කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවෙන් දැවැන්ත ලකුණු පුවරුවක්

කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවෙන් දැවැන්ත ලකුණු පුවරුවක්

July 5, 2026   07:01 am

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද (05) පැවත්වීමට නියමිතව තිබේ.

දෙවන දිනය සඳහා තරගය නතර කරනවිට සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු රැස්කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 58කි. 

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 491ක් පිටුපසින් සිටින්නේ කඩුලු 09ක් අතැතිවය. 

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 09ක් දැවි ලකුණු 549ක් ලබාසිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළහ.

එහිදී ශ්‍රී ලංකා වෙනුවෙන් ලහිරු උදාර ලකුණු 188ක්, සොනාල් දිනූෂ ලකුණු 92ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 84ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 69ක් රැස්කළහ.

පන්දුයැවීමේදී ජේඩන් සීල්ස් සහ ශමර් ජෝසප් කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත්වූහ.

මෙම තරගය පැවැත්වෙන්නේ, ඇන්ටිගුවාහිදීය.