උණුසුම් පුවත්

තනිකමින් පෙළෙන තනිකඩයින්ට රොබෝ සහකරුවෙක්

චීනයේ ප්‍රමුඛ පෙළේ රොබෝ තාක්ෂණ සමාගමක් වන UBTech, මානව සබඳතා සහ නවීන තාක්ෂණය මුසු කරමින් සුවිශේෂී රොබෝවරුන් පෙළක් වෙළෙඳපොළට හඳුන්වාදීමට පියවර ගෙන තිබේ. 

(0)Comments | July 3, 2026  5:24 pm

වෙළඳසැලක් බිඳ ජංගම දුරකතන සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

හොරණ, අඟුරුවාතොට මාර්ගයේ පිහිටි ජංගම දුරකතන අලෙවිසැලකට ඇතුළු වී රුපියල් ලක්ෂ 22ක පමණ වටිනාකමින් යුත් ජංගම දුරකතන සොරාගත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | July 3, 2026  4:47 pm

වී වේලන යන්ත්‍ර 50ක් සමුපකාර සමිතිවලට

දිනකට වී මෙට්‍රික් ටොන් 10කට ආසන්න ප්‍රමාණයක් වේලීමේ ධාරිතාවය සහිත, රුපියල් මිලියන 10ක් පමණ වටිනා නවීන තාක්ෂණික වී වේලන යන්ත්‍ර 50ක් දිවයින පුරා පිහිටි සමුපකාර සමිති වෙත ප්‍රදානය කිරීමට රජය තීරණය කර ඇත.

(0)Comments | July 3, 2026  4:18 pm

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. 

(0)Comments | July 3, 2026  4:16 pm

රඛිත, චරිත් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් 

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනා එළැඹෙන ජූලි 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (3) නියම කළේය.

(0)Comments | July 3, 2026  3:54 pm

කරන්නාගොඩ අධිකරණයට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අද (03) අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.

(0)Comments | July 3, 2026  3:13 pm

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඇල්ල රාවණා ඇල්ල පහළ ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී තිබේ.

(0)Comments | July 3, 2026  2:32 pm

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

(0)Comments | July 3, 2026  2:25 pm

ඉහළ යන බස් ගාස්තුව මෙන්න

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුව එළැඹෙන 05 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

(0)Comments | July 3, 2026  2:19 pm

මොජ්ටාබා අලි කමේනි මිය ගිහින්ද - ලොවටම සැකයක්

ඝාතනයට ලක්වූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍යය හුදෙක් ශෝකාකූල උත්සවයක් පමණක් නොව, දැඩි සැක සංකා සහ අබිරහස් පිරුණු එකක් බවට පත්ව ඇත්තේ වත්මන් උත්තරීතර නායක සහ අලි කමේනිගේ පුත් මොජ්ටාබා අලි කමේනි එ‍යට සහභාගී නොවන බව වාර්තා වීමත් සමඟය.

(0)Comments | July 3, 2026  2:05 pm

අර්බුද මැද නම් කෙරුණු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ.

(0)Comments | July 3, 2026  1:53 pm

ජූලි 07 සිට 10 දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

පාර්ලිමේන්තුව ජූලි 07 සිට 10 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.

(0)Comments | July 3, 2026  1:50 pm

පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40ක් මරුට

පාකිස්තානයේ බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 

(0)Comments | July 3, 2026  1:18 pm

මාතර නාවිමන සංස්කෘතික මධ්‍යස්ථානය ජාත්‍යන්තර සාගර විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට සැලසුම්

අතරමඟ නතර වී ඇති මාතර නාවිමන දකුණු ආසියානු සංස්කෘතික මධ්‍යස්ථානය ජාත්‍යන්තර මට්ටමේ සාගර විශ්වවිද්‍යාලයක් ලෙස සංවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳ නව අවධානයක් යොමුව තිබේ.

(0)Comments | July 3, 2026  12:33 pm

කොළඹ තවත් ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ තවත් ප්‍රදේශ කිහිපයක් සඳහා හෙට (04) දිනයේදී පැය 12ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

(0)Comments | July 3, 2026  11:40 am

මෙරට සෞඛ්‍ය සේවාවට තවත් 2652ක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය කාර්ය සහායක, රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර, ක්‍‍ෂේත්‍ර මදුරු මර්දන සහායක, සුළුසේවා පාලක වෘත්තිකයින් 2652කට ඉදිරි මාසය තුළ පත්වීම් ප්‍රදානයට පියවර ගෙන තිබේ. 

(0)Comments | July 3, 2026  11:35 am

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | July 3, 2026  11:22 am

බදු මුදල්වලින් වැඩි ප්‍රමාණයක් ගොවින් වෙනුවෙන් වැය කරන බව ඇමති ලාල් කියයි 

මෙරට බදු මුදල්වලින් වැඩිම මුදලක් වියදම් කරනු ලබන්නේ ගොවි ජනතාව වෙනුවෙන් බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. 

(0)Comments | July 3, 2026  11:08 am

ඩෙංගු රෝගීන් 57,000 ඉක්මවයි - ගත වූ පැය 24 තුළ රෝගීන් 1,253ක්

වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 57,000 ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිවේදනය කරයි.

(0)Comments | July 3, 2026  10:57 am

ගොවි විරෝධයක් හේතුවෙන් A9 මාර්ගය වසා දැමෙයි

ගොවි විරෝධයක් හේතුවෙන් A9 මාර්ගය රඹෑව මංසන්දියෙන් වසා දැමීමට පියවර ගෙන තිබේ.

(0)Comments | July 3, 2026  10:55 am

යෝෂිතගේ ප්‍රතිශෝධන පෙත්සමක් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය අද (03) නිෂ්ප්‍රභ කළේය.

(0)Comments | July 3, 2026  10:27 am

ඩෙංගු අධි වසංගත තත්ත්වය තවදුරටත්

ඩෙංගු අධි වසංගත තත්ත්වය තවමත් පාලනය වී නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

(0)Comments | July 3, 2026  10:24 am

රඛිත, චරිත් ඇතුළු තිදෙනා අධිකරණයට රැගෙන එයි

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන හිටපු සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අඅරුණ වරුෂහැන්නදිගේ යන තිදෙනා මේ වනවිට අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.

(0)Comments | July 3, 2026  8:46 am

පෘතුගාලය හමුවේ ක්‍රොඒෂියාව දණ නමයි - ස්පාඤ්ඤයෙන් ඔස්ට්‍රියාවට දැවැන්ත ප්‍රහාරයක්

පාපන්දු ක්‍රීඩාලෝලීන්ට අස්වැසිල්ලක් එක් කරමින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ නායකත්වයෙන් යුත් පෘතුගාල කණ්ඩායම මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට අද (03) සුදුසුකම් ලබා ගත්තේය.

(0)Comments | July 3, 2026  8:35 am

එංගලන්ත කාන්තා පිල ලෝක කුසලාන අවසන් මහා තරගයට

කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලකුණු 40කින් පරාජය කළ එංගලන්ත කාන්තා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තාය.

(0)Comments | July 3, 2026  7:28 am