උණුසුම් පුවත්

පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යුහුසුළුව මැදිහත්වන්න - ජනපතිගෙන් මන්ත්‍රීවරුන්ට උපදෙස්

ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමග දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බැවින් ජීවිත හානි වළක්වා ගැනීම සහ ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදාවට සහ අවදානමට ලක්වූ දිස්ත්‍රික්කවල මහජන නියෝජිතයන්ට උපදෙස් දී තිබේ.

(0)Comments | November 27, 2025  12:38 pm

වහාම ඉවත්වන්න - දිස්ත්‍රික්ක 7කට නායයෑම් රතු නිවේදන

දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් සඳහා ජනතාවට වහාම ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ.

(0)Comments | November 27, 2025  12:36 pm

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට තැන් කිහිපයකින් බාධා

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේට්වෙස්ටන් හා වටගොඩ අතර දුම්රිය මාර්ගයේ පසුකඳු කඩා වැටී ඇති බව වාර්තා වේ.

(0)Comments | November 27, 2025  12:17 pm

ලොව HIV ආසාදිතයින් අඩුවන විට මෙරට HIV ආසාදිතයින් ඉහළට

ගෝලීය වශයෙන් සලකා බැලීමේදී  HIV ආසාදිතයින් වාර්තාවීම අඩුවීමක් පෙන්නුම් කළ ද ශ්‍රී ලංකාවේ  HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

(0)Comments | November 27, 2025  12:13 pm

පක්ෂ නායක රැස්වීමෙන් පසු පාර්ලිමේන්තු කටයුතු ගැන තීරණයක්

අද (27) සවස 2ට පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

(0)Comments | November 27, 2025  11:28 am

උසස් පෙළ විභාගය සෙනසුරාදාත් අවලංගුයි - විකල්ප දින මෙන්න

සෙරසුරාද දිනයේද  (29) අපොස උසස් පෙළ විභාගය නොපවැත්වෙන බව දැනුම් දී තිබේ.

(0)Comments | November 27, 2025  11:13 am

ඉන්දුනීසියාවේ භූකම්පනයක් - මුහුදුබඩ ජනතාවට විමසිලිමත් වන්නැයි දැනුම්දීමක්

ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රා හි රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන තිබේ.

(0)Comments | November 27, 2025  11:12 am

සියලුම මුස්ලිම් පාසල්වලට අද සහ හෙට නිවාඩු

දිවයිනෙහි පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද (27) සහ හෙට (28) දෙදින සියලූම මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කර ඇත.

(0)Comments | November 27, 2025  11:09 am

ආපදා මරණ 31 දක්වා ඉහළට

රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගතවූ දින 10ක කාලය තුළ ආපදා මරණ 31ක් සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව පසුගිය නොවැම්බර් මස 17 වන දින සිට අද (27) දක්වා දිස්ත්‍රික්ක 17කට ආපදාවට ලක්ව ඇති අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 79ක් ආපදාවට ලක්ව ඇත.

(0)Comments | November 27, 2025  10:43 am

කටුගස්තොට විද්‍යාර්ථ විද්‍යාලීය ක්‍රීඩාංගණයේ පැති බැම්මේ කොටසක් කඩා වැටෙයි

කටුගස්තොට පොලිස් වසමේ විද්‍යාර්ථ විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ පැතිබැම්මේ කොටසක් ඊයේ (26) රාත්‍රියේ කඩා වැටී ඇත.

(0)Comments | November 27, 2025  10:34 am

පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය නතර කරයි

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයේ ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා සියලුම රථවාහන සඳහා ගමනාගමනය අද (27) දින සිට නැවතදැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් වසා තැබීමට කටයුතු කර ඇත. 

(0)Comments | November 27, 2025  10:33 am

වලපනේ නායයෑමකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට

නුවරඑළිය වලපනේ ප්‍රදේශයේ සිදුවු නායයෑමකින් පුද්ගලයන් 4 දෙනෙක් ජිවිත්ක්ෂයට පත්ව ඇති බව නුවරළිය දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

(0)Comments | November 27, 2025  10:19 am

බහාලුම් 323 ගැන විමර්ශනයක් කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

නිති පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර ඇති බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා පවසයි.

(0)Comments | November 27, 2025  10:15 am

ආපදාවන්ට ලක්වූ සියලු දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් කැඳවීමක්

ආපදාවට ලක්වූ සියලු දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) උදෑසන 9.30ට විශේෂ රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුවට කැඳවා තිබේ.

(0)Comments | November 27, 2025  9:39 am

බෙන්තර පැරණි පාලම කඩා වැටෙයි

වසාදාමා තිබු බෙන්තර පැරණි පාලමේ දකුණු කොටස ඊයේ (26) රාත්‍රියේ කඩා වැටී තිබේ.

(0)Comments | November 27, 2025  9:28 am

උතුරු මැද මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

පවත්නා අධික වර්ෂාව හේතුවෙන් උතුරු මැද පළාතේ ද මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇති අතර වාහන ගමනාගමන සීමාකර ඇතැයි පොලීසිය පවසයි.

(0)Comments | November 27, 2025  9:11 am

අයවැය විවාදය ඇරඹෙයි

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට අයවැය විවාදය ආරම්භ කර තිබේ.

(0)Comments | November 27, 2025  9:04 am

බදුල්ලේ නායයෑම්වලින් මිය ගිය ගණන 11ක් දක්වා ඉහළට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 7ක සිදුවූ නායයෑම්වලින් මියගිය ගණන 11ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(0)Comments | November 27, 2025  8:54 am

21 රැලියට ගෙන ගිය උදිත ලොකුබණ්ඩාරගේ පිස්තෝලය පොලිස් භාරයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර සතුව තිබූ පිස්තෝලයක් නුගේගොඩ පොලිස් අපරාධ කොට්ඨාශය විසින් සිය භාරයට ගත බව පොලීය පවසයි.

(0)Comments | November 27, 2025  8:17 am

බදුල්ලේ ස්ථාන 6ක නායයෑම් - 4ක් මරුට - 9ක් අතුරුදන්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 6ක සිදුවූ නායයෑම්වලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

(0)Comments | November 27, 2025  7:30 am

සියලුම දුම්රිය ධාවනයන්ට අයහපත් කාලගුණයෙන් බාධා

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සියලු දුම්රිය ධාවනයන් සඳහා බාධා එල්ල වී ඇති බව දැනුම් දී ඇත.

(0)Comments | November 27, 2025  7:21 am

දැදුරු ඔය සහ කුඹුක්කන් ඔය පහළ ප්‍රදේශවලට අධි ගංවතුර තත්ත්වයක්

පවතින වර්ෂාපතනයත් සමඟ දැදුරුඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | November 27, 2025  7:04 am

අද සහ හෙට උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණයක්

අද (27) සහ හෙට (28) අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය තීරණය කර තිබේ.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇතිවී තිබෙන ආපදා තත්ත්වයන් හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

(0)Comments | November 27, 2025  6:50 am

යෝෂිතගේ ඩේසි ආච්චි ගැන මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියෝගයක්

නඩුවකට පෙනී සිටීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් සුදුසු මානසික තත්ත්වයකින් පසු වන්නේදැයි පරික්ෂා කර බලා මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

(0)Comments | November 27, 2025  6:45 am

උතුරු මැද හා වයඹ පළාත්වලට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට මි.මී 200 ඉක්මවූ වැසි

උතුරු මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් මි.මී.200 ට වැඩි සහ උතුරු, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිය.

(0)Comments | November 27, 2025  6:22 am