයතනයේ අවසන් එකඟතාවය තවම ලබාදී නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

(0)Comments | February 17, 2026  3:24 pm

කොළඹ විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවක්

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාල අසල ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

(0)Comments | February 17, 2026  3:18 pm

ශ්‍රම වාසනා අරමුදල ඈවර කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ශ්‍රම වාසනා අරමුදල ඈවර කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යොජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

(0)Comments | February 17, 2026  2:51 pm

‘ගංගා වැලි’ වෙනුවට ‘සියුම් සමාහාරක’ යෙදුම

ඉදිකිරීම් කර්මාන්තයට අදාළ ව 'ගංගා වැලි' (River Sand) යන යෙදුම වෙනුවට 'සියුම් සමාහාරක' (Fine Aggregate) යන යෙදුම ආදේශ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

(0)Comments | February 17, 2026  2:48 pm

කැබිනට් තීරණ මෙතැනින්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබේ.

(0)Comments | February 17, 2026  2:21 pm

ජනපති දිවයිනෙන් පිටව යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ පැවැත්වෙන කෘතිම බුද්ධිය පිළිබද AI Impact ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සඳහා අද (17) පස්වරුවේ පිටව ගොස් තිබේ.

(0)Comments | February 17, 2026  2:19 pm

අකුරේගොඩ ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අකුරේගොඩදී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට, ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සහෝදරයන් දෙදෙනා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා හෙට (18) දින දක්වා රඳවා තබා ගැනීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර ලබා දී තිබේ.

(0)Comments | February 17, 2026  2:18 pm

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

(0)Comments | February 17, 2026  2:10 pm

අකුරේගොඩ ඝාතනයට අත්අඩංගුවට ගත් සොහොයුරන් අද අධිකරණයට

අකුරේගොඩදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සොහොයුරන් දෙදෙනා අද (17) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(0)Comments | February 17, 2026  1:42 pm

අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

අකුරේගොඩදී පසුගියදා වෙඩි ප්‍රහාරයක් එල්ල වී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය වූ ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

(0)Comments | February 17, 2026  12:01 pm