කරන්නාගොඩ අධිකරණයට
July 3, 2026 03:13 pm
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අද (03) අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.
හිටපු නාවික හමුදාපතිවරයා අද පෙ.ව. 10.05ට පමණ අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් එම කොමිෂන් සභා පරිශ්‍රයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ චෝදනා කිහිපයක් මුල් කරගනිමින්ය.
2006 වසරේ නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේදී, නියමිත සුදුසුකම් සපුරා නොතිබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාව එම තනතුරට බඳවා ගැනීම ඔහුට එරෙහි එක් චෝදනාවක්ය.
අනෙක් චෝදනාව වන්නේ එවකට පැවති පිළිගත් ක්‍රමවේදයෙන් බැහැරව රජයේ මුදල් වැය කරමින් යෝෂිත රාජපක්ෂට බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට සහභාගී වීමට අවස්ථාව සලසා දීමය.
