කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

July 5, 2026   11:46 am

තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව මධ්‍යම, උතුරු, උතුරුමැද පළාත් සහ රත්නපුර, හම්බන්තොට, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ.

ඉදිරි පැය 24 සඳහා මෙය වලංගු වන අතර, අදාළ ප්‍රදේශවල විටින් විට පැ.කි.මි 40 – 50 පමණ තද සුළං ඇති විය හැකිය.