header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පෘතුගාලය හමුවේ ක්‍රොඒෂියාව දණ නමයි - ස්පාඤ්ඤයෙන් ඔස්ට්‍රියාවට දැවැන්ත ප්‍රහාරයක්
Jul 03, 202608:35 AM
පෘතුගාලය හමුවේ ක්‍රොඒෂියාව දණ නමයි - ස්පාඤ්ඤයෙන් ඔස්ට්‍රියාවට දැවැන්ත ප්‍රහාරයක්
Mobitel 1278

පාපන්දු ක්‍රීඩාලෝලීන්ට අස්වැසිල්ලක් එක් කරමින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ නායකත්වයෙන් යුත් පෘතුගාල කණ්ඩායම මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට අද (03) සුදුසුකම් ලබා ගත්තේය.

ඒ, තියුණු තරගයකින් අනතුරුව ක්‍රොඒෂියාව ගෝල 2-1ක් ලෙස පරාජය කරමිනි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම අවධානයක් දිනාගත් තරගයක් වූ පෘතුගාලය සහ ක්‍රොඒෂියාව අතර තරගය ටොරොන්ටෝ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ක්‍රීඩාලෝලීන් 40,000කට අධික පිරිසක් තරගය නැරඹීම සඳහා පැමිණ සිටි අතර, දෙපිලම පළමු අර්ධයේදී ගෝලයක් වාර්තා කිරීමට අපොහොසත් විය.

දෙවැනි අර්ධයේ 53 වැනි මිනිත්තුවේදී ඉවාන් පෙරිෂිච් ක්‍රොඒෂියාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේ පෘතුගාල ප්‍රේක්ෂකාගාරය නිහඬ කරමිනි.

61 වැනි මිනිත්තුවේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෝලයක් වාර්තා කළ ද, එය අවලංගු කිරීමට තරග විනිසුරු තීරණය කළේය.

කෙසේ වෙතත්, 66 වැනි මිනිත්තුවේදී පෘතුගාලයට හිමි වූ දඬුවම් පහර සාර්ථක කරගත් රොනාල්ඩෝ සිය කණ්ඩායම වෙනුවෙන් සමකරන ගෝලය වාර්තා කළේය.

තරගය අවසන් වීමට මිනිත්තු හතරක් පමණ තිබියදී ගොන්සාලෝ රාමෝස් පෘතුගාලය වෙනුවෙන් ජයග්‍රාහී දෙවැනි ගෝලය වාර්තා කළේය.

අවසන් මොහොතේ ක්‍රොඒෂියාව තවත් ගෝලයක් වාර්තා කළ ද, එය ද අවලංගු කෙරුණු අතර, ගෝල 2-1ක ජයක් සමඟ පෘතුගාලය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.

එම වටයේදී පෘතුගාලය ස්පාඤ්ඤය සමඟ තරග වැදීමට නියමිතය.

තරගයෙන් අනතුරුව රොනාල්ඩෝ ඇතුළු පෘතුගාල කණ්ඩායම පසුගිය වසරේ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ පෘතුගාල ජාතික කණ්ඩායමේ ක්‍රීඩක ඩියෝගෝ ජෝටා සිහිපත් කළහ.

මේ අතර, වසර 16කට පසු පළමු වරට ලෝක කුසලාන තරගාවලියේ පිළිමලුන් පිටුදැකීමේ වටයේ තරගයක් ජය ගනිමින් ස්පාඤ්ඤය ද අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.

අවසන් 32 දෙනාගේ වටයේ 11 වැනි තරගය ලෙස ස්පාඤ්ඤය සහ ඔස්ට්‍රියාව අතර තරගය ලොස් ඇන්ජලීස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරගයේ පළමු මිනිත්තු 35 තුළ කිසිදු කණ්ඩායමකට ගෝලයක් වාර්තා කිරීමට නොහැකි විය.

36 වැනි මිනිත්තුවේදී මිකෙල් ඔයාර්සාබාල් ස්පාඤ්ඤය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ අතර, එම ගෝලයත් සමඟ පළමු අර්ධය ගෝල 1-0ක් ලෙස ස්පාඤ්ඤයේ වාසියෙන් අවසන් විය.

දෙවැනි අර්ධයේදී පෙඩ්‍රෝ පොරෝ ස්පාඤ්ඤයේ දෙවැනි ගෝලය වාර්තා කළ අතර, 88 වැනි මිනිත්තුවේදී යළිත් ගෝලයක් රැස් කළ මිකෙල් ඔයාර්සාබාල් ස්පාඤ්ඤයේ ජය තහවුරු කළේය.

ඒ අනුව ගෝල 3-0ක විශිෂ්ට ජයක් වාර්තා කළ ස්පාඤ්ඤය ද අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.

MostRead
Mobitel 1278
VideoStories
පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana