උණුසුම් පුවත්

නීතිවිරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් නීතිය හමුවට

නාවික හමුදාව විසින් පසුගිය ජූනි මස 16 වැනිදා සිට 30 වැනිදා දක්වා වූ කාල  සීමාව තුළ දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකළ මෙහෙයුම් මගින් නීති විරෝධී ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු කළ පුද්ගලයින් 27 දෙනෙකු නීතිය හමුවට පමුණුවා තිබේ.

(0)Comments | July 4, 2026  2:31 pm

වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

සූරියපුර ජනසවිවැව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

(0)Comments | July 4, 2026  2:19 pm

ටෙහරානය එකම හිස්ගොඩක් වෙයි - ආරක්ෂාවත් තර කෙරේ

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතොල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය අද (4) අලුයම සිට නිල වශයෙන් ආරම්භ විය.

(0)Comments | July 4, 2026  1:33 pm

හෙට සිට බස්නාහිර පළාතේ විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්

බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි හෙට (05) සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

(0)Comments | July 4, 2026  1:14 pm

ඩෙංගු මර්දනයට ත්‍රිවිධ හමුදාව පෙරමුණට

ඩෙංගු උවදුරෙන් ජනතාව මුදාගැනීමේ ජාතික ප්‍රයත්නයට සක්‍රීය දායකත්වය ලබාදෙමින්, ත්‍රිවිධ හමුදාවේ පූර්ණ සහභාගිත්වයෙන් යුත් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් බස්නාහිර පළාත කේන්ද්‍ර කරගමිනින් අද (04) පෙරවරුවේ ආරම්භ විය.

(0)Comments | July 4, 2026  12:52 pm

ඩෙංගු මඩින්න කඩුවෙලින් අපූරු වැඩක්

ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව කඩුවෙල මහ නගර සභාව විසින් 'කුණු පොළ' නමින් සුවිශේෂී ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

(0)Comments | July 4, 2026  12:13 pm

කොළඹින් ඩෙංගු රෝගීන් 12,017ක් - සමස්ත මරණ ගණන 39ක් දක්වා ඉහළට

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 12,000 ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඒ අනුව රෝගීන් 12,017ක් වාර්තා වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 20.43%කි.

(0)Comments | July 4, 2026  11:32 am

කොත්තු, රයිස් මිල රුපියල් 15කින් පහළට

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීම හේතුවෙන් ආපනශාලා ආහාර මිල ගණන්ද පහළ දමන බව සමස්ත ලංකා ආපනාශාලා හිමියන්ගේ සංගම පවසයි.

(0)Comments | July 4, 2026  11:24 am

අධිකරණයේ ස්වාධීනත්වය ගැන ජනපතිගේ ප්‍රකාශයට 'සත්‍ය ගවේශකයෝ' ප්‍රතිචාර දක්වයි

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය සඳහා විනිසුරුවන් පත්කිරීම විධායකය විසින් ප්‍රමාද කිරීමට අදාළව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළ සිදුකළ ප්‍රකාෂය, රටේ පවතින නීතියේ ආධිපත්‍යට පටහැනි බව සත්‍ය ගවේශකයෝ සංවිධානය පෙන්වා දෙයි.

(0)Comments | July 4, 2026  10:45 am

ඩෙංගු වැඩි වුණොත් සරසවි වැසෙන ලකුණු?

විශ්වවිද්‍යාල තුළ ඩෙංගු රෝගීන් පොකුරු වශයෙන් වාර්තා වුවහොත් සෞඛ්‍ය අංශවල උපදෙස් මත විශ්වවිද්‍යාල වසාදැමීමට පියවර ගන්නා බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය පවසයි.

(0)Comments | July 4, 2026  9:50 am

සා.පෙළ විභාගයට මාර්ගගත ක්‍රමයට අයදුම්පත් කැඳවීම ඇරඹෙයි - අවසන් දිනය ජූලි 23

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2026) විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම ජූලි මස 3 වන දින සිට 23 දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | July 4, 2026  9:04 am

ඊජිප්තුව සහ ආර්ජන්ටිනාව අවසන් 16ට

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 32 දෙනාගේ වටයේ පැවැති තීරණාත්මක තරග ද්විත්වයකින් ජයග්‍රහණ අත්කර ගැනීමට ප්‍රබල ආර්ජන්ටිනාව සහ ඊජිප්තුව සමත් විය. 

(0)Comments | July 4, 2026  8:14 am

ශ්‍රී ලංකා රේගුව මුල් මාස 6ට ආදායම් ඉලක්කය ඉක්මවා යයි

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය තුළ රුපියල් බිලියන 1373.7ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ.

(0)Comments | July 4, 2026  7:40 am

සැමියාගෙන් පහර කෑ 29 හැවිරිදි බිරිඳ මරුට 

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ 29 හැවිරිදි බිරිඳ මියගොස් තිබේ.

(0)Comments | July 4, 2026  7:00 am

කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්

ළහිරු උදාර රැස්කළ විශිෂ්ට ශතකය හේතුවෙන් බ.ඉ. කොදෙව්වන්ට එරෙහි දෙවැනි තරගයේ පළමු දිනට තරගය නිමාකරන විට කඩුලු 5ක් දැවී ලකුණු 338ක් රැස්කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

(0)Comments | July 4, 2026  6:44 am

කොළඹ ප්‍රදේශ රැසකට අද පෙරවරු 9 සිට පැය 12ක් ජලය කැපෙයි 

කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට අද (04) පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

(0)Comments | July 4, 2026  6:31 am

අදත් ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

අද (4) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | July 4, 2026  6:21 am

ලොවේ ආදරය දිනූ ශ්‍රේතා සහ ඇගේ ඉත්තෑ මිතුරා

පුංචි දරුවන්ගේ ලෝකය හැමවිටම අහිංසක මෙන්ම අතිශය සුන්දරය. ඒ සුන්දර ලෝකය තවත් හැඩකළ අපේ රටේ පුංචි දියණියකට අද මුළු ලෝකයක්ම ආදරය කරයි.

(0)Comments | July 3, 2026  10:41 pm

ලාෆ්ස් ගෑස් මිලත් පහළට

අද (3) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිලද පහළ දමා තිබේ.

(0)Comments | July 3, 2026  9:47 pm

කමේනිගේ අවමංගල උත්සවයට නි. කථානායක හා රවුෆ් හකීම් එක්වෙති

අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක රිස්වි සාලි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහභාගි වී තිබේ.

(0)Comments | July 3, 2026  9:04 pm

'හරක් කටා'ගේ බිරිඳගෙන් අල්ලස් ගනිද්දී විජයදාසත් ඩුබායි ඉඳලා

හරක් කටාගේ බිරිඳගෙන්, රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් අල්ලසක් ලබාගත් බව කියන අවස්ථාවේදී විජයදාස රාජපක්ෂ මහතා ද ඩුබායි හි රැඳී සිට ඇති බව අල්ලස් කොමිසම අද (3) අධිකරණය හමුවේ සඳහන් කළේය.

(0)Comments | July 3, 2026  8:32 pm

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (3) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දමන බව එම සමාගම නිවේදනය කර තිබේ.

(0)Comments | July 3, 2026  7:52 pm

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - ඉසිතට ටෙස්ට් වරම්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බ.ඉ. කොදෙව් සංචාරය අවසන් කරමින් පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

(0)Comments | July 3, 2026  7:17 pm

කරන්නාගොඩ අද අත්අඩංගුවට ගත් නඩුවේ සම්පූර්ණ විස්තරය

හිටපු නාවික හමුදාපති ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් කොමිසම විසින් අද (03) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

(0)Comments | July 3, 2026  7:15 pm

වවුනියාව නගරාධිපති ඉවත් කළ ගැසට්ටුව මහාධිකරණය අත්හිටුවයි

වවුනියාව නගරාධිපති සුන්දරලිංගම් කාණ්ඩිපන්ව ධුරයෙන් ඉවත් කර උතුරු පළාත් ආණ්ඩුකාරවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීම නියෝගයක් නිකුත් කර තිබේ.

(0)Comments | July 3, 2026  6:53 pm