කොළඹ තවත් ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12ක ජල කප්පාදුවක්
July 3, 2026 11:40 am
කොළඹ තවත් ප්‍රදේශ කිහිපයක් සඳහා හෙට (04) දිනයේදී පැය 12ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ හෙට පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මෙම ජල කප්පාදුව සිදුවන බවය.
ඒ අනුව දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත සහ සොයිසාපුර යන ප්‍රදේශ සඳහා මෙම ජල කප්පාදුව සිදු වනු ඇත.
ජල සම්පාදන මණ්ඩලය මින් පෙර පැවසුවේ කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව සහ පිළියන්දල යන ප්‍රදේශවලට හෙට උදෑසන 9.00 සිට පැය 12ක ජල කප්පාදුවක් සිදුවන බවය.
විදුලිබල සැපයුම් පද්ධතිය ආශ්‍රිතව සිදු කරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය අත්හිටුවීම හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කෙරේ.
