header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කරන්නාගොඩ අද අත්අඩංගුවට ගත් නඩුවේ සම්පූර්ණ විස්තරය
Jul 03, 202607:15 PM
කරන්නාගොඩ අද අත්අඩංගුවට ගත් නඩුවේ සම්පූර්ණ විස්තරය
Mobitel 1278

හිටපු නාවික හමුදාපති ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් කොමිසම විසින් අද (03) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සුදුසුකම් නොමැතිව නාවික හමුදාවට බඳවාගැනීම සම්බන්ධයෙන් කරන විමර්ශනයට අදාළවය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර හිටපු නාවික හමුදාපතිවරයා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරුණු අතර ඔහුට විදේශ ගමන් තහනමක්ද පනවා තිබේ.

නියමිත සුදුසුකම් සපුරා නොතිබියදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ 2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක ශිෂ්‍යභට අංශයට නිලධාරීයෙකු ලෙස බඳවා ගැනීම සහ එතෙක් පැවති ක්‍රියාපටිපාටියෙන් පරිබාහිරව ඔහු බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා යොමුකිරීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ වන විට විමර්ශනයක් සිදු කරයි.

එහි පළමු සැකකරු ලෙස පසුගිය ජුනි 17 වනදා අත්අඩංගුවට ගැනුණු යෝෂිත රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැරිණි.

එම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා හිටපු නාවික හමුදාපති ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් කොමිසමට අද (03) කැඳවා තිබුණි.

ප්‍රකාශ ලබාගැනීමෙන් පසු එම කොමිසම විසින් හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර හිටපු නාවික හමුදාපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර අල්ලස් කොමිසම වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ රුවිනි වික්‍රමසිංහ මහත්මිය අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළාය.

"ස්වාමිනි, සුදුසුකම් ඇති ඉල්ලුම්කරුවන්ට අවස්ථාව අහිමිකරමින් සුදුසුකම් නොමැතිව යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවාගැනීම සම්බන්ධයෙනුයි මෙම පැමිණිල්ල. නාවික නිලධාරීන් සඳහා බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පවත්වන පුහුණු පාඨමාලාවක් සඳහා සිවිල් පුරවැසියෙක් විදිහට සිටි යෝෂිත රාජපක්ෂගේ නම යොමු කරලා තියෙන්නේ මේ සැකකරු. ඔහු එවකට නාවික හමුදාපතිවරයා. යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවාගන්න ලහිලහියේ කටයුතු සුදානම් වෙද්දි මොහු අවස්ථා දෙකකදී යෝෂිත රාජපක්ෂ බඳවාගැනීමට නියමිත අංශය වූ විධායක ශිෂ්‍යභට අංශයේ බඳවාගැනීමේ සුදුසුකම් නිර්ණායක වෙනස් කරලා තියෙනවා. සෙසු අයදුම්කරුවන්ගේ අධ්‍යාපන සහතිකපත් අධ්‍යාපන සුදුසුකම් පරික්ෂා කිරීමට විභාග දෙපාර්තමේන්තුවට යැව්වාට යෝෂිත රාජපක්ෂගේ අධ්‍යාපන සහතිකපත් එලෙස යවා නැහැ. පළමු අවස්ථා සුදුසුකම් වෙනස් කර පුවත්පත් දැන්වීම් පළ කිරීමෙන් පසුවද, අවම සුදුසුකමක් වූ සාමාන්‍ය පෙළ සිංහල විෂයට සම්මාන සාමාර්ථයක් තිබිය යුතු වීමේ සුදුසුකම යෝෂිත රාජපක්ෂට තිබී නැහැ. ඔහුට තිබී ඇත්තේ සිංහල විෂයට සාමාන්‍ය සාමාර්ථයක් නැතිනම් S සාමාර්ථයක්. පසුව දෙවන වරටත් මෙම සැකකරු යෝෂිත රාජපක්ෂ බඳවාගැනීමට හැකිවන සේ ඔහුගේ සුදුසුකම්වලට සරිලන ලෙස බඳවාගැනීමේ සුදුසුකම් වෙනස්කර තිබෙනවා."

මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා පැමිණිල්ලෙන් සැකකරුට අප ලබාදීමට පැමිණිල්ල විරුද්ධදැයි මෙසේ විමසා සිටියේය.

" සිද්ධිමය කරුණු බැලුවාම වරදක් වී ඇති බවට සාධාරණ සැකයක් මතුවන කරුණු ඇතැයි පැහැදිලියි. මේ අවස්ථාවේ ප්‍රශ්නගතවෙලා තියෙන්නේ ඇප සම්බන්ධයෙන්. සැකකරුට ඇප ලබාදීමට පැමිණිල්ල විරුද්ධද?"

ඊට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ නිලධාරිනිය, විමර්ශන අවසන් අදියරේ පවතින බවත්, ප්‍රකාශ කිහිපයක් සටහන් කිරීමට නියමිත බැවින් එතෙක් සැකකරුට ඇප ලබාදීමට විරුද්ධ බවත් සඳහන් කළේය.

එහිදී සැකකාර හිටපු නාවික හමුදාපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇප අයැද සිටියේය.

"ස්වාමිනි, එවකට යුද්ධය පැවති සමයේ සීමිත පිරිසක් හමුදාවට බැඳුණේ. බඳවාගැනීම් වැඩිකරන්න ආරක්ෂක කවුන්සිලයෙන් තීරණය කළා. යුද හමුදාවට 50,000ක්, නාවික හමුදාවට 25,000ක් සහ ගුවන් හමුදාවට 15,000ක් බඳවාගත්තා. රටේ ජනාධිපතිවරයාගේ පුතා හමුදාවට බැඳෙන එක අනෙක් දෙමව්පියන්ට තම දරුවන් හමුදාවට බැඳෙන්න උත්තේජනයක් සපයන නිසයි මේ බඳවාගැනීම සිද්ධවුණේ. මේ සැකකරු විවාහකයි. ඔහුට දරුවන් නැහැ. ඔහුගේ බිරිඳ දැඩි ලෙස අසාධ්‍යව රෝගිව ඉන්නේ. මොහු රිමාන්ඩ් කළොත් ඇයව බලාගන්න පවුලේ කවුරුත් නැති වෙනවා. එබැවින් මොහු ඇපමත මුදා හරින්න කියලා මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. "

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සැකකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට නියෝග කළේය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කෙරුණු අතර නීති කෘත්‍ය එළඹෙන අගෝස්තු 04 වැනිදා යළි කැඳවීමට නියමිතය.

MostRead
Mobitel 1278
VideoStories
පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana