
ස්පාඤ්ඤයේ, ටොලිඩෝ ප්රදේශයේදී අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී අද (28) සිදුවූ අනතුරෙන් මියගිය ගණන 64ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම තවත් 80කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට බලධාරීන් තහවුරු කර ඇත.
මැඩ්රිඩ් සිට සෙවිල් දක්වා එකම දිශාවට ගමන්කරමින් තිබූ අතරවාරයේ මෙම අනතුර සිදුවිය.
එක් මාර්ගයක නවත්වා තිබූ දුම්රියක පිටුපස කොටසේ අධික වේගයෙන් පැමිණි අනෙක් දුම්රිය ගැටී ඇති අතර, ඉන් නවත්වා තිබූ දුම්රියේ මැදිරි දෙකක් පීලි පැනීමට ලක්ව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ එක් දුම්රියක මගීන් 397ක් සහ අනෙක් දුම්රියේ මගීන් 147 දෙනෙකු ගමන් කරමින් සිට ඇත.
කෙසේ නමුත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
වෛද්ය හෙලිකොප්ටර් යානා, ගිලන්රථ, හමුදා හදිසි බලකායන්, ගිනි නිවන භටයින් සහ පොලිසිය එක්ව දැවැන්ත සහන සේවාවක් ක්රියාත්මක කරන අතර, සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීමේ කටයුතු තවදුරටත් සිදු කෙරේ.
තුවාල ලැබූවන් ප්රදේශයේ විවිධ රෝහල් වෙත යොමු කර ඇති අතර, අසල පිහිටි උර්ඩා නගරයේ ක්රීඩා මණ්ඩපයක් ද තුවාලකරුවන්ට ප්රතිකාර කිරීම සඳහා සූදානම් කර තිබේ.



















































