header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මොජ්ටාබා අලි කමේනි මිය ගිහින්ද - ලොවටම සැකයක්
Jul 03, 202602:05 PM
මොජ්ටාබා අලි කමේනි මිය ගිහින්ද - ලොවටම සැකයක්
Mobitel 1278

ඝාතනයට ලක්වූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍යය හුදෙක් ශෝකාකූල උත්සවයක් පමණක් නොව, දැඩි සැක සංකා සහ අබිරහස් පිරුණු එකක් බවට පත්ව ඇත්තේ වත්මන් උත්තරීතර නායක සහ අලි කමේනිගේ පුත් මොජ්ටාබා අල් කමේනි එ‍යට සහභාගී නොවන බව වාර්තා වීමත් සමඟය.

ඉරාන උත්තරීතර නායකයාගේ නියෝජිත අයතුල්ලා හකීම් එලාහි ප්‍රකාශ කරන්නේ, ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි තර්ජන සහ ආරක්ෂක අවදානම් හේතුවෙන් නව නායකයා ප්‍රසිද්ධියේ පෙනී සිටීම අනතුරුදායක බව ආරක්ෂක අංශ තක්සේරු කර ඇති බවය.

නමුත්, ඒ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය සහ දේශපාලන විචාරකයින් පළ කර ඇති අදහස් මේ වනවිට ලැව්ගින්නක් සේ පැතිර යමින් පවතී.

ඒ, නව නායක මොජ්ටාබා මේ වන විටත් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව ඇතිද, නැතහොත් ඔහු දරුණු අනතුරකට මුහුණ දී සිටින්නේද යන්න පවතින සැකය මතය.

මාස 4කට පසු ඇරඹෙන අයතුල්ලා අලි කමේනිගේ අවසන් ගමන

1989 වසරේ සිට, එනම් වසර 35කට අධික කාලයක් ඉරාන ඉස්ලාමීය ජනරජයේ නිරපේක්ෂ පාලකයා සහ ආධ්‍යාත්මික නායකයා ලෙස කටයුතු කළ අයතුල්ලා අලි කමේනි, 86 හැවිරිදි වියේ පසුවන අවස්ථාවේදී පෙබරවාරි 28 වැනිදා ඝාතනයට ලක්විය.

අමෙරිකා-ඊශ්‍රායල සන්ධානය විසින් ටෙහෙරාන් අගනුවර මර්මස්ථාන ඉලක්ක කරමින් එල්ල කළ ප්‍රබල ගුවන් ප්‍රහාරයකින් සිදු වූ මෙම ඝාතනය, මුළු මහත් ඉස්ලාමීය ලෝකයම මවිතයට පත් කළේය.

යුද්ධයේ බිහිසුණු බව හමුවේ මාස හතරකට අධික කාලයක් රහසිගතව තබා තිබූ ඔහුගේ දේහය, ඉකුත්දා ප්‍රථම වතාවට ටෙහෙරාන් හි ඉමාම් කමේනි ග්‍රෑන්ඩ් මොසල්ලා දේවස්ථානයේදී මහජන ගෞරවය සඳහා විවෘත කෙරුණේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ නෙත් අගට කඳුළු එක් කරමිනි.

අමෙරිකාවට දෙන දේශපාලන පණිවිඩය

මෙම අවමංගල්‍ය උත්සවයේ කාලසටහන දෙස බැලීමේදී ඉරානය විසින් බටහිර ලෝකයට සූක්ෂ්ම දේශපාලන පණිවිඩයක් නිකුත් කරමින් සිටින බව පෙනී යයි.

ඒ, මෙම දින 6ක අවමංගල්‍ය උත්සවයේ ආරම්භය, තමන්ට ප්‍රහාර එල්ල කිරීමට පෙරමුණ ගත් අමෙරිකා එක්සත් ජනපදයේ 250 වැනි නිදහස් දිනය යෙදෙන ජූලි 4 වැනිදාට යොදා තිබීමයි.

ජූලි 9 වැනිදා දක්වා පැවත්වෙන මෙම අවසන් ගමන ඉරාන ඉතිහාසයේ දැවැන්තම මහජන ගංගාවන්ගෙන් එකක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මිලියන 20කට අධික ජනකායක් සහභාගී වනු ඇතැයි අනුමාන කෙරෙන මෙම අවමංගල්‍යයේ ගමන, ඉස්ලාමීය සංස්කෘතික සහ දේශපාලන වටිනාකම් කියාපාන්නකි.

මිත්‍ර රටවල සහයෝගය

පවතින දැඩි යුදමය සහ ආරක්ෂක තර්ජන මධ්‍යයේ වුවද, ඉරානයේ කලාපීය මිත්‍රත්වය ප්‍රදර්ශනය කරමින් පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් මෙම අවස්ථාවට සහභාගී වන බව සහතික කර ඇත.

එමෙන්ම ලෝක බලවතුන් වන චීනය සහ ඉන්දියාව ද සිය ඉහළ පෙළේ රාජ්‍ය නියෝජිතයින් මේ සඳහා පිටත් කර හැරීමට කටයුතු යොදා තිබේ.

අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍යය යනු ඉරානයේ එක් යුගයක නිමාවකි.

මිලියන සංඛ්‍යාත ජනතාවකගේ හඬා වැලපීම්, අමෙරිකාවට එරෙහි දේශපාලන සටන් පාඨ සහ නව නායකත්වයේ අබිරහස් අතුරුදන්වීම් මැද සිදුවන මෙම අවසන් ගමන, ඉදිරි මැදපෙරදිග දේශපාලනයේ මීළඟ පරිච්ඡේදය කුමක්ද යන්න තීරණය කරන තීරණාත්මක සන්ධිස්ථානයක් වනු නොඅනුමානය.

MostRead
Mobitel 1278
VideoStories
පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana